Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ළමයෙකු විසින් මුහුදු වැලි වලින් සිදු කළ ඇති විරාට් කෝලිගේ අනුරුවක් ද?

    2024-04-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දීය සුපරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විරාට් කෝලිගේ වැලි වලින් සිදු කරන ලද නිර්මාණයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඉන්දීය සුපරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විරාට් කෝලිගේ වැලි වලින් සිදු කරන ලද නිර්මාණයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ළමයෙක් විසින් මුහුදු වැලි වලින් සිදු කළ ඇති විරාට් කෝලිගේ අනුරුවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    තව ත් ඡායාරූපයක් පළ වූයේ මේ අයුරින්.

    Facebook 

    මෙහි සත්‍ය ඡායාරූපයක් ද, යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත දක්වා ඇති ඡායාරූප අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවේ දරුවෙකු විසින් සත්‍ය වශයෙන් ම එවැනි නිර්මාණයක් කර ඇත්නම් ඒ පිළිබඳ සඳහන් වාර්තාවක් තිබේද යන්න පරීක්ෂා කිරීමටයි.

    නමුත් අපට එවැනි විශිෂ්ඨ නිර්මාණයක් කළ බව ට ඇගයීමක් කළ හෝ සටහනක් දැක ගන්නට නොලැබුණි.

    ඉන් අනතුරුව අප එම ඡායාරූප කෘතිම බුද්ධිය(AI) ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප ද, යන්න අනාවරණය කර ගැනීම සඳහා අප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූප අනාවරණය කළ හැකි යෙදුමක් වෙත මෙම ඡායාරූප යොමු කරනු ලැබුවා.

    ඒ අනුව ලැබුණු ප්‍රතිඵල වූයේ ඉහත ඡායාරූප දෙකම කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවයි.

    එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත දෙවන ඡායාරූපය ප්‍රථමයෙන් ම ෆෙස්බුක් වෙත එක් කර තිබුණේ, රමේෂ් යාදව් නමැති ඉන්දියානු පුද්ගලයෙක් වන අතර ඔහුගේ ෆේස්බුක් ගිණුම ඩිජිටල් නිර්මාපක කාණ්ඩය යටතේ ලැයිස්තුගත කර ඇති අතර ඔහු විසින් එම ඡායාරූපය සඳහා ‘ඡායාරූප සංස්කරණය කිරීමේ අභියෝගය’ යන හැෂ් ටැගය භාවිතා කර ඇති බව ද, ඉන්දියානු කරුණු පරීක්ෂක කණ්ඩායමක් විසින් පෙන්වා දුන්නේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ළමයෙකු විසින් වැලි වලින් නිර්මාණය කරන ලද ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙකු වන විරාට් කෝලිගේ අනුරුවක් බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-04-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.