Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පුරාවෘත ඇසුරින් නිර්මාණය වන AI ඡායරූප; සත්‍ය පුරාවිද්‍යා සොයාගැනීම් ලෙස හුවමාරු වූ අවස්ථාවක්!

    2024-03-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කෘතිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබන්නේ, නොමග යන සුළු අර්ථකතන සමගින්. එවැනි ඡායාරූප පිළිබඳ අප කළ සිදු කළ විමර්ශනයන් පහතින්. සමා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    කෘතිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබන්නේ, නොමග යන සුළු අර්ථකතන සමගින්. එවැනි ඡායාරූප පිළිබඳ අප කළ සිදු කළ විමර්ශනයන් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “පුරාවිද්‍යාඥයන් විසින් කිලිනොච්චියේ වනකානම් කල්ලවඩන් ගම්මානයෙන් සොයා ගන්නා ලද රාවනාගේ දඩුමොනරයේ යැයි සැලකෙන කොටස්..මේ පිලිබදව දැනට ජපානයේ සිට පැමිනි පුරාවිද්‍යාඥ යනකෝ තකෝ මහතා සහ මෙරට පුරාවිද්‍යා මහාචාර්ය උෂ්ණා ශිරෝමි මහත්මිය විසින් පරීක්ශණයක් කටයුතු පවත්වනවා” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ රාවනාගේ දඬුමොණරේ ඡායාරූපයක් ද, බවට දක්වමින්.

    Facebook | Archived Link

    මෙම සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    රාවණා රජුගේ දඬු මොණරේ කැණීම් වලින් හමු වූ බවට YouTube ඔස්සේ ද, වීඩියෝවක පළ කර තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පුරාවෘත වල සඳහන් වන යම් යම් කරුණු මූලික කර ගනිමින් ඒ ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප මුල් කරගනිමින් නොමග යවන සුළු සටහන් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම සංසරණය වුණා.

    එලෙසින් සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශන වාර්තාවක් පහතින්.

    ලංකාවේ හමුවූ බවට හුවමාරු වන යෝධ ඇටසැකිල්ලේ සහ යෝධ හිස් කබලේ ඇත්ත කතාව!

    ඒ ආකාරයෙන් ම රාවණා රජුගේ දඬුමොණරේ යානය කැණීම් වලදී හමු වූ බවට දක්වමින් පළ වූ සටහනේ ද, එය හමු වූ ගම්මානයේ නම ද, මනංකල්පිත අකුරු මාරු කරමින් අසැබි අරුතක් ලැබෙන නමක් ද, භාවිත කර තිබුණේ කලින් සටහන් වල පළ වූ අයුරිනි.

    කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම තොරතුරු අසත්‍ය බවට නැවත වරක් තහවුරු කළා.

    එසේම මෙම ඡායාරූප AI (කෘතිම බුද්ධිය) ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප බවට, එය පරික්ෂා කළ හැකි මෙවලම් ඔස්සේ තහවුරු වූයේ මෙලෙසින්.

    එමෙන් මෙම ඡායාරූපය සම්බන්ධයෙන් මෙය නිර්මාණය කරන ලද ජනක සෙනවිරත්න නමැති පුද්ගලයා විසින් සටහනක් ද, ෆේස්බුක් සමුහයක පළ කර තිබුණේ මෙලෙසින්.

    මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉතාමත් ජනප්‍රිය වී ඇති ඡායාරූප කිහිපයක් ඔහු විසින් කෘතිම බුද්ධිය තාක්ෂණය උපයෝගි කරගනිමින් නිර්මාණය කර තිබෙණු ඔහුගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී පෙනී යනවා. මීට පෙර රවණාගේ දඬු මොනරය ලෙස නිර්මාණය වී තිබු AI ඡායාරූප පෙළක් මෙතනින්.

    නමුත් AI ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නොමැති හෙයින් බොහෝ පිරිසක් මේ ඔස්සේ නොමග යනු ලබනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Also Read : Okapathana College: Satire In A Digital Age & The Complexity Of Audience Response

    Also Read : වඳවී ගොස් සිටි ‘චිකිබිල්ලා’ නම් භයංකර සත්ත්වයකු, වසර 103කට පසු යාල වනෝද්‍යානයෙන් හමුවුණාද?

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉහත ඡායාරූප AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප බව ත්, සත්‍ය කරුණු එහි ඇතුළත් නොවන බව ත් ය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-03-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.