Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ ‘අච්චාරු’ ආසියාවෙන්ම මුල් තැනට තේරී පත් වුණා ද?

    2022-10-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා නාමය ලොව වෙත ගෞරවයක් එක් කරමින් යහපත් අයුරින් ප්‍රචලිත වනවා නම් ශ්‍රී ලාංකිකයන් ලෙස අප බොහෝ සෙයින් ඒ පිළිබඳව සතුටු වන්නෙමු. මේ දිනවල වීථි ආහාර සංස්කෘතිය ලංකාවේ ද නගරබද ව ප්‍රචල

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකා නාමය ලොව වෙත ගෞරවයක් එක් කරමින් යහපත් අයුරින් ප්‍රචලිත වනවා නම් ශ්‍රී ලාංකිකයන් ලෙස අප බොහෝ සෙයින් ඒ පිළිබඳව සතුටු වන්නෙමු. මේ දිනවල වීථි ආහාර සංස්කෘතිය ලංකාවේ ද නගරබද ව ප්‍රචලිත වෙමින් පවතින අතර, ආසියාවේ රසවත්ම වීථී ආහාර ලෙස ශ්‍රී ලංකාවේ අච්චාරු පළමු තැනට තේරීපත් වූ බවට සඳහන් වූ නොමගයන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ලංකාවේ අච්චාරු ආසියාවෙන්ම මුල් තැනට තේරී පත් වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා.

    Facebook | Archived Link Archived Link

    මෙම තේමාවෙන් පළ වූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍යයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවයි.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ආසියාවේ රසවත්ම වීථි ආහාරය ලෙස පළමු තැනට ශ්‍රී ලංකාවේ අච්චාරු තේරී පත් වී ඇත්ද යන්න පිළිබඳ විමසා බැලීම සඳහා අප ජාත්‍යන්තර මාධ්‍ය ධාරා ඔස්සේ නිරීක්ෂණයක් සිදු කළා.

    මෑතකදී එනම්, සැප්තැම්බර් මාසයේදී සිදු කරන ලද ආසියාවේ රසවත්ම වීථි ආහාර තෝරා පත් කිරීමක් ලෙස පෙන්වා තිබූ ජාත්‍යන්තර වාර්තාවක (ප්‍රධාන මාධ්‍ය නොවන) මෙරට කිසිදු ආහාරයක් තෝරා පත් වී ඇති බවට සඳහන් කර නොතිබුණි. ඒ පිළිබඳ වාර්තා මෙතනින් සහ ‍මෙතනින්. Archived Link | Archived Link

    සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වී තිබුණේ CNN වාර්තාවක්

    ලංකාවේ හුවමාරු වන සටහන් සඳහා මුලික වී තිබුනේ පසුගිය අගෝස්තු 24 වන දා ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍යක් වන CNN පුවත් සේවයේ වෙබ් අඩවියේ පළ කරන ලද වාර්තාවක්. එහි ආසියාවේ රසවත්ම වීථි ආහාර 50 සම්බන්ධවයි විස්තර දක්වා තිබුණා.

    නමුත් එම සටහනේ මෙම ආහාර වර්ග පළවන, දෙවන, තෙවන ස්ථානය ලෙස ශ්‍රේණිගත කිරීමක් සිදු නොකර තිබුණු අතර එම සටහනේ සඳහන් කර තිබුණේ, එහි දක්වා ඇති ආසියාවේ රසවත් හා බොහෝ ප්‍රිය කරන ලද ආහාර වර්ග 50 ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙලට (Alphabetical order) දක්වා ඇති බවයි. ඒ අනුව කිසිදු ශ්‍රේණිගත කිරීමක් මෙහිදී සිදු නොකර ඇති බව තහවුරු වෙනවා.

    CNN | Archived Link

    එමෙන්ම ඉංග්‍රීසි හෝඩියේ අකාරාදි පිළිවෙළට එම ආහාර වර්ග දක්වා ඇති බවට ද, එම සම්පූර්ණ වාර්තාව පරීක්ෂා කිරීමේ දී ද පෙනී යනවා.

