Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තඹුත්තේගම වැඩිහිටි කාන්තාවක් විසින් ‘අමු මිරිස්’ භාවිත කරමින් සිදු කළ නිර්මාණයක් ද?

    2024-06-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කලාත්මතක නිර්මාණ දැකීමට බොහෝ පිරිස් දැඩි කැමැත්තක් දක්වනවා. එවැනි අවස්ථාවල ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් හුවමාරු වන අතර ඒ සඳහා ද, සමාජයේ මහත් ආකර්ශනයක්  ලැබෙනවා. මේ නිසා ම මෙවැනි ඡායාරූප ඔස්සේ සමාජය නොමග යැවීමට හැකියාව පවතින අතර එලෙසින් පළ වූ නොමග

    කලාත්මතක නිර්මාණ දැකීමට බොහෝ පිරිස් දැඩි කැමැත්තක් දක්වනවා. එවැනි අවස්ථාවල ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් හුවමාරු වන අතර ඒ සඳහා ද, සමාජයේ මහත් ආකර්ශනයක්  ලැබෙනවා. මේ නිසා ම මෙවැනි ඡායාරූප ඔස්සේ සමාජය නොමග යැවීමට හැකියාව පවතින අතර එලෙසින් පළ වූ නොමග යන සුළු ඡායාරූපයක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “තඹුත්තේගම යකඩ ගැහැණිය

    අමුමිරිස් හේනේ අස්වැන්නෙන් මේ වගේ නිර්මාණයක් කරපු තඹුත්තේගම අත්තම්මාගේ හැකියාව අගය කරමු.. වයසට නොගිය හැකියාව” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

    මෙරට තඹුත්තේගම ප්‍රදේශයේ වැඩිහිටි කාන්තාවක් විසින් ‘අමු මිරිස්’ යොදාගෙන සිදු කරන ලද නිර්මාණයක් ලෙසට මෙය අඟවා තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තේ පහත අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    තඹුත්තේගම දුම්රිය ස්ථානයේ ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි ස්වරූපයක් දැක ගන්නට නොමැති බවට අපට තහවුරු වුණා.

    එමෙන් ම මෙම ඡායාරූප මෙරට ඡායාරූපයක් නොව ඉන්දියාවේ ඡායාරූපයක් බවට බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ඉහත සටහන් සඳහා ප්‍රතිචාර ද, දක්වා තිබුණා.

    කෙසේ වෙතත් මෙම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. මෙම ‍රූපය සහ මීට සමාන රූප බහුල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි වූවත්, ඉහත ඡායාරූපයේ මුල් ඡායාරූප අවස්ථාව සම්බන්ධයෙන් සටහනක් අපට සොයා ගැනීමට නොහැකි වුණි.

    තවත් ඡායාරූප අවස්ථාවක් පහතින්.

    View this post on Instagram

    A post shared by Mukesh Gupta (@guptaclassessakri)

    වැඩිහිටි කාන්තාවක් විසින් ‘අමු මිරිස්’ භාවිත කොට දුම්රියක ආකෘතියක් නිර්මාණය කළ බවට දක්වා තිබූ ඡායාරූපයේ ඇති අසාමාන්‍යතාව හේතුවෙන් එය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇත්දැයි යන්න පරීක්ෂාවට ලක් කළා.

    ඒ අනුව එම ඡායාරූප AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඇති බවට තහවුරු වූයේ මෙලෙසින්.

    ඒ අනුව මෙම ඡායා‍ර‍ෑපය සත්‍ය ඡායාරූප අවස්ථාවක් නොව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවට වැඩි සම්භාවිතාවක් පවතින බවට තහවුරු වේ.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට තඹුත්තේගම දුම්රිය ස්ථානය අසළ වැඩිහිටි කාන්තාවක් විසින් ‘අමු මිරිස්’ භාවිත කොට දුම්රියක ආකෘතියක් නිර්මාණය කළ බවට දක්වමින් පළ වූ ඡායාරූප සත්‍ය අවස්ථාවක ඡායාරූපයක් නොව, කෘතිම බුද්ධිය(AI) ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-06-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.