Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඉන්දියාවේ මයිසූර්හි පැරණි සොහොනකට ගෞරවය දැක්වීමට විවිධ සතුන් පැමිණි අයුරු ද? 

    2025-09-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ මයිසූර් නගරයේ තිබෙන කුරුසයකට ගෞරව දැක්වීම විවිධාකාරයේ සතුන් පැමිණීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරුවෙමින් පැවතුණු අතර ඒ පිළිබඳව අප විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් මෙලෙසින්.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඉන්දියාවේ මයිසූර් නගරයේ තිබෙන කුරුසයකට ගෞරව දැක්වීම විවිධාකාරයේ සතුන් පැමිණීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරුවෙමින් පැවතුණු අතර ඒ පිළිබඳව අප විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ඉන්දියාවේ මයිසූර් නගරයේ, සියවස් ගණනාවක් පැරණි ආරාමයක් අසල පිහිටි කුරුසයක් ගසා තිබූ සොහොනක් ඉදිරියට පැමිණෙන සතුන්ගේ අසාමාන්‍ය හැසිරීම් හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වන අන්දම දැකගැනීමට හැකි විය.

    මෙම සටහන තුළ සඳහන් කර තිබෙන්නේ අලි, කොටියන් සහ වඳුරන් වැනි සතුන් මේ කුරුසිය අසල රැස්වී ගෞරවය දක්වන්නාක් මෙන් හැසිරෙන බවයි. මෙය සනාථ කරමින් රහස් කැමරා මගින් ලබාගත් දර්ශන දැකගනන්ට ලැබෙන බව කියමින් අදාළ සටහනට ඡායාරූප කිහිපයක් ද එකතු කර තිබෙනවා. එසේම අලි ඇතුන් ඔවුන්ගේ වාර්ෂික සංක්‍රමණික ගමන් මාර්ග පවා වෙනස් කරමින් මේ ස්ථානයට පැමිණෙන බව ද, එහි දක්වා තිබුණා.

    සමාජ මාධ්‍ය ඔස්සේ මේ හා සමාන තවත් රූප බොහෝ ප්‍රමාණයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද, හුවමාරු වන ආකාරය අපට දැක ගැනීමට ලැබුණි.

    Facebook, Facebook

    මෙම සමාජ මාධ්‍ය සටහන් සඳහා පරිශීලක ජනතාව විසින් ඉදිරිපත් කර තිබූ අදහස් මේ සම්බන්ධව නොතිබුනු අතරේ ඔවුන් විසින් මේ ආකාරයේ ඡායාරූප කෘතිම බුද්ධිය මගින් නිර්මාණය කළ ඡායාරූප ලෙසට අඟවමින් අදහස් එකතු කළ තිබූ ආකාරය අපට දැක ගැනීමට හැකි විය.

    Facebook 

    මෙවැනි අදහස් සමාජමාධ්‍ය තුළ පරිශීලක ජනතාව විසින් ඉදිරිපත් කිරීම තුළින් මෙහි සත්‍යතාවය පිළිබඳව පැන නැගුණු ගැටලුකාරී තත්ත්වය නිසාවෙන් අප විසින් මේ සම්බන්ධව විමර්ශනය කරන්නට විය.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම)

    අප විසින් මුලින්ම අවධානය යොමු කරනු ලැබුවේ ඉන්දියාවේ මෙවැනි කතෝලික ආගමිකයෙකුට අයත් සොහොනක් අසලට සතුන් පැමිණෙන බවට එරට ප්‍රධාන මාධ්‍ය ධාරා හෝ වෙනත් සමාජ මාධ්‍ය ධාරා ඔස්සේ අධ්‍යයනය කරනු ලැබුවද ඒ සම්බන්ධ තොරතුරක් අපට සොයා ගැනීමට හැකියාවක් නොලැබුණි.

    Animal Planet පිටුව තුළින් මෙම තොරතුරු උපුටා ගත් බවට ඉහත සමාජ මාධ්‍ය සටහන තුළ ඇතුළත් කර තිබූ බැවින් අප මෙම වෙබ් පිටුව පිළිබඳව අවධානය යොමු කරමින් ඒ සම්බන්ධව තොරතුරු විශ්ලේෂණය කළද  Animal Planet ෆේස්බුක් පිටුව හෝ වෙනත් කිසිදු විශ්වාසදායක මූලාශ්‍රයක් මඟින් සනාථ කර ඇති බවට කිසිදු සාක්ෂියක් හමු නොවීය.