    මෙහිදී අච්චාරු – ‘Achcharu’ ලෙසින් එහි දක්වා ඇති නිසා එම සටහනේ ප්‍රථමයෙන්ම සඳහන් වී ඇති මෙරට ආහාර වර්ගය පිළිබඳවයි.

    ශ්‍රී ලාංකාවේ අච්චාරු පලතුරු සහ එළවළු භාවිතා කොට පැණිරස, ඇඹුල් සහ සැර අච්චාරු පරිපූර්ණ වීථී ආහාරයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. දේශීය කුළු බඩු, මිරිස්, කහ, සීනි සහ ලුණු සමග පදම් කර ඇති දිව්‍ය රසයක් ඇති කලාපයෙන් කලාපයට වෙනස් වන ශ්‍රී ලංකා අච්චාරු  ඒවා, වෙරළු, දිවුල්, අන්නාසි, ඇඹරැල්ලා, අඹ, කොස් හෝ වම්බටු විය හැකි බවයි CNN පුවත් සේවය සඳහන් කරන්නේ.

    එමෙන්ම ඉංග්‍රීසි හෝඩියේ ආකාරාදී පිළිවෙළය ඔවුන් දක්වා තිබූ ආහාර වර්ග අතර ශ්‍රී ලංකාවේ ‘ආප්ප’ ද, මෙහිදී ආසියාවේ රසවත් වීථි ආහාර 50 ඇතුළට එකතු වී තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ ආප්ප උදෑසන ආහාරයක් ලෙස කදිම බවත්, ප්ලේන් ආප්ප සහ බිත්තර ආප්ප සාමාන්‍යයෙන් චට්නි, පොල් සම්බල් සහ බොහෝ ව්‍යංජන වර්ග සමග ආහාරයට ගැනීමට හැකි බව ත්, ඔවුන් දක්වා තිබුණා.

    කෙසේනමුත් ලංකාවේ මෙන්ම වෙනත් රටවල් ද මෙම CNN වාර්තාකරණය වරදවා වටහාගත් අවස්ථා අපට දැක ගන්නට ලැබුණා. එසේ පළවූ මැලේසියානු වාර්තාවක් මෙතනින් Archived ඒ අනුව පෙනී යන්නේ, CNN වාර්තාව පාදක කර ගනිමින් මෙරට මෙන්ම ඇතැම් විදෙස් පුවත් ද නොමග යන සුළු අන්දමින් තොරතුරු වාර්තා කර ඇති බවයි.

    නොමග යා නොහැකි අයුරින් මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්

    මේ පිළිබඳව අප CNN පුවත් සේවයෙන් ද විමසීමක් සිදුකළ අතර ඔවුන්ගේ තහවුරු කිරීම සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

    සත්‍ය වශයෙන්ම ශ්‍රේණිගත කිරීම් සහිතව ද මේ ආකාරයේ ආහාර වර්ගීකරණ CNN පුවත් සේවය විසින් මීට පෙර පළකර තිබු අවස්ථා අපට දැක ගන්නට ලැබුණා. එවැනි ලොව හොඳම ආහාර වර්ගීකරණයක් ලෙස ඔවුන් මීට වසර කිහිපයකට පෙර පළ කර තිබූ වාර්තාවක් මෙතනින් Archived

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලංකාවේ අච්චාරු ආසියාවෙන්ම මුල් තැනට තේරී පත් වී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් නොමග යන සුළු බවයි. පසුගිය අගෝස්තු 24 වන දා ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වන CNN පුවත් සේවයේ වෙබ් අඩවියේ පළ කරන ලද ආසියාවේ රසවත්ම වීථි ආහාර 50 සම්බන්ධ ලිපියකින් එම ආහාර වර්ග කිසිදු ශ්‍රේණිගත කිරීමක් සිදු කර තිබුනේ නැත. එම වාර්තාවේ දක්වා තිබෙන්නේ ආසියාවේ රසවත් හා බොහෝ ප්‍රිය කරන ලද ආහාර වර්ග 50ක් ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙලට (Alphabetical order) පෙළ ගැන්වීමක් පමණි. ඒ අනුව අච්චාරු (Achcharu) ලයිස්තුවේ ඉහළින්ම දැක ගන්නට ලැබෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-10-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.