Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: වයස අවුරුදු 25 සම්පූර්ණ වන තුරු යතුරුපැදි සඳහා බලපත්‍ර ගත නොහැකි ද?

    2020-12-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය දිනෙක මොරටුව එගොඩඋයනේ දී යතුරුපැදියක් පැදවූ වයස 20ක තරුණයෙකු විසින් සිදුකල මාරාන්තික අනතුරින් කුඩා දරුවන් දෙදෙනෙකු මෙන්ම දැනට දැඩි සත්කාර ඒකකයේ සිටින මවගේ කුසේ සිටි නූපන් බිළිඳා ද මරණයට පත් වූ  හදවත කම්පා කරවන පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ සෙයින් ක

    පසුගිය දිනෙක මොරටුව එගොඩඋයනේ දී යතුරුපැදියක් පැදවූ වයස 20ක තරුණයෙකු විසින් සිදුකල මාරාන්තික අනතුරින් කුඩා දරුවන් දෙදෙනෙකු මෙන්ම දැනට දැඩි සත්කාර ඒකකයේ සිටින මවගේ කුසේ සිටි නූපන් බිළිඳා ද මරණයට පත් වූ  හදවත කම්පා කරවන පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ සෙයින් කතාබහට ලක්වුනා. මෙම සිදුවීමෙන් පසුව අධික වේගයෙන් ගමන් ගන්නා ලාබාල යතුරුපැදි කරුවන් කෙරෙහි සමාජයෙන් දැඩි විරෝදයක් ඇතිවූ අතර පොලීසිය විසින්ද මෙලෙස යතුරුපැදි පදවන අය පිලිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වුනා.

    මේ අතර යතුරුපැදි පැදවීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍රය ලබාගැනීමට සම්පුර්ණ විය යුතු අවම වයස අවුරුදු 25 ක් විය යුතු බවට තීරණය වී ඇති බව අඟවමින් හුවමාරු  වී තිබුණේ ව්‍යාජ සටහන් බව අපට අනාවරණය වුනා. 

    සමාජ මාධ්‍ය සටහන් :

    ඩිල්ශාන් චානු නම් අයෙකු විසින් ෆේස්බුක් වෙත එකතු කල සටහනකින් කියවුනේ යතුරුපැදි පැදවීම සඳහා ලයිසන් (රියදුරු බලපත්‍රය) ලබා ගැනීමට වයස අවුරුදු 25 සම්පුර්ණ වන වන තෙක් සිටිය යුතු බවයි. එම සටහන පහතින්

    FacebookArchived

    රටම කම්පා කල මාරාන්තික රිය අනතුර හේතුවෙන් මෙවැනි ක්‍රියාමාර්ගයක් ලබාගත්තා ද යන්න පිලිබඳ විමසිලිමත් වූ තරුණයන් කිහිපදෙනෙක් ම මෙම සටහනේ සත්‍යතාවය පිලිබඳ අපගෙන් විමසා සිටියා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප පලමුවෙන්ම මේ පිලිබඳ කරුණු විමසීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජිතවරියෙකු දෙසැම්බර් මස 07 වැනිදා සම්බන්ධ කරගත්තා.එහිදී ඇය සඳහන් කර සිටියේ යතුරුපැදි සඳහා බලපත්‍ර නිකුත්කිරීමේ වයස  25 තෙක් වැඩි කිරීමට මේ වන තුරුත් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.ඒ හා සම්බන්ධ සාකච්ඡාවක් හෝ සිදුව නොමැති බව එතුමිය තහවුරු කලා.මෙසේ වාහන බලපත්‍ර ලබා දීමේ වයස් වෙනස් කිරීමක් සිදු කරන්නේ නම් පනතක් හරහා එය සම්මත විය යුතු බවත් එම ක්‍රියාවලිය තරමක් සංකීරණ, කාලයක් ගතවන  එකක් බවත ඇය අපට වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

    මෝටර් රත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි නියමිත පරිදි සැහැල්ලු වාහන බලපත්‍රයක් ලබා ගැනීමේදි  සපුරා තිබිය යුතු වයස් සීමාවන් පල කර තිබෙනවා.සැහැල්ලු වාහනයක් පැදවීමට වයස අවුරුදු 18 සසම්පුර්ණ කල යුතු බව එහි පැහැදිලිව සඳහන් වෙනවා.

    Motor Traffic WebsiteArchived

    මෙම කරුණ හා සම්බන්ධව පුවත් පරීක්ෂා කිරීමේදී නීති කඩන යතුරු පැදිකරුවන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියා. 

    මාර්ග වල රාත්‍රී කාලයේ දී තරුණ පිරිස් එකතු වී යතුරුපැදි රේස් වැනි නීති විරෝධී කටයුතු සිදු කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා. කෙසේ නමුත් යතුරු පැදි පැදවීමේ අවම වයස වෙනස් කිරීම සම්බන්ධව කිසිවක් ඔහු ප්‍රකාශ කරන්නේද නැහැ.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ යතුරුපැදි සඳහා බලපත්‍ර ලබා ගැනීමට සපුරාලිය යුතු අවම වයස වන 18 මෙතෙක් නොවෙනස්ව පවතින බවයි. යතුරුපැදි ධාවනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම අවුරුදු 25 දක්වා වැඩි කිරීමට මේ වන තෙක් කිසිඳු තීරණයක් ලබාගෙන නොමැත. ඒ අනුව ෆේස්බුක් හි හුවමාරු වන සටහනින් කියවෙන වයස අවුරුදු 25 සම්පූර්ණ වන තුරු යතුරුපැදි සඳහා අවශ්‍ය බලපත්‍ර ගත නොහැකි බව පැවසෙන පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.