Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මෑතකදී සිදුවූ ඉන්දුනීසියානු ගිනිකඳු පිපිරීමේ සැබෑ දර්ශනද ?

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් අතර සුන්ඩා සමුද්‍ර සන්ධියේ පිහිටා ඇති ඇනක් ක්‍රකාටෝවා (Anak Krakatau) ගිනි කන්ද සැප්තැම්බර් මස සක්‍රිය වී පිපිරීමත් සමඟ, අදාළ ගිනිකන්ද පිපිරෙන අවස්ථා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් අතර සුන්ඩා සමුද්‍ර සන්ධියේ පිහිටා ඇති ඇනක් ක්‍රකාටෝවා (Anak Krakatau) ගිනි කන්ද සැප්තැම්බර් මස සක්‍රිය වී පිපිරීමත් සමඟ, අදාළ ගිනිකන්ද පිපිරෙන අවස්ථාවේ දර්ශන ලෙස දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ. මෙම වීඩියෝව ගිනිකන්ද පුපුරන අවස්ථාවේ ලබාගත් සැබෑ වීඩියෝවක් ද යන්න සොයා බලමින් Factcrescendo අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Facebook

    අදාල වීඩියෝව තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්

    Facebook Tiktok

    අදාල වීඩියෝවේ දැක්වෙන්නේ, ගිනිකන්දක් හදිසියේ පුපුරා ඉන් ලාවා විසිවන ආකාරයයි. එම දර්ශන “ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පිපිරෙන භයානක මොහොතක්” යනුවෙන් දක්වමින් ට්විටර් (X) පරිශීලකයෙක් විසින් අදාළ වීඩියෝව පළ කර ඇති බවයි. X

    එසේම ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වැනි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන පවා ඉන්දුනිසියාවේ ගිනිකඳු පිපිරීමේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වාර්තා කර ඇත්තේ මෙම වීඩියෝවයි. 

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    කෙසේ වුවද මෙම වීඩියෝව සමීපව පරීක්ෂා කිරීමේදී එහි කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද අන්තර්ගතයක දැකිය හැකි ලක්ෂණ නිරීක්ෂණය කළ හැකි විය.

    අදාල වීඩියෝවේ කලබලයෙන් දිව යන මිනිස්සුන්ගෙන් එක් අයකුගේ මුහුණ සුදු පැහැයෙන් දැක්වෙන අතර, අත් පා පසුබිම සමගම වැසී යන ආකාරය පෙනේ. එසේම තවත් පුද්ගලයන් දිව යන විට ඔවුන්ගේ පාද  අතුරුදහන් වන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. එසේම ඔවුන්ගේ මුහුණු විකෘති ව දැක්වේ.

    ඇනක් ක්‍රැකටාව් ගිනිකන්ද පිහිටා ඇත්තේ සුමාත්‍රා සහ ජාවා වෙන් කරන සුන්ඩා සමුද්‍ර සන්ධියේ වන අතර, මෙම ගිනිකඳු ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප  නිරීක්ෂණය කරන විටද පැහැදිලි වන්නේ වෛරල් වූ වීඩියෝවේ දැක්වෙන පරිසරය එම සැබෑ පරිසරයට සමානතාවයක් නොදක්වන බවයි.  

    PBS News ඔස්සේ වාර්තා කරන ආකාරයට, ඇනක් ක්‍රැකටාව් ගිනිකඳු දූපතට ළඟම ඇති ජනාවාසය තිබෙන්නේ කිලෝමීටර් 16 කට වැඩි දුරකිනි. සක්‍රීය ගිනිකන්දේ සිට  කිලෝමීටර් තුනකට වඩා දුරකින් සිටින ලෙස ඉන්දුනීසියානු බලධාරීන් එහි වැසියන්ට සහ සංචාරකයින්ට අනතුරු ඇඟවීම්ද කර තිබේ.

    ඇනක් ක්‍රැකටාව් ගිනි කන්ද පුපුරා යෑමේ  තවත් වීඩියෝවක් පහතින්. අදාල වීඩියෝව පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ එම වීඩියෝව සහ එහි දැක්වෙන පරිසරය වෛරල් වූ වීඩියෝවට වඩා හාත්පසින්ම වෙනස් බවයි.

