Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පසුගියදා සිදු වූ පූර්ණ සූර්යග්‍රහණයේ සත්‍ය ඡායාරූපයක් ද?

    2024-04-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දා උතුරු අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවලට පූර්ණ සූර්යග්‍රහණයක් පසුගියදා දැකගත හැකි වුණා. නොමඟ යවන අන්තර්ගත ඇතුළත් සමාජ මාධ්‍ය සටහන් රැල්ලක් සමඟින් වුවද, මෙම සිදුවීම සමාජ මාධ්‍යවල උණුසුම්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    පසුගිය දා උතුරු අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවලට පූර්ණ සූර්යග්‍රහණයක් පසුගියදා දැකගත හැකි වුණා. නොමඟ යවන අන්තර්ගත ඇතුළත් සමාජ මාධ්‍ය සටහන් රැල්ලක් සමඟින් වුවද, මෙම සිදුවීම සමාජ මාධ්‍යවල උණුසුම් මාතෘකාවක් ලෙස තවම ත් පවතී.

    සමාජ මාධ්‍ය සටහන් :

    වසර 7කට පසු පසුගියදා , සිදු වූ සූර්යග්‍රහණයේ හොඳම ඡායාරූප අතරින් එක් ඡායාරූපයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වූ තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link Facebook | Archived Link 

    මෙම ඡායාරූප සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කරගනිමින් අප මේ පිළිබඳ විමර්ශනය කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත ඡායාරූපය සත්‍ය වශයෙන් ම සූර්යග්‍රහණ අවස්ථාවක් නිරූපණය කරන අතර චන්ද්‍රයාගේ සෙවනැල්ලෙන් සූර්යයාගේ කොටසක් ආවරණය වන අතර එහි දාරවල සූර්ය කිරණ දිස්වන අයුරු දැක ගන්නට ලැබේ. නමුත් මෙම ඡායාරූපය සමීපව පරීක්ෂා කිරීමේදී, එම රූපයේ පැති කිහිපයක් අස්වාභාවික ලෙස පෙනේ. 

    උදා: සූර්යයාගේ ප්‍රමාණය අසාමාන්‍ය ලෙස විශාලව පෙනෙන අතර, හිරු කිරණ අස්වාභාවික අයුරින් යථාර්ථවාදී නොවන බව ට දැක ගන්නට ලැබේ.

    ඒ හේතුවෙන් මෙහි සත්‍ය තොරතුරු සෙවීම සඳහා අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අනාවරණය වූයේ මෙය පසුගියා සිදුවූ පූර්ණ සූර්යග්‍රහණය කෘතිම බුද්ධිය(AI) ඔස්සේ නිරූපණය කළ අවස්ථාවක් බවයි.

    astronomyperplex නමැති විද්‍යාව, තාක්ෂණය සහ ඉංජිනේරු තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ඇති Instagram පිටුවක පළ කර ඇති ඡායාරූපයක් බවයි.

    View this post on Instagram

    A post shared by Astronomy Perplex (@astronomyperplex)

    මෙම ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූපයක් ද, යන්න මෙවලමක් ඔස්සේ තවදුරටත් පරික්ෂා කර බැලූ අතර එහි ප්‍රතිඵල වලින් ද, තහවුරු වූයේ මෙම ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූපයක් බවයි.

    ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම කරුණු විමර්ශන වාර්තාව කියවීම මෙතනින්.

    Also Read : 

    2024 අප්‍රේල් 8 වන දින උතුරු ඇමරිකානු මහද්වීපයට බලපාන පූර්ණ සූර්යග්‍රහණය, ලංකාවට දිස් වන්නේ නැහැ!

    2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයේ වීඩියෝ අවස්ථාවක් ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගිය දා සිදුවූ පූර්ණ සූර්යග්‍රහණ අවස්ථාවේ ලබා ගත් සත්‍ය ඡායාරූපයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-04-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.