Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සමූල ඝාතනයන් සිදු කළ වෙඩික්කරුගේ ෆේස්බුක් ගිණුමද?

    2025-12-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඕස්ට්‍රේලියාවම කම්පාවට සහ භීතියට පත් කරමින් සිඩ්නි නගරයේ බොන්ඩි වෙරළ තීරයේ විශාල ජනකායක් ඉලක්ක කර ගනිමින් පසුගිය නොවැම්බර් 14 වැනිදා කුරිරුවෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. පුද්ගලයින් 15 දෙනෙකු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඕස්ට්‍රේලියාවම කම්පාවට සහ භීතියට පත් කරමින් සිඩ්නි නගරයේ බොන්ඩි වෙරළ තීරයේ විශාල ජනකායක් ඉලක්ක කර ගනිමින් පසුගිය නොවැම්බර් 14 වැනිදා කුරිරුවෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. පුද්ගලයින් 15 දෙනෙකු මරණයට පත් කළ මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ එක් වෙඩික්කරුවකු පොලිස් වෙඩි පහරින් මියගිය අතර, අනෙක් වෙඩික්කරු පොලිස් වෙඩිපහරින් අසාධ්‍යව රෝහල්ගතව සිටිනවා. මේ සිදුවීමට අදාලව ව්‍යාජ තොරතුරු රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    මේ වන විට ජීවතුන් අතර සිටින වෙඩික්කරු ට අයත් ෆේස්බුක් ගිණුමක් බව පවසමින් ෆේස්බුක් ගිණුමක ජායාරූපයක් හුමාරු වී තිබුනේ ඔහු ඊශ්‍රායල ජාතිකයකු බවටත් ඔහුගේ සැබෑ නම වන ‘ඩේවිඩ් කොහෙන්’ (David Cohen) වන බවත් පවසමින්.

    Facebook | Archived Link  FB

    එම ජායාරූපය තවදුරටත් විවිධ සමාජ මාධ්‍ය වේදිකා තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    X  | Facebook

    සිංහල සහ දමිළ භාෂාවෙන් ද මෙම සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    FB FB

    සත්‍ය ලෙසම මෙම ඡායාරූපයේ දැක්වෙන ෆේස්බුක් ගිණුම වෙඩික්කරුට අයත් ෆේස්බුක් ගිණුමක්ද යන්නත්, ඔහු ඊශ්‍රායල ජාතිකයකුද යන්නත්, ඔහුගේ සැබෑ නම ඩේවිඩ් කොහෙන් ද යන්නත් පිළිබඳව පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    අදාල ජායාරූපයේ ඇති වෙඩික්කරුගේ යැයි කියනු ලබන ෆේස්බුක් ගිණුම සමීපව නිරීක්ෂණය කිරීමේදී එහි සාමාන්‍ය ෆේස්බුක් ගිණුමකට සාපේක්ෂව වෙනස්කම් දකින්නට ලැබුණා. 

    එසේම අදාළ සටහන් සඳහා යොදාගෙන ඇති ෆේස්බුක් ගිණුමේ ඇති ජායාරූපය සමීපව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ සැබෑ ෆේස්බුක් ගිණුමකට වඩා වෙනස්වන නොගැලපෙන අංග කිහිපයක්ම එහි දකින්නට ඇති බවයි.

    ‘Add new friends’ යන අංගය සාමාන්‍යයෙන් ෆේස්බුක් ගිණුමක ඉහළ දකුණු කෙළවරේ නිල් පැහැයෙන් දක්නට ලැබෙනවා. නමුත් මෙම ජායාරූපය තුළ එය දක්නට ඇත්තේ About යන අංගය ඇතුලතයි. 

    එසේම වයිරල් ඡායාරූපයේ දැක්වෙන “Eeopis” සහ “Engage” වැනි වචන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලාවේ ගිණුමක විස්තර දැක්වීමේ දී ඔබට පෙන්වන අංග ද නොවේ.

