Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තල්මසෙකුට බිලි වූ ශ්‍රී ලාංකික බහුදින යාත්‍රාවේ වීඩියෝව ඇත්තක්ද?

    2025-03-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. තල්මසෙකුට බිලිවන බහුදින යාත්‍රාවක වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : තල්මස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    තල්මසෙකුට බිලිවන බහුදින යාත්‍රාවක වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    තල්මසෙකුට බිලි වූ ශ්‍රී ලාංකික බහුදින යාත්‍රාවක් බව හඟවමින්, එම අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මේ ආකාරයෙන්

    Facebook

    මෙම වීඩියෝව වෙනත් රටවල වූ සිදුවීම් ලෙස ද, හුවමාරු වී ඇති බවට අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කිරීමට අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මෙම වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී, මෙම වීඩියෝවේ අස්වාභාවික පිහිටීම් බහුලව දක්නට ලැබෙනවා.

    එම තල්මසා එම යාත්‍රාව ගිලින බවට දක්වන කොටසේදී එහි සිටින මිනිසුන්ගේ ඇඟවල් හැකිලී යන අයුරුත්, දත් සම්බන්ධ පිහිටීමත් ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය කිරීමට හැකි වේ.

    කෙසේ වෙතත් මෙම වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවට සැකසහිත බැවින් අප මෙම වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇත්දැයි යන්න මෘදුකාංගයක් හරහා පරීක්ෂා කළ අතර මෙය ඒ ඔස්සේ නිර්මාණය කර ඇති බවට දැක ගන්නට ලැබුණේ මේ අයුරින්.

    කෙසේවෙතත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව, තල්මසුන් බහුදින යාත්‍රාවකට සිදු කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් සිදුවීමක් හෝ ඒ හා සම්බන්ධ මාධ්‍ය වාර්තාවක් හෝ අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට නොලැබුණි.

    එමෙන් ම මෙම වීඩියෝව සම්බන්ධයෙන් වෙනත් ජාත්‍යන්තර මාධ්‍ය ධාරාවක හෝ තල්මසෙකු විසින් සිදු කළ පහර දීමක් ලෙස පුවතක් වාර්තා වී නොතිබුණි.

    තල්මසුන් බෝට්ටුවලට පහරදුන් අවස්ථා වාර්තා වෙනවා ද ?

    සමස්තයක් වශයෙන් ගත කළ තල්මසුන් සාමාන්‍යයෙන් මිනිසුන් කෙරෙහි ආක්‍රමණශීලී නොවේ. බොහෝ විට බෝට්ටු සහ කිමිදුම්කරුවන් වෙත ළඟා වන්නේ ආක්‍රමණශීලීත්වයෙන් නොව කුතුහලය නිසා බවත් තල්මසුන් විද්‍යාඥයින් වෙබ් පිටුවේ දැක්වෙන්නේ.

    කෙසේ වෙතත්, ස්පර්ම් තල්මසුන් මෙන්ම විශේෂයෙන් ඕර්කා හෝ කිලර් වෙල් වැනි තල්මසුන් මිනිසුන්ට තුවාල කර හෝ බෝට්ටු වලට හානි කළ අවස්ථා තිබේ. ඇතැම් විට, තල්මසුන් ජලයෙන් පැන බෝට්ටු මතට පනින අවස්ථා හෝ කුඩා බෝට්ටුවල කොටස් කඩා ගෙන යන අවස්ථා ගැන විශේෂඥයින් පෙන්වා දෙන්නේ බොහෝවිට මේවා නොදැනුවත්වම හෝ සෙල්ලක්කාර කම් නිසා සිදු වන බවයි. එවැනි වාර්තා මෙතනින් සහ මෙතනින්.

    මිනිසුන්ට හිතාමතා ප්‍රහාර එල්ල කිරීම දුර්ලභ වුවද, මේ මසදී මෑතකදී වූ චිලියේ Kayaker සිදුවීම ගැන සැලකිලිමත් වූහොත්, මැගෙලන් සමුද්‍ර සන්ධියේ කයාකිං(kayaking) කරමින් සිටියදී Adrian Simancas කෙටි කලකට හම්ප්බැක් තල්මසෙකු විසින් ගිල දමන ලදී. තල්මසා ඉක්මනින් ඔහුව තම මුඛයෙන් මුදා හැරිය අතර, ඔහු කිසිදු අනතුරකින් තොරව නැවත මතු විය. මෙම සිදුවීම මගින්ද, පැහැදිලි වන්නේ හම්ප්බැක් තල්මසුන්ට මිනිසුන් ගිල දැමීමට ව්‍යුහ විද්‍යාත්මක හැකියාවක් නොමැති බවයි. එම අවස්ථාවේ වීඩියෝව මෙතනින්.

    මේ පිළිබඳ වෙනත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    තල්මසුන් මිනිසුන් අනුභවය කරනවාද?

