Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතුවීමට අකමැත්තක් නැති බවට අනුර කුමාරගෙන් ප්‍රකාශයක්?

    2021-12-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.ඉන් ඇතැම් ප්‍රචාර අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවන් සටහනක් සම්බන්ධව අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  “AKD ඉදිරියට එනවට නන්දසේනගෙ 250 ට කහින උන්

    ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.ඉන් ඇතැම් ප්‍රචාර අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවන් සටහනක් සම්බන්ධව අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    “AKD ඉදිරියට එනවට නන්දසේනගෙ 250 ට කහින උන්ගෙ වැඩ. තව ඉස්සරහට  බලාපොරොත්තු වෙයි මේවා .” යන තේමාවෙන් පළකර තිබු සටහනකින් ෆේස්බුක් පරිශීලකයෙකු විසින් පෙන්වා දී තිබුනේ “ශ්‍රිලනිපය වැනි පාරිශුද්ධ පක්ෂ සමග එකතුවීමට අපගේ කිසිදු අකමැත්තක් නෑ” යනුවෙන් ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක පැවසු බවත් එය LankaTruth නම් වෙබ් අඩවියේ පළවූ බවත්ය.

    Facebook| Archived 

    මෙම සටහනේ ඇති කරුණුවල ඇති දේශපාලනික වශයෙන් ඇති වැදගත් බව සහ මේ දිනවල කතාබහට ලක්වී තිබු කාරණයක් නිසා අප වැඩිදුර කරුණු සොයා බැලීමට අප තීරණය කළා. 

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

    අප මුලින්මකළේ මෙම සටහනේ ස්වභාවය සොයා බැලීමයි. එහිදී  දක්නට ලැබුණු කාරණය නම් මෙහි සටහන් කර තිබුණු FACK යන වචනයයි.එය මෙම සටහන ව්‍යාජ  බව(FAKE) හැගවීමට හෝ උපහාසාත්මක කෝණයෙන් පළකර ඇතිද යන කාරණය පිළිබදව නිශ්චිත වශයෙන් උපකල්පනයක් කිරීමට අපහසුයි. 

    කෙසේ වෙතත් අප මූලිකව අවධානය යොමු කලේ අනුරකුමාර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ ඡායාරූපයක් සමග පළකෙරුණු , ඔහු සදහන් කළ බවට හැගවුණු ප්‍රකාශය පිළිබදවයි. 

    මෙවැනි ප්‍රකාශයක් අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදුකර ඇද්ද යන කාරනය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා අපි අවධානයට ලක්කළා. එහිදී මෙවන් ප්‍රකාශයක් අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදුකර නැති බවත් අපට දැකගන්නට ලැබුණා .

    එමෙන්ම මෙම ප්‍රකාශය පළකල බවට හැගවෙන සේ සටහන් කර තිබූ LankaTruth නම් වෙබ් අඩවියේ හෝ එහි සමාජ ජාලා පිටුවල මෙවැනි සටහනක් දක්නට ලැබෙන්නේ ද නැහැ. 

    එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද මේ පිළිබදව අප විමසා බැලුවා .ඔවුන්ද තහවුරු කළේ ජවිපෙ නායකයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

    කෙසේ වෙතත් මෑතක පැවති මාධ්‍ය හමුවක දී අනුර කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ මෙරට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සෘජුව හෝ වක්‍රව සංධානගත වීමට අපේක්ෂා නොකරන බවයි.එම වීඩියෝව පහතින්. එම පුවතම වාර්තා කර තිබු අවස්ථාවක් මෙතනින්

    අනුරකුමාර දිසානායක මෙම ප්‍රකාශය සිදුකල මාධ්‍ය සාකච්ඡාව යූ ටියුබ් හරහා නැරඹිය හැකියි මෙතනින්. (මිනිත්තු 15-20 අතර)

    මෑතකදී , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ ශ්‍රීලනිපය ඉදිරියේ දී ජනතා විමුක්ති පෙරමුණ හා සංධානගත වීමේ හැකියාවක් ද පවතින බවයි. නමුත් එයට ප්‍රතිචාර දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍යට පවසා තිබුණේ මේ රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ වෙත එක්වීමට කිසිදු සූදානමක් නොමැති බවයි. ඒ සම්බන්ධ වාර්තාවකට පිවිසීම මෙතනින්. Archived

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු සොයා බැලීමේදී තහවුරු වූයේ ශ්‍රිලනිපය සමග එකතු වීමට කිසිදු අකමැත්තක් නොමැති බවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් පවසා නැති බවයි. ඔහු පවසා ඇත්තේ රට පාලනය කල ප්‍රධාන දේශපාලන පක්ෂ සමග එක්වීමට ජනතා විමුක්ති පෙරමුණට කිසිදු අදහසක් නොමැති බවයි. එසේම ඒ ආකාරයේ සටහනක් LankaTruth සමාජ මාධ්‍ය සටහනක් ද දැකගන්නට ලැබෙන්නේ නැත. ඒ අනුව මෙම සමාජ ජාල සටහන නොමග යවන සුලු සටහනකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.