    මීට අමතරව අප විසින් ඉන්දියාවේ මයිසූර් නගරයේ, සියවස් ගණනාවක් පැරණි ආරාමයක් තියෙනවාද? යන්න පිළිබඳව විශ්ලේෂණය කරන ලදී. එහිදී අප විසින් සොයාගනු ලැබුවේ මයිසූර් අසල පිහිටි ප්‍රසිද්ධ නාම්ඩ්‍රොලිං ආරාමය (Namdroling Monastery), “රන් පන්සල” (Golden Temple) ලෙස ආරාමයක් ඇති බවයි. එහි අලංකාරය සහ ටිබෙට් බුදු දහම පිළිබඳව ප්‍රසිද්ධ වුවත්, සතුන්ගේ අද්භූත හැසිරීමක් පිළිබඳව එහි කිසිදු කතාන්දරයක් පිළිබඳව හෝ කිසිදු සාක්ෂියක් හමු නොවුණි.

    මේ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට අප  AI රූප හඳුනාගැනීමේ මෙවලම් ඇතුළත් කර තොරතුරු ලබා ගන්නා ලදී.

    ඒ අනුව මෙය AI (කෘතීම බුද්ධිය) භාවිතයෙන් සිදුකළ නිර්මාණයක් බවට ඉහළ සම්භාවිතාවයක් ඇති බව දැක ගන්නට ලැබෙනවා.

    අප විසින් Reverse Image සෙවුමක් සඳහා මෙම ඡායාරූපය උඩුගත කරමින් පරීක්ෂාවට භාජනය කළ අතර එහිදී මේ හා සමාන තවත් වීඩියෝ දර්ශන කිහිපයක් ද අපට හමුවිය. 

    මෙලෙස උඩුගත කර තිබූ වීඩියෝවේ ඉහත ඡායාරූප වල පසුබිම දැක ගන්නට ලැබෙන අතර සිංහයෙකු,කොටියකු සහ අලියකු විසින් ගණ දෙවියන්ගේ රූපයකට ගෞරව දක්වන ආකාරයට පෙන්වමින් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා.

    View this post on Instagram

    A post shared by •♫•♬•฿Ⱡ₳₵₭_ ⱠØVɆⱤ- ฿ØɎ _Ɽ₭•♬•♫• (@black_lover_rk_16)

    Instagram 

    මෙලෙස සතුන්ගේ හැසිරීම් පදනම් කර ගනිමින් විවිධ වූ ආගමික වස්තුන් සඳහා ගෞරවය දක්වන ඡායාරූප හෝ වීඩියෝ බුද්ධිය මගින් නිර්මාණය කරමින් සමාජ මාධ්‍යයට උඩුගත කිරීමේ ක්‍රියාවලියක් පවතින බව දැක ගන්නට ලැබෙනවා.

    Also Read: Fact Check: Is this a Dog guarding over its Master’s Grave? Find out the Truth!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව මේ පිළිබඳව අප විසින් සිදු කරන ලද විමර්ශනය තුළින් පැහැදිලි වූයේ මේ ආකාරයේ ඡායාරූප වර්තමානය තුළ බොහෝ සෙයින් කෘතීම බුද්ධිය යොදාගෙන නිර්මාණය කළ බවත්, ඒ තුළින් යම් යම් පුද්ගලයින් මේවා  සත්‍යය ලෙස අවබෝධ කර ගෙන ඇති බවයි.

    හුදෙක් මෙවැනි ඡායාරූප හෝ වීඩියෝ පට කෘතිම බුද්ධිය භාවිතා කරමින් නිර්මාණය කිරීමට හැකියාවක් පවතින ලෙස තාක්ෂණික ක්‍රම ඉතා දියුණු වී ඇති බැවින්, එවැනි අවස්ථාවලදී විචාරශීලි ලෙස මෙහි සත්‍යතාවය තෝරා බේරා ගැනීමට පරිශීලක ජනතාව විසින් කටයුතු කළ යුතු බවට අප ඔබට මතක් කරන්නෙමු.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    L

    Lakshan

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-09-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.