Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දළදා වැඳගන්න සිවුරක් පොරෝගෙන පැමිණි සිසුවාගේ සත්‍ය ඡායාරූපයක් ද?

    2025-04-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දළඳා වැඳගැනීමට පාසල් සිසුවෙක් සිවුරක් පොරවාගෙන පැමිණි බවත් ඔහුව පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඡායාරූපයක් බවටත් ඇඟවෙන අයුරින් වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පැවති බැවින් මෙම ඡායාරූප වීඩියෝ සත්‍ය ඒවාද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media):

    “දළඳා වැඳගන්න සිසුවෙක් සිවුරක් පොරවගෙන ඇවිත් – මොනව වුණත් පව් කොල්ලා. ධාතුන් බලන්න යන්න දෙන්න තිබුණේ.”

    යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් භාවිතා කරමින් සකස් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරින්. බොහෝදෙනෙක් මෙම වීඩියෝව නරඹා තිබූ අතර විවිධ අදහස් ද මේ සම්බන්ධයෙන් පළ කර තිබුණා.

    Fb

    ඇතමුන් මෙම ඡායාරූපය සත්‍ය එකක් බවත්, එලෙස අත්අඩංගුවට ගත් සිසුවාගේ ඡායාරූප පළකිරීම අනුමත කළ නොහැකි බවටත් අදහස් දක්වා තිබුණා.

    තවත් පිරිසක් මෙම වීඩියෝව සත්‍ය එකක් ද යන්න සමබ්න්ධයෙන් ද විමසීමක් සිදුකර තිබුණා.

    එමෙන් ම තව ද දළඳා වැඳ ගැනීමට සිසුවෙක් සිවුරකින් සැරසී පැමිණි බවට තොරතුරු සහිතව ම මෙම ඡායාරූපය පළ කර තිබුණේ මෙලෙසින්.

    Archive |fb

    එබැවින් මෙම සිදුවීම සහ මෙම ඡායාරූප සත්‍ය ඒවාද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පළමුව අප සිසුවෙක් දළඳා වන්දනාව සඳහා සිවුරකින් සැරසී පැමිණි බවට වන සිදුවීම සත්‍ය එකක් ද යන්න සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කළ අතර ඒ අනුව එවැනි සිදුවීමක් සත්‍ය ලෙස ම සිදුවී ඇති බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    එනමුත් කිසිඳු ප්‍රධාන මාධ්‍යයක් ඔස්සේ හෝ පුවත් වෙබ් අඩවියක් ඔස්සේ මෙම සිදුවීමට අදාළව සිසුවාගේ ඡායාරූප හෝ වීඩියෝ කිසිවක් පළකර තිබුණේ නෑ.

    ඒ අනුව අප මේ සම්බන්ධයෙන් දළඳා මාළිගාව පොලිසියෙන් සහ මහනුවර පොලිස් ස්ථානයන්ගෙන් විමසීමක් සිදුකළ අතර එම පොලිස් ස්ථාන විසින් ද තහවුරු කරනු ලැබුවේ මෙම සිදුවීම සත්‍ය එකක් වන නමුත් මෙම සිදුවීමට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබූ ඡායාරූපය අසත්‍ය වන බවයි. 

    එමෙන් ම මෙම සිදුවීමට අදාළව ඡායාරූප මාධ්‍යයේ පළ නොවූ බව ද මහනුවර පොලිස් ස්ථානය විසින් සඳහන් කරනු ලැබුවා. මේ වන විට එම සිසුවා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, මහනුවර පොලිසිය සඳහන් කරනු ලැබුවා.

    මෙම ඡායාරූපය හොඳින් පරීක්ෂා කිරීමේදී ද මෙහි අස්වාභාවික ස්වභාවයක් පෙන්නුම් කරන අතර පොලිස් නිලධාරියාගේ ඇඳුමේ ඇති නිල ලාංඡනය ද ශ්‍රී ලංකා පොලිස් ස්ථානයේ නිල ලාංඡනය නොවන බව පෙනී යනවා.

    ශ්‍රී ලංකා පොලිසිස් ඇඳුමේ අන්තර්ගත නිල ලාංඡනයව්‍යාජ නිල ලාංඡනය

    එමෙන් ම පසුබිමෙන් ඇති දළඳා මාළිඟාවේ ඡායාරූපයේ ද යම් යම් වෙනස්කම් පවතින බව දැකගත හැකිය. දළඳා මාළිගාවේ සත්‍ය ඡායාරූපයක් හා සංසන්දනයේදී මේ බව මනාව වැටහෙනු ඇත.

    එමෙන් ම පාසල් සිසුවෙක් භික්ෂුවක් ලෙස වෙස්වලාගෙන පැමිණෙන්නේ නම් ඔහු පාසල් ඇඳුමෙන් සැරසී සිටීම ප්‍රායෝගික නොවන බව ඔබට වැටහෙනවා ඇති.

    වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා අප මෙම ඡායාරූපය කෘතිම බුධිය ඔස්සේ නිර්මාණය කළ එකක් දන්න ද පරීක්ෂා කළ අතර එය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ එකක් බව තහවුරු විය.

    සිවුරු පෙරවාගෙන හිමිනමක් සේ වෙස්වලාගෙන දළඳා වැඳගැනීමට පැමිණි සිසුවාගේ සිදුවීම

    සිවුරු පෙරවාගෙන හිමිනමක් සේ වෙස්වලා පැමිණ  දළදා වඳින්නට උත්සාහ කළ කිරිඳිවැල ප්‍රදේශයේ පාසලක 12 වසරේ අධ්‍යාපනය ලබන 17 හැවිරිදි සිසුවෙක් පසුගිය අප්‍රේල් 23 මහනුවර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    භික්ෂු වෙස් ගත් මෙම සිසුවා ප්‍රධාන ගේට්ටුවෙන්  මාළිගාවට ඇතුළුවන්නට උත්සාහ කර ඇති බවත් භික්ෂූන්වහන්සේ දළදා වන්දනාවට එන ක්‍රමවේදයක් ඇති බැවින් ඔහු හුදකලාව පැමිණීම ගැන සැක සිතූ ආරක්ෂක අංශ ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

    පන්සල විමසූ විට පන්සලක් සඳහන් කළ සිවුර ඇඳ ඇති ආකාරය සහ හැසිරීම සම්බන්ධව සැකසිතූ පොලිසිය ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කරනවිට මේ සිසුවා ව්‍යාජ ලෙස සිවුරක් පොරවාගෙන පැමිණ ඇත්තේ පෝලිමේ නොසිට දළදා වඳින්නට බව ප්‍රකාශ කර ඇත.

    එමෙන්ම ඔහු හත්වැනි වියෙහි දී, එනම් 2016 දී ටික කලක් පන්සලක මහණ වී සිට ඇති බව ද හෙළි වී ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවැල, තිස්වැල්ල ප්‍රදේශයේ පදිංචි වේරහැර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකි.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    දළඳා වහන්සේ ප්‍රදර්ශණය අතරතුර සිරි දළදා වන්දනාවට පාසල් සිසුවෙක් සිවුරකින් සැරසී භික්ෂුවක් ලෙස වෙස් වළාගෙන පැමිණීමේ සිදුවීම සත්‍ය එකක් වුවත්, එම සිසුවා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරූපයක් ලෙස සංසරණය වන්නේ කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ එකක් වන අතර සත්‍ය ඡායාරූපයක් නොවේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-04-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.