    එසේම අප විසින් පරීක්ෂා කිරීමේදී මෙම ෆේස්බුක් ගිණුමේ සඳහන් වන් ඩේවිඩ් කොහෙන් යන නමින් ෆේස්බුක්හි සඳහන් නම් පරික්ෂා කළ අතර එහිදී එම නමින් පුද්ගලයින් රැසක් සිටිය ද බොන්ඩි වෙරළ කුරිරු අපරාධය සිදුකළ පුද්ගලයාගේ රුපයක් සහිත ගිණුමක් දැක ගන්නට ලැබෙන්නේ ද නැහැ.

    කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරුපයක්

    එම හේතුව නිසාවෙන් අප විසින් එම ඉහත ජායාරූපය කෘත්‍රිම බුද්ධි අන්තර්ගත පරීක්ෂා කිරීමේ මෙවලම් හරහා පරීක්ෂාවට ලක් කලා. එහිදී තහවුරු වූයේ මෙම ජායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ජනනය කළ බවට ඉහළ සම්භාවිතාවක් ඇති බවයි. 

    වෙඩික්කරුවන්ගේ නම් මොනවා ද?

    වෙඩි තැබීමේ චෝදනාවට ලක්වූවන් සජිඩ් අක්‍රම් සහ ඔහුගේ පුත් නවීඩ් ලෙස ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මරණයට පත්වූ 50 හැවිරිදි වෙඩික්කරු වන සජිඩ් අක්‍රම්, 1990 දශකයේ අගභාගයේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවී, වරින් වර ඉන්දියාවට ගොස් නැවත පැමිණි, ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ඉන්දියානු ජාතිකයෙකු බව එරට බලධාරීන් පෙන්වා දෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. 

    සජිඩ් ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙකු නොවුන ද ඔහුගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ ඕස්ට්‍රේලියානු පුරවැසියන් වනවා. ඒ අනුව වෙඩි තැබීමට සම්බන්ධ වූ අනෙක් වෙඩික්කරු ලෙස හඳුනාගෙන තිබෙන්නේ නවීඩ් නමැති  සජිඩ්ගේ 24 හැවිරිදි පුත්‍රයායි. නමුත්  නවීඩ්ට “ඩේවිඩ් කොහෙන්” යන අන්වර්ථ නාමය ඇති බවට හෝ වාර්තා නැහැ.

    මේ ගැන සිදුකර තිබු තවත් කරුණු විමර්ෂණ කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

    ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද මේ පිළිබඳව පැහැදිලි කරමින් වාර්තා කර ඇත්තේ මෙම වෙඩික්කරු ‘ඊශ්‍රායල’ ජාතිකයකු වන බවටත්, ඔහුගේ නම ඩේවිඩ් කොහෙන් වන බවටත් පවසමින් හුවමාරු වන්නේ ව්‍යාජ ෆේස්බුක් ගිණුමක ජායාරූපයක් බවයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. 

    බොන්ඩි වෙරළ තීරයේ සමූහ වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ බොන්ඩි වෙරළ තීරයේ පසුගියදා වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවකුගේ ලෙසින් හුවමාරු වන ෆේස්බුක් ගිණුමක ජායාරූපය සැබෑ එකක් නොව කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ව්‍යාජ ගිණුමක් බවයි. එසේම මෙම වෙඩික්කරු ඩේවිඩ් කොහෙන් යන නමින් හැඳින්වූ බවට කිසිඳු නිල තහවුරු කිරීමක් ද නොමැත. ඔහු ඊශ්‍රායල ජාතිකයකු  නොවන අතර ඕස්ට්‍රේලියාවේදී උපත ලද ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයෙකු බවටයි තහවුරු වී තිබෙන්නේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PH

    Pavithra Hansani

    Political Correspondent

    Political correspondent with expertise in Sri Lankan government affairs and policy analysis.

    Published: 2025-12-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.