Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    වයස අවුරුදු 15ක පාසල් දැරියක් අපයෝජනය කළ සිසුන්ගේ ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් ද?

    2025-04-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හෝමාගම වයස අවුරුදු 15ක පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ පාසල් සිසුන් 5ක් ඇතුළු තව ත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේ ඡායාරූපයක් බවට දක්වමින් පළ වූ සමාජ මාධ්‍ය ඡායාරූපයක නිවැරදි කරුණු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    හෝමාගම වයස අවුරුදු 15ක පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ පාසල් සිසුන් 5ක් ඇතුළු තව ත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේ ඡායාරූපයක් බවට දක්වමින් පළ වූ සමාජ මාධ්‍ය ඡායාරූපයක නිවැරදි කරුණු සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “වයස 15 දැරිය සමූහ දූශනයකට ලක් කල එම වයස් වල සැකකාර සිසුන් 6 දෙනා පරිවාස බාරයට..” යනුවෙන් සඳහන් කරමින් එම සිසුන්ගේ ඡායාරූප බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link Facebook | Archived Link

    මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ, බොහෝ පිරිසත් මෙම ඡායාරූපය හේතුවෙන් නොමග ගොස් ඇති බවයි.

    මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉහත සිදුවීම සම්බන්ධයෙන් කළ කරුණු පරීක්ෂාවේදී අනාවරණය වූයේ, හෝමාගම 15 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක සමූහ දූෂණයට ලක්කිරීමේ චෝදනාවක් පිළිබඳ සිදුවීමක් බවයි. 

    මේ සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා ඇතුළුව පාසල් සිසුන් 5ක් හා තවත් දෙදෙනෙකු හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය මෙලෙසින්, මෙලෙසින් වාර්තා කර ඇති බවයි. Archived Link

    ඒ සම්බන්ධ කිසිදු ප්‍රධාන මාධ්‍ය වාර්තාවක එම සැකකරුවන්ගේ ඡායාරූප හෝ බන්ධනාගාර ගත කිරීමේ අවස්ථාවේ ඡායාරූප හෝ පළ කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.

    නමුත් News center unlimited නාලිකාවේ වීඩියෝවක එම සැකකරුවන් අධිකරණය වෙත ගෙන ආ දර්ශන පළ කර තිබුණේ මෙලෙසින්.

    කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය ජාලාවල දැක්වෙන ඡායාරූප වල මෙම සැකකරුවන්ගේ මුහුණු සියල්ලම සමාන බැවින් ද, පහළ සියටින සිසුන් එක පෙළට එකම ඉරියව්වකින් දැක ගන්නට ලැබෙන අසාමාන්‍ය පිහිටීම් දැකීමට ඇති බැවින් අප මේ ඡායාරූප AI ඡායාරූප හඳුනා ගැනීමේ මෙවලමකට යොමු කරනු ලැබුවා.

    ඒ අනුව මෙම ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප බවට දැක ගන්නට ලැබුණා.

    කෙසේ වෙතත් අප මේ පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, සිසුන් සම්බන්ධ කිසිදු ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් නොකළ බව ත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණ කරන ලද ඡායාරූප බවයි.

    එමෙන් ම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සැකකාර පෙම්වතා ඊළඟ නඩුවාරය තෙක් බන්ධනාගාර ගත කර ඇති අතර අනික් සිසුන් පරිවාස භාරයට පත් කර ඇති බවයි.

    දූෂණයට ලක් වූ එම දැරියගේ දෙමාව්පියන් විසින් දැරිය සමග පොලීසියට පැමිණ සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබේ.

    සමූහ දූෂණයට ලක් වූ බව කියන පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කර තිබෙනවා.

    දූෂණයට ලක් වූ පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගි වන බව පවසා තම පෙම්වතා බව කියන පාසල් සිසුවා හමුවීම සඳහා ගොස් තිබේ.

    එම අවස්ථාවේදී සැකකාර පෙම්වතා බව කියන සිසුවා විසින් දැරිය රැගෙන ඔහුගේ මිතුරෙකු සිටින හෝමගම ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේදී දැරිය දූෂණයට ලක්කර ඇත.

    ඒ අනුව උදෑසන 9ත් සවස 3ත් අතර පැය හයක කාලයක් ඇතුළත තවත් නිවාස තුනකට රැගෙන ගොස් වින්දිත දැරිය සැකකාර පාසල් පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතළ ලිංගික අපයෝජනය ලක් කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පාසල්වල ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

    ඔවුන්ගෙන් පාසල් සිසුන් පස්දෙනා අවුරුදු 15ත් 16ත් අතර වයස්වල සිටින අතර, අනෙක් දෙදෙනා අවුරුදු 17ත් 19ත් අතර බව පොලීසිය පවසයි.

    සැකකරුවන් විසින් පාසල් දැරිය ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇත.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හෝමාගම අවුරුදු 15ක දැරියක් දූෂණය කළ සිදුවීමේ අත්අඩංගුවට පත් වූ සිසුන්ගේ ඡායාරූපයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයේ සැබෑ අවස්ථාවේ ඡායාරූපයක් නොව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-04-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.