දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දශක කිහිපයක් තිස්සේ ශ්රී ලංකාවේ සුභාවිත ගීත සාහිත්ය පෝෂණය කිරීමට අතිමහත් සේවයක් ඉටු කළ පූජ්ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පසුගියදා අපවත් වූහ. උන්වහන්සේ වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි පිරිස ලෙස දක්වමින් විශාල ජනකායක් එළිමහනක සිටින ඡායාරූපයක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණි. එම ඡායාරූපය සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :



Facebook | Archived Link Facebook Facebook
ඒ අනුව මෙහි සත්ය අසත්යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
පූජ්ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ 2026 අගෝස්තු 18 වන දින ශ්රී ජයවර්ධනපුර රෝහලේදී අපවත් වූ අතර උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය 2026 අගෝස්තු 21 වන දින දෙහිවල ශ්රී සරණංකර ක්රීඩාංගණයේදී රාජ්ය අනුග්රහය සහිතව පවත්වන ලදී. පූජ්ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සහ අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවන් සඳහා මහා සංඝරත්නය, ප්රමුඛ දේශපාලන නායකයින්, කලාකරුවන් සහ විශාල මහජනතාවක් සහභාගී වූහ.
කෙසේ වෙතත් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ හිමිනමකට ඉදිකෙරෙන සෑයකට වඩා වෙනස් හැඩයකින් යුත් වේදිකාවක හැඩයකින් යුත් ස්ථානයක් දැක්වීම ක්, කොළඹ දක්නට නොලැබෙන ආකාරයේ ඈතින් විශාල දාගැබක් දක්නට ලැබීම ත්, දෙහිවල ශ්රී සරණංකර ක්රීඩාංගණයේ පසුබිම නොවීම ත්, රැස්ව සිටින සෙනඟ බවට පෙන්වා ඇති ඡායාරූපයේ මිනිසුන් නැවත නැවතත් වෙනත් ස්ථාන වල දක්නට ලැබීමත් යන සැකය මත අප මේ පිළිබඳව ප්රධාන මාධ්ය ධාරා හරහා පරීක්ෂා කරනු ලැබුවා.
ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේ අවමංගල්ය උත්සවය සහ ආදාහන පූජෝත්සවය සජීවීව වාර්තා කර තිබූ අතර, එම දර්ශන පරීක්ෂා කිරීමේදී, ඉහත සමාජ මාධ්ය සටහන් ඔස්සේ රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි ජනතාව යනුවෙන් දක්වා ඇති ඡායාරූපයට සමාන දර්ශනයක් දක්නට නොලැබේ.
අදහන පූජෝත්සවයේ තවත් දර්ශන මෙතනින් සහ මෙතනින්.
සැබෑ අවස්ථාවේ පැමිණි සෙනඟ දැක්වෙන Drone දර්ශන

මාධ්යවේදීන්
එමෙන් ම එම අවස්ථාව ආවරණය කළ මාධ්යවේදීන් කිහිප දෙනෙකුගෙන් ද, මේ පිළිබඳව අප විමසීමක් කළ අතර, ඔවුන් තහවුරු කළේ ද, සමාජ මාධ්ය වල දැක්වෙන ආකාරයේ මහා සෙනඟක් රඹුකන සිද්ධාර්ථ හිමිගේ ආදාහන පූජෝත්සවයට නොපැමිණි බවයි. එමෙන් ම එම ඡායාරූපයේ දැක්වෙන්නේ, දෙහිවල සරණංකර ක්රීඩාංගණය ද, නොවන බවයි.
කෘත්රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ ඡායාරූපයක්
ඉහත සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබූ ඡායාරූපයට සමාන දර්ශනයක් රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වාර්තා කළ නිලමේ මාධ්ය වාර්තා වල දර්ශන කිසිවක දක්නට නොලැබුණු බැවින් සහ ඉහත ඡායාරූපයේ දක්නට ලැබූ අස්වාභාවික බව සැලකිල්ලට ගනිමින් අප විසින් අදාළ ඡායාරූපය කෘතිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කිරීමට කටයුතු කළා. එහිදී අනාවරණය වූයේ අදාළ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි.


අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ අපවත් වී වදාළ පූජ්ය රඹුකන සිද්ධාර්ථ හිමියන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි ජනතාව යනුවෙන් දක්වමින් විශාල ජනකායක් එළිමහනක රැඳී සිටින ආකාරය දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය කෘතිම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි. උන්වහන්සේගේ අවමංගල්ය පූජෝත්සවය රාජ්ය අනුග්රහය යටතේ පවත්වන ලද අතර, ඒ සඳහා මහා සංඝරත්නය, දේශපාලන නායකයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී තිබු නමුත්, වයිරල් ඡායාරූපයේ දැක්වෙන පරිදි අතුරු සිදුරු නැතිව ක්රීඩාංගණයක් පිරි ඉතිරි ගිය ආකාරයේ ඇති විශාල ජන ගඟක් දැක ගන්නට ලැබුනේ නැහැ.



