Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    චම්පික  සහ බැසිල් අතර හමුවක්  සිදුවූ බවට වන ප්‍රචාර දෙපාර්ශවයම ප්‍රතික්ෂේප කරයි

    2024-06-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ ආසන්න වන විට දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ නොමඟ යවන සුළු තොරතුරුවලින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ ඡන්දදායකයින් ව්‍යාකූල කළ හැකි සහ මහ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ ආසන්න වන විට දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ නොමඟ යවන සුළු තොරතුරුවලින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ ඡන්දදායකයින් ව්‍යාකූල කළ හැකි සහ මහජන මතය විකෘති කළ හැකි කරුණු ඇතුළත් කරමින්. එලෙසින් සංසරණය වන සටහනක් පිළිබඳ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය/මාධ්‍ය සටහන් : 

    එක්සත් ජන රජ පෙරමුණේ නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හමු වී දීර්ඝ සහ විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

    FB | Archived 

    මෙම සටහන් ෆේස්බුක් පිටු ඔස්සේ ද, බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මේ සම්බන්ධයෙන් වෙබ් පුවත් ද, වාර්තා කර තිබුණේ මේ අයුරින්.

    Web | Archived 

    මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කරගනිමින් මේ පිළිබඳව විමසා බැලීමට අප කටයුතු කළේ මේ අයුරින්.

    Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

    ඇතැම් වෙබ් අඩවි මෙම පුවත වාර්තා කර තිබුණත්, මෙරට සිංහල ප්‍රධාන මාධ්‍ය ධාරා පාඨලි චම්පික රණවක මහතා සහ බැසිල්  රාජපක්ෂ මහතා අතර හමුවක් සිදු වූ බවට වාර්තා කර නොතිබුණි.

    එක්සත් ජනරජ පෙරමුණ

    අප මේ සම්බන්ධයෙන් චම්පික  රණවක මහතාගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් ක‍ළේ, එම පුවත අසත්‍ය බව ත්, පාඨලි චම්පික රණවක මහතා බැසිල් රාජපක්ෂ මහතා සමග හමුවක් නොතිබූ බවයි. එමෙන් ම මෙම පුවත පිළිබඳව ප‍ළමුවෙන් හුවමාරු වූ සටහන්  නිවැරදි කරත්, ඒ අනුසාරයෙන් පළ වූ තවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ තවමත් හුවමාරු වන බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඉහත සටහන් සම්බන්ධයෙන් චම්පික රණවක මහතා සිය නිල ෆේස්බුක් ගිණුම මගින් සටහනක් එක් කර තිබුණා, ඉන් අවධාරණය කර තිබුණේ, එක්සත් ජනරජ පෙරමුණ විසින් 2024 පෙබරවාරි 14 දින ජනගත කෙරුණු “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” රට ගොඩ නගන වැඩපිළිවෙළ සියලු දේශපාලන පක්ෂ සමග විවෘතව සංවාදයට ලක් කිරීමට කටයුතු කළ බවත් , ඒ අනුව, සමගි ජන බලවේගය ඇතුලු බොහෝ පක්ෂ සමග සාකච්ඡා සිදු කරන ලද්දේ අප්‍රසිද්ධියේ නොව ප්‍රසිද්ධියේ බව ත් ය. එමෙන්ම, එම වැඩපිළිවෙල සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු අතර, රට බංකොළොත් කිරීමට දායක වූ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා නොකරන බවටද රට බංකොළොත් කිරීම සඳහා සෘජුව ම දායක වූ කිසිවෙකු සමග සාකච්ඡා කිරීමක් ඔවුන් විසින් සිදු කොට නොමැති බවයි. 

    SLPP මාධ්‍ය ප්‍රකාශක

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න  මහතා පවසා සිටියේ, පාඨලි රණවක මහතා එම හමුව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එවැනි හමුවක් සිදු නොවූ බවට තහවුරු වන බවයි.

    සැ.යු : පාඨලි චම්පික රණවක මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවූ බවට ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකි අතර දෙපාර්ශවයේ කරුණු දැක්වීම පමණක් මෙහිදී සඳහන් කර ඇත.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-06-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.