
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්ය හරහා හුවමාරු වනවා. ඒ අතර, ගංවතුර පවතින අවස්ථාවක දී අලියකුගේ පිට මත දිවියකු නැග සිටින ජායාරූපයක් සහ වීඩියෝ පටයක් සමාජ මාධ්ය තුළ සංසරණය වුනා. සමාජ මාධ්ය තුළ හුවමාරු වුනු අතර අදාල දර්ශන සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ,
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
අලියෙකු පිට මත දිවියෙකු මෙලෙසින් යාල ප්රදේශයේ දී දැකගන්නට ලැබුණු බවත්, එහිදී දිවියා දැවැන්ත ගංවතුර තත්වයකින් බේරීමට මෙසේ කටයුතු කරන බවත් ඒත්තු ගන්වන වීඩියෝවක් පහතින්.

මෙම වීඩියෝව ලංකාවේ පමණක් නොව ජාත්යන්තරසමාජ මාධ්ය සහ මාධ්ය තුළ ද බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්,


අදාල දර්ශනය සැබෑ එකක් යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඒ අනුව අප විසින් ගංවතුර තත්වයක් හමුවේ වුව ද මේ ආකාරයකට විලෝපිකයෙකු වන දිවියෙකු සහ අලියෙකු (විශාල ශාකභක්ෂකයෙකු) සහයෝගීව කටයුතු කිරීම අස්වාභාවික බැවින් , විශේෂයන්ම දිවියන්ගේ සංරක්ෂණ කටයුතු සඳහා විශාල දාකයක්ත්වයක් ලබා දී ඇති පරිසරවේදිණීයක වන අංජලී වොට්සන් මහත්මියගෙන් මේ පිළිබඳව විමසීමක් කලා. එහිදී ඇය සඳහන් කර සිටියේ ද අලියකු සහ දිවියකු අතර මෙවැනි දෙයක් සිදුවීමේ සම්භාවිතාවක් නොමැති බවත්, එවැනි සිදුවීමක් පිළිබඳව වාර්තා වී නොමැති බවත් ය.
එසේම ගංවතුර තත්වයක දී අලි ඇතුන් නිශ්චලව නොසිටින අතර ආරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීම සඳහා ඔවුන්ගේ ශාරීරික ශක්තිය සහ බුද්ධිය භාවිතා කරයි. තවද ඔවුන්ට පිහිනීමේ හැකියාවක් තිබෙන බැවින් ද බොහෝවිට සිදුවන්නේ ඔවුන් ප්රබල ධාරා සමඟ පොරබදමින් ආරක්ෂිත ස්ථානයක් කරා යාමට උත්සහ කිරීමයි. එබැවින් අලියෙකු මෙවැනි ජල ධාරාවක් මේ අයුරින් නිශ්චල සිටීම ද ප්රයෝගික සිදුවන්නේ නැහැ.
තවද කිසිඳු ප්රධාන මාධ්යයක් විසින් හෝ තහවුරු කරන ලද මූලාශ්රයක් හරහා අදාල සිදුවීම වාර්තා කර තිබුනේ නැති අතර මේ දිනවල යාල ප්රදේශය සිටින පරිසරවේදිනියකගෙන් ද අප මේ පිළිබඳව විමසූ විට ද තහවුරු කළේ මෙවැන්නක් සිදු නොවූ බවත්, එය ව්යාජ නිර්මාණයක් බව පෙනී යන බවයි.
එසේම වයිරල් වී ඇති දර්ශන පෙළ පරික්ෂා කිරීමේ ජලය ගමන්කරන ආකාරය ඇතුළු අස්වාභාවික ස්ථාන කිහිපයක්ම නිරීක්ෂණ වන නිසාවෙන් අප අදාළ වීඩියෝවේ දර්ශන කෘත්රිම බුද්ධි (AI) අන්තර්ගත හඳුනාගැනීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කරනු ලැබුවා.
AI මගින් නිර්මාණය කරන දර්ශන පෙළක්!
එහිදී ද අදාළ වීඩියෝව සහ ඡායාරූපය කෘතිම බුද්ධිය මගින් නිර්මාණය කර ඇති විශාල සම්භාවිතාවයක් තිබෙන බව දැකගනන්ට ලැබෙන්නේ මෙලෙසින්.


විශේෂයෙන් මෙවන් ව්යසනකාරී තත්වයක් තුළ වගකිව යුතු පුරවැසියන් ලෙස කෘත්රිම බුද්ධිය හරහා මෙවන් නොමග යවනසුළු දර්ශන පතුරවා සිටීමෙන් වැලකී සිටින ලෙස Fact Crescendo අප කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිනවා.
🌊🚫 Don’t let AI-made visuals flood your feed with fear and fake news! Verify before you amplify. Stay informed and help stop the spread of misinformation during times of crisis. Transparency is key in building trust, not chaos. 👐 #TrustAndVerify #StopFakeNews #SriLanka pic.twitter.com/stlyeMMw24
— Fact Crescendo Sri Lanka 🇱🇰 (@factcrescendosl) November 28, 2025
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්රී ලංකාවේ ගංවතුර අතරතුර තත්වයන් අලියකු ගේ පිට මත දිවියකු නැග සිටින දර්ශනය සත්යක් නොව කෘත්රිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද්දක් බවයි.



