Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කැලිෆෝර්නියා ලැව්ගින්නට සම්බන්ධකරමින් පැතිරෙන නොමගයවන සුළු සේයාරූ සහ වීඩියෝ 

    2025-01-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මේ වන විට දින සතියකට ආසන්න කාලයක් පුරාවට ලැව්ගිනි තත්ත්වයක් පැතිර යමින් පවතිනවා. ඒ පිලිබදව මුළු ලෝකයේම අවධානය යොමුව තිබියදී , ඒ සම්බන්ධයෙන් නො

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මේ වන විට දින සතියකට ආසන්න කාලයක් පුරාවට ලැව්ගිනි තත්ත්වයක් පැතිර යමින් පවතිනවා. ඒ පිලිබදව මුළු ලෝකයේම අවධානය යොමුව තිබියදී , ඒ සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් ලංකාවේ ද සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර සංසරණය වන අයුරු අපට නිරීක්ෂණය වුණා. මේ, ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිව පවත්නා ලැව්ගිනී තත්ත්වය හේතුවෙන් ලොස් ඇන්ජලිස් මුළු ප්‍රදේශයම  ගිනි ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල පැතිරුනේ පහත අයුරින්.

    FB | Archived 

    එසේම ගිනි නිවන භටයන් විසින් සතුන්ව ගින්නෙන් මුදාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් පහත අයුරින් සංසරණය වුණා.

    FB | Archived 

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කරා.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    ජනවාරි 7 වැනිදා සිට මේ දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නගරය අවට ප්‍රදේශ, මීට පෙර අවස්ථාවල දී මුහුණ නොදුන් ආකාරයේ දැවැන්ත ලැව්ගිනි තත්ත්වයකට මුහුණ පාමින් සිටිනවා.  එම ලව්ගින්නෙන් මෙතෙක් ඇතිව තිබෙන හානිය, පැතිරීම, ගින්න මැඩලීමට ගන්නා උත්සාහ වලට ඇතිවූ බාධක මෙන්ම මේ සඳහා මුල් වූ හේතු සහ දේශගුණික විපර්යාසයන්හි බලපෑම් ඇතුළු කරුණු ගැන සැලකිලිමත් වෙමින් අප සිදුකළ කරුණු විමසා බැලීමක් කියවිය හැකියි මෙතනින්  

    පළමු වීඩියෝවේ පරික්ෂාව: 

    මුලින්ම ලැව්ගින්න විශාල ලෙස පැතිර යන බවක් දැක්වෙන වීඩියෝව පිලිබදව අප විමසා බැලුවා. 

    මෙම වීඩියෝව රූපරාමු වලට වෙන්කරගත් විට මෙය සැකසී ඇත්තේ එකිනෙකට වෙනස් වීඩියෝ කොටස් 6 කින් පමණ වන බවක් දැක ගන්නට ලැබෙනවා. 

    මුලින්ම දක්නට ලැබෙන්නේ පොල් ගස් වැනි ගස් වර්ගයක් ඇති පාරක් සහ එම මාර්ගය ගිනි ගන්නා කදු ප්‍රදේශයක් වෙත යොමුව ඇති බවක්. දෙවැනි රාමුවේ දැක්වෙන්නේ අහසේ ගිනි දළු පිරි ඇති අවස්ථාවක මාර්ග සලකුණු පුවරුවක් අතර වාහන නවතා තබා ඇති අයුරුයි. තුන්වන රාමුවේ දැක්වෙන්නේ අහසේ සිට නිරීක්ෂණය කල විට විට ගිනිගන්නා නගරයක් දිස්වන අයුරුයි. හතරවන රූප රාමුවේ දැක්වෙන්නේ මාර්ග සහ ගොඩනැගිලි ගින්නෙන් දැවෙන අයුරුයි. පස්වන රුපරාමුවේ දැක්වෙන්නේ කදුකර ප්‍රදේශයක් ගින්නෙන් වෙලී ඇති අයුරුයි. හයවන රාමුවේ දැක්වෙන්නේ ගිනි ගන්නා නගරයක් සහ රත් පැහැයට හැරුණු අහසයි.

    බැලු බැල්මටම මෙහි ඇතැම් දර්ශන කෘතීම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය කළ වීඩියෝවල දක්නට ලැබෙන ගුණාංග පෙන්වන අතර, අප එම එක් එක් රාමුව AI Detection මෘදුකාංගයක කිහිපයක් මගින් මගින් විමසා බැලීමකට ලක්කලා .

