Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අපිළිවෙළට මහමඟ සිටි පුද්ගලයෙකු පිරිසිදු කල අවස්ථාවක ඡායාරුප පෙළක් යොදාගනිමින් පළවූ උපහාසාත්මක සංස්කරණයක්!

    2021-10-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අපිළිවෙළ ආකාරයෙන් වීදියක සිටින පුද්ගලයෙකු පසුව පිරිසිඳු කොට කොණ්ඩය සහ රැවුල කැපු විට දැක ගන්නට ලැබෙන ආකාරය බව හඟවමින් උපහාසාත්මක/ අපහාසාත්මක කෝණයකින් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා.  “කොච්චර ලස්සන මනුස්සයෙක්ද පිස්සෙක් ව

    අපිළිවෙළ ආකාරයෙන් වීදියක සිටින පුද්ගලයෙකු පසුව පිරිසිඳු කොට කොණ්ඩය සහ රැවුල කැපු විට දැක ගන්නට ලැබෙන ආකාරය බව හඟවමින් උපහාසාත්මක/ අපහාසාත්මක කෝණයකින් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා. 

    “කොච්චර ලස්සන මනුස්සයෙක්ද පිස්සෙක් වගේ තැන තැන දොඩවමින් ඉඳල තියෙන්නෙ ? ” ලෙස සඳහන් කරමින් ෆේස්බුක් වෙත එකතු කර තිබු ඡායාරුප එකතුවක් සහිත සටහනක් මඟින් කොන්ඩය සහ ‍රැවුල නිසි ලෙස නඩත්තු කර ගෙන තිබුනේ නැති පුද්ගලයෙකුගේ කොන්ඩය සහ ‍රැවුල කපමින් පිරිසිදු කරන ආකාරය පෙන්වා තිබුනා. 

    Facebook | Archived Link Facebook | Archived Link

    මෙහි ඡායාරුප පෙළෙහි අවසාන ඡායාරූපය ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ රුපයක් සමඟ සංස්කරණය කල ඡායාරුපයක් ද තවත් සටහන් පෙළක වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතාගේ ඡායාරූපය ද පළ කර තිබුනා.

    අනුර කුමාර මහතාගේ යොදාගනිමින් සංස්කරණය කල ඡායාරුපයක් ඇතුළත් කර තිබුනේ මෙලෙසින්.

    එකම ඡායාරුප පෙළක් මෙම සටහන් සඳහා යොදාගෙන තිබුනේ මෙලෙසින්.

    https://vimeo.com/633507174

    Facebook | Archived

    උපහාසාත්මක ලෙස පළ කර තිබුණු මෙම ඡායාරූප එකතුවේ සැබෑ සිදුවීම පිලිබඳව සොයා බැලීමට අප මෙම ෆේස්බුක් සටහනේ ඡායාරූපයක් ගූගල් ඉමේජ් සර්ච් වෙත යොමු කර පරීක්ෂා කර බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුනේ මෙම ඡායාරූප ඉන්දියාවේ වෙබ් අඩවි කිහිපයකම පළවී තිබු බවයි.

    අපිරිසිදු මිනිසෙකු පිරිසිදු කරන අයුර ලෙස දක්වමින් ඡායාරූප 11කින් මෙම පුද්ගලයාව පිරිසිදු කරන අයුර 2016 වසරේ පල කර තිබුනේ පහත අයුරින්.

    omyindian.com | Archived  rvcj.com | Archived

    ඒ සඳහා මුල්වී තිබූ 2015 වසරේ පළවූ ෆේස්බුක් සටහනක් මෙලෙසින්. මෙය ඉන්දියාවේ සිදුවීමක් බව අපට මෙම වාර්තා දෙස බැලීමේදී පෙනී යනවා.

    එමෙන්ම ෆේස්බුක් තුල හුවමාරු වන අනුර කුමාර මහතා පෙනී සිටින ඡායාරූපය මෙම ඉන්දීය වෙබ් අඩවියේ අවසන් ඡායාරූපය සංස්කරණය කර සකස් කර ඇති බවට පෙනී යනවා. එම අවසාන ඡායාරූපය සහ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායරුපයේ සංසන්දනය පහතින්.

    එසේම ඡායාරුප පෙළෙහි පසුබිම් පෝස්ටර් පරීක්ෂා කිරීමේ දී එය ඉන්දියාවේ කේරළයේ සිදුවීමක් බව ද පෙනී යනවා

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-10-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.