Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අමෙරිකාවේ ජාතික ජන බලවේගයේ ජනහමුව සම්බන්ධ ප්‍රචාරණය සිදුවූ අයුරු?

    2023-11-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය විසින් අමෙරිකාවේ පැවැත්වුණු ජන හමු සඳහා ප්‍රචාරණය සිදු කළ අයුරු දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. එහි නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ වි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජාතික ජන බලවේගය විසින් අමෙරිකාවේ පැවැත්වුණු ජන හමු සඳහා ප්‍රචාරණය සිදු කළ අයුරු දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. එහි නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. 

    සමාජ මාධ්‍ය සටහන් :

    අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ රැළිය සම්බන්ධ ප්‍රචාරණය සිදුවන අයුරු බවට දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්. 

    “කොහොමද අපේ USA ප්‍රචාරණ යාන්ත්‍රනය සුපිරි නේද.. දැන්වත් පිළිගන්නවලා එහෙ ජෙප්පෝත් කරන වැඩේ හරියටම කරනවා කියලා”

    Facebook | Archived Link

    තව ත් සටහනක් පළ වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙම ඡායාරූප වල සත්‍යතාවයක් ඇත් ද, යන්න පිළිබඳව අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජාතික ජනබලවේගය විසින් අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකික ජනහමුව ඔක්තෝම්බර් 28 සිට නොවැම්බර් 05 දක්වා පැවැත්වූ බවට අප කළ නිරික්ෂණයේදී දැක ගන්නට ලැබුණා.

    Facebook | Archived Link

    ඉන් පසුව අප අවධානය යොමු කළේ, ඉහත ඡායාරූප වල දැක්වෙන පරිදි ප්‍රචාරණයක් එහිදී සිදු කර ඇත්ද යන්නයි.

    නමුත් එවැනි ප්‍රචාරණයක් සිදු කර ඇති බවට ඡායාරූප දැක ගන්නට නොලැබුණි.

    ඉන්අනතුරුව අප ඉහත ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී පළමු ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බව දැක ගන්නට ලැබුණු අතර බොස්ටන් ජංගම දැන්වීම් පුවරුවක් වන  එහි මුල් ඡායාරූපය ද අප කළ පරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    trafficdisplays

    ඉහත සත්‍ය ඡායාරූපයේ පසුබිම සහ සංස්කරණය කරන ලද ඡායාරූපයේ පසුබිම් ද එක හා සමාන බවට දැක ගන්නට ලැබෙනවා.

    එම ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    එමෙන් ම ඉහත දෙවන ඡායාරූපය යනු නගර අවට වඩාත් ජනප්‍රිය ස්ථානවල තබා ඇති විශාල දැන්වීම් පුවරු වේ. එම ඡායාරූපය ද, දැන්වීම් පුවරුව ඡායාරූප සංස්කාරකයක් භාවිත කරමින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවට අපට දැක ගන්නට ලැබුණා.

    photofunia

    මෙහිදී ඔබට කැමති ඡායාරූපයක් උඩුගත කිරීමෙන් මෙවැනි ආකාරයේ දැන්වීම් පුවරු නිර්මාණය කළ හැක. photofunia එලෙසින් අප ‘Factcrescendo’ ලෝගෝව යොදාගනිමින් නිර්මාණය කරන ලද දැන්වීම් පුවරුවක ආකෘතිය රැගත් ඡායාරූපයක් ද පහතින්.

    කෙසේ වෙතත් අප මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඉහත ඡායාරූප සංස්කරණය කරන ලද ඡායාරූප බවත්, අමෙරිකා එක්සත් ජනපදයේ පැවති පක්ෂයේ සමුළු සඳහා ප්‍රචාරණය සිදු කිරීමට ඉහත ආකාරයේ මාධ්‍ය භාවිත නොකළ බවයි.

    සැ.යු : ඉහත කරුණු විමර්ශනයේ අප පෙන්වා දී ඇත්තේ වාහනයක් භාවිත කරමින් හෝ ඉහත දැක්වෙන අයුරින් දැන්වීම් පුවරුවක් භාවිත කරමින් සත්‍ය වශයෙන් ම ප්‍රචාරණයක් සිදු කර නොමැති බවත් එම අවස්ථා සඳහා යොදාගෙන තිබෙන්නේ සංස්කරණය කරන ලද ඡායාරූප යන්න බවත් පමණි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අමෙරිකා එක්සත් ජනපදයේදී ජාතික ජන බලවේගය විසින් පැවැත්වීමට යෙදුණු ජනහමු සඳහා ප්‍රචාරණය සිදු කළ බවට දැක්වෙන ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සංස්කරණය කරන ලද ඡායාරූප බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-11-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.