Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : CNN නාලිකාවේ ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය අතරතුර වැඩිහිටි වෙබ් අඩවියක ලාංඡනයක් පළවුනා ද?

    2020-11-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගියදා පැවැත්වුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ සිව්වසර සඳහා ජනපති පත්කර ගැනීමේ මැතිවරණය උණුසුම් මුහුණුවරක් ගත්තා. මුල් අවධියේදී කරට කර පැවති ඡන්ද ප්‍රතිඵල විකාශයන් කෙරෙහි අන්තර්ජාලය, රුපවාහිනී සහ විවිධ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. කෙසේව

    පසුගියදා පැවැත්වුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ සිව්වසර සඳහා ජනපති පත්කර ගැනීමේ මැතිවරණය උණුසුම් මුහුණුවරක් ගත්තා. මුල් අවධියේදී කරට කර පැවති ඡන්ද ප්‍රතිඵල විකාශයන් කෙරෙහි අන්තර්ජාලය, රුපවාහිනී සහ විවිධ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. කෙසේවෙතත් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමඟම ජනපතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද (electroral votes 270) ලබාගැනීමට සමත් වූ ඩේමොක්‍රටික් නායක ජෝ බයිඩන් මීළඟ ජනපති ලෙස මාධ්‍ය වාර්තා කර තිබුනා

    ජනපතිවරණයේ තීරණාත්මක ප්‍රාන්තයක් වූ පෙන්සිල්වේනියාවේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන අතර CNN රුපවාහිනී විකාශය අතරතුර වැඩිහිටි වෙබ් අඩවියක ලාංඡනයක් දිස්වුණු බවට හුවමාරු වන්නේ උපහාසාත්මක කෝණයකින් සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් බව අපට අනාවරණය වුණා

    සමාජ මාධ්‍ය සටහන් :

    CNN නාලිකාව මගින් විකාශය කල ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණයේ ප්‍රතිඵල විකාශය අතරතුර යම් කිසි කුඩා දැන්වීමක් තිරය මත දිස්වන බවත් එය Pornhub නම් වැඩිහිටි වෙබ් අඩවියක ලාංඡනයක් බවත්, ප්‍රවෘත්ති නිවේදක ජෝන් කිං ඉක්මනින් එය ඉවත් කර කැමරාව දෙස නෙත් යොමුකරන බවත් සමාජ මාධ්‍ය තුල පලවන එම වීඩියෝ පටයෙන් දිස්වේ. 

    මෙම  වීඩියෝව ඉතා වේගයෙන් මෙන්ම විශාල අයුරින් විදෙස් මෙන්ම දේශීය සමාජ මාධ්‍ය ජාලා තුල ද හුවමාරු විය.

    Link 1Link 2

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙසේ සමජා මාධ්‍ය වල හුවමාරු වන වීඩියෝවේ Pornhub ලාංඡනය පැහැදිලිවම සෙලවෙන ආකාරයක් පෙනී යයි. 

    වීඩියෝ පටය සම්බන්ධයෙන් අප Google News හරහා ඉංග්‍රීසි බසින් නිරීක්ෂණය කළෙමු. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රැසක් සංස්කරණය කරමින් පලකරන ලද වීඩියෝ පටය සම්බන්ධයෙන් වාර්තාකර තිබෙනු දැකගනන්ට ලැබුණා. 

    The Chronicle වෙබ් අඩවියේ එම CNN පුවත් සේවයේ පළවූ නිල වීඩියෝව සහ සංස්කරණය කරන ලද වීඩියෝව සංසන්දනාත්මකව මෙසේ පෙන්වා දී තිබුණා. ඒ පිලිබඳ පළවූ තවත් වීඩියෝවක් පහතින්

    මාධ්‍යවේදියෙකුව වන Tancredi Palmeri තම නිල ට්විටර්  ගිණුම හරහා සමාජ මාධ්‍ය තුල පලවන වීඩියෝ පටය අසත්‍ය බව පෙන්වමින්, CNN නාලිකාව මගින් සැබවින්ම  විකාශය කල වීඩියෝව මෙසේ පළකර තිබුණි.

    CNN ප්‍රවෘත්ති නිවේදක ජෝන් කිං ඉවත්කළ තිරය මත ඇත්ත වශයෙන් ම තිබුනේ කුමක් ද යන්න අපැහැදිලි නමුත් එහි යම්කිසි ආකාරයේ අංක පෙළක් ආකාරයෙන් දිස්වෙයි. ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින්

    කරුණු විමර්ෂණ කණ්ඩායම් කිහිපයක් ම මෙම ව්‍යාජ සංස්කරණය සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් මෙවැනි වාර්තා ඉදිරිපත් කර තිබුණා

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු වලට අනුව සලකා බැලීමේදී අපට තහවුරු වුයේ CNN නාලිකාව මගින් සිදුකළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය අතරතුර වැඩිහිටි වෙබ් අඩවියක ලාංඡනයක් එම සජීවී විකාශය තුල දිස්වු අයුරින් පලවන වීඩියෝ පටය උපහාසස්තමක කෝණයකින් සංස්කරණය කොට පලකරන ලද වීඩියෝවක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.