    Youtube

    කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක්

    මෙම ලක්ෂණ සැලකිල්ලට ගනිමින් අප විසින් අදාල වෛරල් වූ වීඩියෝව කෘතිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කරමින් පරීක්ෂා කළ අතර එහිදී පැහැදිලි වූයේ, අදාල වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි. 

    ඒ අනුව පැහැදිලි වන්නේ, ඉන්දුනීසියාවේ ගිනිකඳු පිපිරීම්වල සැබෑ දර්ශන ලෙස හුවමාරු වන මෙම වෛරල් වීඩියෝව AI මගින් ජනනය කරන ලද්දක් බවයි.

    ඇනක් ක්‍රකාටෝවා ගිනි කන්ද සක්‍රීය වීම සහ එහි බලපෑම

    ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් අතර සුන්ඩා සමුද්‍ර සන්ධියේ පිහිටි ඇනක් ක්‍රකාටෝවා  ගිනි කන්ද 2026 සැප්තැම්බර් 4 වනදා රාත්‍රියේ සිට සක්‍රීය වී  ඇති බව ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය තහවුරු කර තිබේ.  පැය 25 කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවති මෙම පිපිරීම් හේතුවෙන් වායුගෝලයට මුදා හැරුණු දැවැන්ත අළු සහ පාෂාණ දූවිලි වලාකුළු හේතුවෙන් ජකාර්තා නුවර ප්‍රධාන සුකර්නෝ හත්තා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු එරට ගුවන් තොටුපළ 8ක් තාවකාලිකව වසා දැමීමට සිදුවූ අතර, ගුවන් වාර 2,900 කට වඩා අවලංගු වීමෙන් මගීන් 340,000 කට අධික පිරිසක් අපහසුතාවයට පත් වී තිබේ. 

    මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ද බලපෑම් එල්ල කළ අතර, ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කිරීමටත්, කොළඹ ජකර්තා ඍජු ගුවන් ගමන් තාවකාලිකව අවලංගු කිරීමටත් පියවර ගැනුණි. 

    සැප්තැම්බර් 10 වනදා වන විට ගුවන් තොටුපළවල් නැවත විවෘත කර ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කර ඇති අතර, ගිනි කන්දේ අනතුරු ඇඟවීමේ මට්ටම තවදුරටත් III  මට්ටමේ පවත්වා ගනිමින් ආවාටයේ සිට කිලෝමීටර් 3 ක කලාපය තහනම් කලාපයක් ලෙස ප්‍රකාශ කර ඇත. බලධාරීන් පෙන්වා දෙන්නේ වත්මන් තත්ත්වය යටතේ කිසිදු සුනාමි අවදානමක්  නොමැති බවයි. අළු වැටීම නිසා බටහිර ජාවා සහ ලම්පුන්ග් වැසියන්ට මුඛ ආවරණ පළඳින ලෙසත් ප්‍රදේශයේ පාසල් කටයුතු තාවකාලිකව ඔන්ලයින් ආකාරයට සිදු කරන ලෙසත් උපදෙස් දී තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, මෑතකදී ඉන්දුනීසියාවේ ඇති වූ ගිනිකඳු පුපුරා යෑමේ දර්ශනයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි. 

    අදාළ ගිනිකඳු පුපුරා යෑමේ සැබෑ දර්ශන හා සංසන්දනය කරන විට අදාල වෛරල් වීඩියෝවේ දැක්වෙන පරිසරය ඊට හාත්පසින්ම වෙනස් බව පැහැදිලි වන අතර වීඩියෝවේ දර්ශනවල ඇති විකෘති වීම් හරහා මෙන්ම කෘතිම බුද්ධි හඳුනා ගැනීමේ මෙවලම්ද අදාළ වීඩියෝව කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බව තහවුරු කරයි.

    Result Stamp

    Title: මෑතකදී සිදුවූ ඉන්දුනීසියානු ගිනිකඳු පිපිරීමේ සැබෑ දර්ශනද ?

    Fact Check By: B.P Hansani

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-09-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.