Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගම්පහ මාර්ගයක් අළුත්වැඩියා කිරීම ගැන හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්! 

    2025-12-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අලුතින් සංවර්ධනය කරන ලද බව කියන ගම්පහ, මිරිස්වත්ත, වලව්වත්ත මාර්ගයේ ජායාරූප ඇතුලත් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. ඒ පිළිබඳව අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    අලුතින් සංවර්ධනය කරන ලද බව කියන ගම්පහ, මිරිස්වත්ත, වලව්වත්ත මාර්ගයේ ජායාරූප ඇතුලත් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. ඒ පිළිබඳව අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ,

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Claim 1: 

    “ඔය හදලා තියෙන්නේ අපූරුවට- මේක තමයි වෙනස” යනුවෙන් සඳහන් කරමින් අදාළ ජායාරූපය සංසන්දනයක් ද ඇතුළත් කරමින් සටහනක් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.

    Facebook | Archived Link

    එම සටහන සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්,

    Facebook X

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු තත්වය ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාල ඡායාරූපය සමීපව නිරීක්ෂණය කිරීමේදී, ඡායාරූප දෙකෙහිම පසුබිම් හි දක්නට ලැබෙන පුද්ගලයින් සහ මෝටර් සයිකලය යනාදිය සියල්ලම එක හා සමාන පිහිටීමක, නොවෙනස්ව ඇති බවක් පෙන්නුම් කරනවා. 

    එසේම මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු ලෙස දැක්වන ඡායාරූපයේ ගුගල් Geminiහි AI මගින් නිර්මිත ඡායාරූප සඳහා යොදන SynthID Watermark වෝටර්මාර්ක් එක ද (පහළ කොළ පැහැ ඊතලය) දිස් වනවා. 

    එසේම ප්‍රතිසංස්කරණ කිරීමෙන් පසුව ලෙස සඳහන් මෙම ඡායාරූපය, කෘතීම බුද්ධිය ඔස්සේ සකසන ලද ඡායාරූපයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් එය AI (කෘතිම බුද්ධිය) පරික්ෂක මෙවලම් වෙත යොමු කළා. ඒ අනුව තහරුවූ වූයේ ද, මෙම ඡායාරූපය කෘතිම බුද්ධිය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.

    සමාජ මාධ්‍ය පරිශීලකයින් රැසක් ද ඉහත ‘පසුව’ බවට දැක්වෙන ඡායාරුපය AI ඔස්සේ නිර්මාණය කර ඇති බව හඳුනාගෙන තිබු අතර එවැනි ව්‍යාජ සටහන් නිර්මාණය කරන්නේ විපක්ෂ කණ්ඩායම් බවට ඇතැමුන් චෝදනා කළ අතර තවත් ඇය රජයේ පාර්ශව වෙත ද එවැනි නිර්මාණය සිදුකිරන බවට දෝශාරෝපණය කර තිබුණා. 

    Claim 2:

    “ටෙක්නොලොජියා” ලෙස සඳහන් කරමින් අදාල මාර්ගයේම බෝක්කුවට කාණු කැට මාර්ගයට වඩා උස්ව යොදාගනිමින් සකසා ඇති ආකාරය දැක්වෙන ජායාරූපයක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා.

    Facebook | Archived Link

    මෙම ඡායාරුපය යොදාගනිමින් වත්මන් ආණ්ඩුවේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙලවල් ද හෑල්ලුවට ලක්කරමින් සමාජ මාධ්‍ය සටහන් පෙළක් ම හුවමාරු වී තිබුණා.

    මේ ගැන අප වැඩිදුර කරුණු සොයා බැලීමක් ද සිදුකළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම):

    ගම්පහ මහනගර සභාවේ නාගරික ඉංජිනේරු

    මෙම මාර්ගයේ, පාර මට්ටමට වඩා සැලකිය යුතු මට්ටමකට ඉහළින්, නව කොන්ක්‍රීට් බෝක්කුවක් සකස් කිරීම සම්බන්ධයෙන් හුවමාරු වන ජායාරූපය ගැන විමසීමට අප ගම්පහ මහනගර සභාවේ නාගරික ඉංජිනේරු එස්. ඩී. ප්‍රියන්ති මහත්මිය සම්බන්ධ කරගත්තා. 