    Wasit AI detection නමැති මෘදුකාංගයක් භාවිතා කල විට දැකගත හැකිවන්නේ ඉහත රූපරාමු AI භාවිතයෙන් සකසා ගත් ඒවා වීමට බොහෝ දුරට හැකියාවක් පවතින   බවයි. එම තොරතුරු පහතින්.

    එසේම AI ආශ්‍රිත නිර්මාණය පරික්ෂා කිරීමට අප නිතර යොදා ගන්නා Hive Moderation AI detection tool භාවිතා කල විටත් මේවා කෘතීම බුද්ධිය ආශ්‍රිතව සකසා ඇති බවක් දක්නට ලැබෙනවා. 

    Is it AI ඔස්සේ විමසුමට ලක්කළ විට දැකගත හැකිවන්නේ ද සියල්ල කෘතීම බුද්ධිය /AI භාවිතයෙන් නිර්මාණය කර ඇති බවක්. ඒ සම්බන්ධයෙන් වන විශ්ලේෂණ වාර්තාවලට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින්

    දෙවන වීඩියෝවේ පරික්ෂාව: 

    ඉන් අනතුරුව අප විමසා බැලුවේ ගින්නට හසුවූ සතුන් බේරා ගැනීමේ අයුරු දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන්.

    ඒ අනුව එම වීඩියෝවේ දර්ශන පෙළක් ද අප Wasit AI detection Tool වෙත යොමුකලා.

    එසේම තවත් එවැනි මෙවලම් ඔස්සේ ද මෙම දර්ශන AI භාවිතයෙන් නිර්මාණය කර ඇති බව දැකගන්නට ලැබුනේ මෙලෙසින්.

    ඒ අනුව පැහැදිලි වන්නේ සතුන් ගින්නෙන් මුදාගන්නා වීඩියෝ වද බොහෝ දුරට කෘතීම බුද්ධිය යොදා ගනිමින් සකසා ඇති බවයි.

    AI detection tools  යොදා නොගෙන වුවත් මෙවැනි වීඩියෝ නිර්මාණය කර ඇති බව හදුනාගත හැක්කේ බොහෝ දුරට ඇතැම් දර්ශනවල මිනිසුන්ගේ ඇගිලි වල ස්වභාවයන් අසමාන හෝ විකෘති  ලෙස දිස්වීම, අස්වාභාවික තියුණු වර්ණ රටා දිස්වීම, පසුබිමේ දක්නට ලැබෙන බොඳ වූ වර්ණයන් සහ ඇතැම් අවස්ථාවලදී පසුබිම් වර්ණයන් අධික ලෙස දීප්තිමත්ව දිස්වීම ආදිය මගිනි. 

    එමෙන්ම අස්වාභාවික ලෙස මුළු නගරයක්ම ගින්නෙන් දැවෙන ආදී අතාත්වික සේයාරූ ආදිය අන්තර්ගත වීම මගින්ද මෙම වීඩියෝවල දැක්වෙන සේයාරූ කෘතිමව සකසා ඇති බවක් හදුනාගත හැක. 

    එසේම ලොස් ඇන්ජලිස් හි ගින්න ඇතිවූ මුල් දින කිහිපයේ ද ගින්න හේතුවෙන් හොලිවුඩ් (Hollywood) ලෙස දක්වා ඇති අකුරු පෙන්වන සුප්‍රකට අකුරු පෙළ ඇති ස්ථානය ද ගින්නට ලක්ව ඇති අයුරු, AI ඔස්සේ නිර්මාණය කළ ඡායාරුප පෙළකින් දක්වා තිබු අතර ඒ පිලිබඳ අප Factcresendo කණ්ඩායම ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ෂණයක් පහතින්.

    AI Images Go Viral As Iconic Hollywood Sign on Fire

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion අවසාන නිගමනය 

    අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වන්නේ කැලිෆෝර්නියා වල අධික ලැව්ගිනි තත්ත්වයක් සත්‍ය වශයෙන් පවතින නමුත් එය පාදක කරගෙන සමාජ ජාලාවල පැතිරෙන ඇතැම් සේයාරූ සහ වීඩියෝ ආදිය නොමගයවන සුළු ආකාරයට කෘතීම බුද්ධිය යොදාගනිමින් ඩිජිටල් ආකාරයට සංස්කරණයට ලක්කර ඇති  ඒවා වන බවයි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-01-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.