Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: සෞඛ්‍ය සේවයේ පිං පඩි කාරයන් ගැන උපුල් ගලප්පත්ති කිව්වද?

    2021-06-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපාලඥයින් විසින් පැවසූ ප්‍රකාශයන් බවට සඳහන් කරමින් ව්‍යාජ ලෙස සැකසූ පුවත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැකගන්නට පුළුවන්. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා පුවත් පතකට සඳහන් කළ ප්‍රකාශයක් බවට දක්වමින් ව්‍යාජ ලෙස සැ

    දේශපාලඥයින් විසින් පැවසූ ප්‍රකාශයන් බවට සඳහන් කරමින් ව්‍යාජ ලෙස සැකසූ පුවත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැකගන්නට පුළුවන්.

    පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා පුවත් පතකට සඳහන් කළ ප්‍රකාශයක් බවට දක්වමින් ව්‍යාජ ලෙස සැකසූ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසුම පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    Parcy Milan නම් අයෙක් විසින් “(විපත් මග) මුන්ට කඩේ ගිය චන්දෙ දුන්න සෞඛ්‍ය අංශයේ රැකියා කරන අයට සතුටුයි නියම මග නේ” යන තේමාවෙන් සිය ෆේස් බුක් ගිණුමේ පුවත් පතක ඡායාරූපයක් ඇතුළත් සටහනක් පළකර තිබුණා.

    හෙදියන්, සුළු සේවකයන් ඖෂධවේදීන් කියන්නේ පිං පඩි කාරයන් යනුවෙන් පොදුජන පෙරමුණ මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා පැවසූ බවට මව්බිම 2021 මැයි 05 බදාදා පුවත් පතේ පළ වූ ලිපියක් බවට මෙමගින් හඟවා තිබුණා.

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා විසින් මව්බිම පුවත්පතට මෙලෙස පැවසුවාද යන්න පිළිබඳ අප එම පුවත්පත ඔස්සේ කළ නිරීක්ෂණයේදී දැක ගැනීමට හැකි වූයේ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවූ සටහනේ දිනයේම ඒ මහතාගේ ලිපියක් පළ වී ඇති බවයි.

    නමුත් එහි ශීර්ෂ පාඨයේ සඳහන් වූයේ “එදා කොරහේ කිඹුල්ලු දැකපු අය අද රට වහන්න කියනවා” යනුවෙන් මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා පැවසූ බවයි. එම පුවත්පත මෙතනින් (පිටුව 09)

    මෙහිදී තහවුරු වූයේ පුවත් ශීර්ෂ පාඨය පමණක් සංස්කරණය කර ඇති බවයි.

    සත්‍ය පුවත සහ සංස්කරණය කරන ලද පුවතේ ඡායාරූප සංසදනය

    කෙසේ වෙතත් වෛද්‍යවරුවෙකුද වන මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා හෙදියන්, සුළු සේවකයන් සහ ඖෂධවේදීන් සම්බන්ධයෙන් මෙලෙස පැවසූවාදැයි විමසීමට ඒ මහතාගේ ලේකම්වරයාගෙන් විමසීමක් කළා. 

    එහිදී ඔහු සඳහන් කළේ මන්ත්‍රීවරයා කිසිම අවස්ථාවක එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.  

    Conclusion (අවසාන නිගමනය)

    ඒ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ පොදුජන පෙරමුණ මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා පැවසූ බවට මව්බිම පුවත් පතේ පළ වූ ලිපියක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ, මන්ත්‍රීවරයා විසින් එම පුවත් පතට කළ සැබෑ ප්‍රකාශය සඳහන් ශීර්ෂ පාඨය ව්‍යාජ ලෙස සංස්කරණය කළ සටහනක් බවයි. එමෙන්ම මීට පෙරද එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවද මන්ත්‍රීවරයාගේ ලේකම් විසින් තහවුරු කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.