Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ලොහාන් රත්වත්තේ මහතා උත්සවශ්‍රීයෙන් සිරකුටියක් විවෘත කළාද?

    2020-12-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය කාලය පුරාවටම බන්ධනාගාර වල නොසන්සුන්කාරී තත්වයන් පිලිබඳ විටින් විට වාර්තා වූ අතර මෑතකදී මහර බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී තත්වය හේතුවෙන් රැඳවියන් කිහිපදෙනෙකුගේ ජීවිත ද අහිමි වුනා. බොහෝ අවස්ථාවල බන්ධනාගාර රැඳවියන් සඳහා ඇති පහසුකම් මඳ කම වැනි හේතු මුල් කර

    පසුගිය කාලය පුරාවටම බන්ධනාගාර වල නොසන්සුන්කාරී තත්වයන් පිලිබඳ විටින් විට වාර්තා වූ අතර මෑතකදී මහර බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී තත්වය හේතුවෙන් රැඳවියන් කිහිපදෙනෙකුගේ ජීවිත ද අහිමි වුනා. බොහෝ අවස්ථාවල බන්ධනාගාර රැඳවියන් සඳහා ඇති පහසුකම් මඳ කම වැනි හේතු මුල් කරගෙන සිරකරු උද්ඝෝශන හටගන්නා අතර බන්ධනාගාර වල පහසුකම් සැපයීම ඇතුළු කාරණා පිලිබඳව කටයුතු කිරීමට අමාත්‍යංශයක්ද පවතිනවා. 

    මෑතකදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ධුරය සඳහා ලෝහාන් රත්වත්තේ මහතා පත් කෙරුණු අතර ඔහු විසින් පසුගිය දිනෙක සිර මැදිරියක් උත්සවාකාරයෙන් විවෘත කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ෆේස්බුක් තුල හුවමාරු වන අයුරක් අප නිරීක්ශනය කලා. නමුත් මෙය ඇත්ත වශයෙන්ම රැඳවියන්  ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හා හිත මිතුරන් සමඟ පහසුවෙන් සම්බන්ධ වීම සඳහා වීඩියෝ සන්නිවේදන තාක්ෂණ පහසුකම් සහිතව අඟුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ අලුතින් නිර්මානය කල වීඩියෝ කුටියක් විවෘත කල අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් බව අපගේ අනාවරණයේදී පැහැදිලි වුනා.

    සමාජ මාධ්‍ය සටහන්:

    “සිර කුඩුවක් උත්සවශ්‍රීයෙන් විවෘත කරනවා දැකල නැත්නම් බලාගන්න” යන තේමාවෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ධුරය සඳහා ලෝහාන් රත්වත්තේ මහතා ඇතුළු පිරිසක් සිර මැදිරියක් සේ හැඟෙන කුටියක පීත්ත පටියක් කපන අවස්ථාවක ලබාගත් ඡායාරුපයක් ද සහිත සටහනක් කේ සංජීව නම් අයෙකු විසින් මෙසේ හුවමාරු කරගෙන තිබුනා.

    FacebookArchived
    Facebook Archived

    මේ එම පුවතම ෆේස්බුක් තුළ හුවමාරු වූ තවත් අවස්ථාවක් මෙතනින්

    FacebookArchived

    බොහෝ දෙනෙකු මෙසේ සිර කුටියක් විවෘත කිරීම උත්සවාකාරයෙන් සිදු කිරීම උපහාසාත්මක කෝණයකින් හුවමාරු කරගෙන තිබු අතර මෙම ඡායාරූපයට අදාළ පුවත කවරේද යන්න ඇතැම් අය විමසා තිබෙනු ද දැක ගන්නට ලැබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙහි සත්‍යතාවය තහවුරු කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත අප පිවිසුනා.එහි “වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමුත්තන් බැහැදැකීමේ වෙබ් යෙදවුමක් හඳුන්වාදේ” ලෙස සඳහන් කරමින් පල කල වාර්තාවේ මෙම චායාරූපයද ඇතුලත්ව දීර්ඝ සටහනක් පල කර තිබුනා.

    prisons.gov.lkArchived

    එම සටහනට අනුව මෙසේ උත්සවශ්‍රියෙන් විවෘත කරනු ලබන්නේ අඟුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ අලුතින් නිර්මානය කල වීඩියෝ කුටියකි. බන්ධනාගාරගත රෑඳවියන් බැලීමට එන අමුත්තන්ට වන අපහසුතාවයන් මගහැරවීමට සහ බන්ධනාගාර වල ආරක්ශාව තහවුරු කිරීමේ අරමුනින් මෙසේ වෙබ් යෙදවුම් සහිතව වීඩියෝ කුටි නිර්මානය කර තිබෙනවා.

    නියමු ව්‍යාපෘතියක් ලෙස ආර්ම්භ කර ඇති මේ කටයුත්ත රතු කුරුස සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් සිදුවන්නක්. ඒ අනුව ලොහාන් රත්වත්තේ මහතා ඉහත ඡායරුපයේ දැක්වෙන ආකාරයෙන් විවෘත කරනු ලබන්නේ අඟුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ වීඩියෝ තාක්ශන පහසුකම් ඇති කුටියක්.

    මෙම කරුන සනාත කරමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය විසින් 2020.12.15 වෙනි දින මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කර තිබුනා.ඒ පහත අයුරින්.

    “බන්ධනාගාරවල වීඩියෝ සන්නිවේදන තාක්ෂණය අඟුනකොලපැලැස්සෙන් අරඹයි” යන තේමාවෙන් ITN මාධ්‍ය ආයතනයේ වෙබ් අඩවියේද මෙම පුවත වාර්තා කර තිබුනේ පහත ආකාරයෙන්. එහි ඡායාරුප අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය ද දැකගනන්ට පුළුවන්

    ITN NewsArchived

    එසේම අටේ පුවත් නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් මෙම අවස්ථාවේ වීඩියෝ දර්ශන ඇතුළත් වීඩියෝවක් ෆේස්බුක් වෙත එකතු කර තිබුනු අතර එම වීඩියෝ පටයේ මෙම පුවතට අදාළ දර්ශන ඇතුලත්ව තිබුනා. එම රුප රාමු පරීක්ෂා කිරීමේදී එහි කොටසක Online Visitation Room ලෙස නම් සඳහන් කල කුටියක් දැක්වෙන අතර ලොහාන් රත්වත්තේ මහතා උත්සවශ්‍රියෙන් විවෘත කර ඇත්තේ එහි ඉදිරි පසින් බැලුම් එල්ලා තිබෙන ස්ථානය බවත් පෙනී යනවා. එම අවස්ථාවේ රූප රාමුවක් සහ වීඩියෝව පහතින්.

    Facebook Video

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු සලකා බලන කල ලොහාන් රත්වත්තේ මහතා විසින් සිරකුටියක් විවෘත කරන අවස්තාවක් ලෙස උපහාසාත්මක කෝණයකින් හුවමාරු වන්නේ බන්ධනාගාර රැඳවියන්  ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හා හිත මිතුරන් සමඟ පහසුවෙන් සම්බන්ධ වීම සඳහා වීඩියෝ සන්නිවේදන තාක්ෂණ පහසුකම් සහිතව අඟුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ අලුතින් නිර්මානය කල වීඩියෝ කුටියක් විවෘත කල අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් බව පැහැදිලිය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.