    එහිදී ඇය සඳහන් කළේ, ගම්පහ, මිරිස්වත්ත,වලව්වත්ත මාර්ගය නිරන්තරයෙන් ජලයෙන් යටවන මාර්ගයක් වන බැවින්, එය ජලයට ඔරොත්තු දෙන සහ ඉක්මනින් ජලය බැසයන ආකාරයට සැකසීමට අවශ්‍ය වූ බවයි.

    එම ස්ථානයේ ඇති වෙල්යායත් සමඟ මීට පෙර තිබු දර්ශන Google Stree View හි (2021) දර්ශන ද ඔස්සේ දැක්වෙන්නේ මෙලෙසින්.

    Google Maps ඔස්සේ අදාළ ස්ථානය පහත පරිදි ද දක්වන්නට පුළුවන්.

    රජයේ ආයතන කිහිපයක් ද මෙම මාර්ගය ඔස්සේ ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන බවත්, ඒවෙනත් විකල්ප ද මාර්ග නොමැති එකම පිවිසුම් මාර්ගය මේ හරහා නිසාත්, මීට පෙර තිබු කුඩා බෝක්කුව ප්‍රමාණවත් නොවන බැවින්, කාණු කැට (Precast Concrete) යොදාමින්, ඉක්මනින් ජලය බැස යන ආකාරයට මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු කළ බව, ගම්පහ මහනගර සභාවේ නාගරික ඉංජිනේරුවරිය තවදුරටත් කරුණු දක්වා සිටියා.

    මේ සඳහා කාණු කැට 7 ක් යොදා ගත් බවත්, ඒවා ස්ථානගත කිරීමට දිනක් ගත වූ බවත්, පසු දින නැවත මාර්ගයේ වැඩ ආරම්භ කිරීමට පෙර ලබාගෙන තිබු ඡායාරුපයක් සමාජ මාධ්‍ය තුළ වයිරල් වූ බවත් ඇය පැවසුවා. 

    කානුකැට යෙදීමෙන් පසු තාර කෝට් එකක් යොදා මාර්ගය ගමන් කළ හැකි ආකාරයට මේ වන විට සකස් කර ඇති බව ඇය ප්‍රකාශ කලා. තවමත් මාර්ගය සම්පූර්ණයෙන් වැඩ අවසන් කර නොමැති බවත් ඉදිරියේදී කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත බවත් ඇය සඳහන් කළා.

    ප්‍රාදේශීය මාධ්‍යවේදීන්

    එසේම අප විසින් මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන්ද විමසීමක් කලා. එහි දී ඔවුන් ද පවසා සිටියේ මෙම ස්ථානය ජලයෙන් යටවෙන ස්ථානයක් බවත්, එම මාර්ගයේ ජලය බැස යාමට හැකි ආකාරයෙන් විශාල බෝක්කුවක් යොදා මාර්ගය සංවර්ධනය කර ඇති බවයි. නමුත් තවමත් එහි කාපට් අතුරා නොමැති බව ද සඳහන් කළා.

    එසේම, තාර අතුරා මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුකිරීමෙන් පසු මාර්ගය දිස්වන ආකාරය දක්වමින් සමාජ මාධ්‍ය තුළ සටහන් පළවී තිබුණා. එවැනි සටහනක් මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) : 

    අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු වන්නේ සංවර්ධනය කරන ලද මාර්ගයක පෙර සහ පසු ලෙස දක්වමින් හුවමාරු වන සටහනේ සංවර්ධනය කිරීමෙන් පසු ලෙස දැක්වෙන ඡායාරූපය කෘතිම බුද්ධිය යොදා ගනිමින් සකසන ලද නොමඟ යවන සුළු ඡායාරූපයක් බවයි. 

    එසේම අදාළ මාර්ගයේ බෝක්කුවක් සම්බන්ධයෙන් හුවමාරු වන ජායාරූපය මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන් වීමට පෙර ලබා ගෙන ඇති ජායාරූපයක් බව අතර, නිරන්තරයෙන් ජලයෙන් යටවන මෙම මාර්ගයේ, අදාළ බෝක්කුව මදක් උස්ව සකස් කිරීමට කටයුතු කර ඇති අතර, මේ වන විට මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකි අයුරින් මාර්ගය තාර යොදා සකස් කර ඇති බව තහවුරු වුණා. ඉදිරියේදී මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත බව ගම්පහ මහ නගර සභාවේ නාගරික ඉංජිනේරු අංශය විසින් තහවුරු කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PH

    Pavithra Hansani

    Political Correspondent

    Political correspondent with expertise in Sri Lankan government affairs and policy analysis.

    Published: 2025-12-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.