    තල්මසුන්, මිනිසුන්ව අනුභව නොකරයි. ඔවුන් සාමාන්‍යයෙන් මිනිසුන්ට තර්ජනයක් නොවන සත්ත්ව කොට්ඨාශයකි. ඔවුන්ගේ ආහාර යාන්ත්‍රණයන් සහ ආහාර වේල මිනිසුන් වැනි විශාල ක්ෂීරපායින් පරිභෝජනය කිරීමට සුදුසු නොවේ.

    නිල් තල්මසුන්(blue whales) සහ හම්ප්බැක් තල්මසුන්(humpback whales) වැනි විශාලතම තල්මසුන් ජලයෙන් ආහාර පෙරීම සඳහා බැලීන් තහඩු භාවිතා කරමින් ක්‍රිල් සහ කුඩා මාළු වැනි කුඩා ජීවීන් අනුභව කරයි.

    ඕර්කාස් තල්මසුන්(orcas whales) සහ ස්පර්ම් තල්මසුන් (sperm whales) වැනි දත් සහිත ඝාතක තල්මසුන් පවා මාළු, දැල්ලන් සහ සමුද්‍ර ක්ෂීරපායින් ගොදුරු කර ගනී. විශාල ගොදුරක් පරිභෝජනය කිරීමට හැකියාව තිබුණද, ඔවුන් ද, මිනිසුන් දඩයම් කිරීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැහැ.

    තල්මසුන්ගේ ප්‍රාථමික පවුල් දෙකක් තිබේ. ඒවා නම් බැලීන් තල්මසුන් (baleen whales) සහ දත් සහිත තල්මසුන් (toothed whales)වේ.

    දත් සහිත තල්මසුන් (Odontoceti)

    මෙම තල්මසුන් මාළු, දැල්ලන් සහ සමුද්‍ර ක්ෂීරපායින් වැනි ගොදුරු පවා ක්‍රියාශීලීව දඩයම් කරයි.

    උදාහරණ: ස්පර්ම් තල්මසුන් , ඕර්කාස් , ඩොල්ෆින් සහ පෝපොයිස්(porpoises) (කුඩා දත් සහිත තල්මසුන්), බෙලූගා තල්මසුන් (Beluga whales)සහ නර්වාල් (narwhals)

    බැලීන් තල්මසුන් (Mysticeti)

    දත් වෙනුවට, ඒවායේ කෙරටින් (නියපොතු වැනි) වලින් සාදන ලද බැලීන් තහඩු ඇති අතර, ඒවා ක්‍රිල් සහ කුඩා මාළු පෙරීමට පෝෂණය කිරීමට භාවිතා කරයි.

    උදාහරණ: නිල් තල්මසුන් , හම්ප්බැක් තල්මසුන් , අළු තල්මසුන්(Gray whales) , ෆින් තල්මසුන්(Fin whales)

    ශ්‍රී ලංකාව, තල්මසුන් නැරඹීම සඳහා ලෝකයේ පවතින හොඳම ස්ථානවලින් එකක් වනවා. මෙරට දී දත් සහිත තල්මසුන් සහ බැලීන් තල්මසුන් යන දෙවර්ගයම ඔබට දැක ගැනීමේ හැකියාව පවතිනවා.

    ශ්‍රී ලංකාවේ ඔබට දැකිය හැකි තල්මසුන්, ස්පර්ම් තල්මසා, ඔර්කාස්, ඩොල්ෆින් වන අතර බැලීන් තල්මසුන් වන නිල් තල්මසුන් ශ්‍රී ලංකාවේ නිතර දක්නට ලැබෙන අතර ,බ්‍රයිඩ්ගේ තල්මසා (Bryde’s Whale) බොහෝ විට වෙරළ ආසන්නයේ දක්නට ලැබේ. හම්ප්බැක් තල්මසා (දුර්ලභ නමුත් ඇතැම් විට සංක්‍රමණයේදී දක්නට ලැබේ)

    ශ්‍රී ලංකාවේ තල්මසුන් නැරඹීම සඳහා හොඳම ස්ථාන වන්නේ:

    මිරිස්ස – නිල් තල්මසුන් සහ ස්පර්ම් තල්මසුන් නැරඹීමට හොඳම ස්ථානය (නොවැම්බර්-අප්‍රේල්)

    ත්‍රිකුණාමලය – නිල් තල්මසුන් සහ ඕර්කා (මාර්තු–අගෝස්තු)

    කල්පිටිය – ඩොල්ෆින් සහ ඇතැම් අවස්ථා වලදී තල්මසුන් ද නැරඹිය හැක. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, තල්මසෙකුට බිලි වූ බහුදින යාත්‍රාවක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව AI නැත්තම් කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි. තල්මසුන් මිනිසුන් ආහාර ලෙස ලබා නොගන්නා අතර, මෙවැනි සිදුවීමක් ද, මෙරටින් වාර්තා වී නොමැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-03-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.