Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නාමල් වෙනුවට අනුරගේ රුව යෙදු පාසල් බෑග් ඡායාරුප සංස්කරණයක් !

    2023-01-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුමක් ඇතිවෙමින් පවතින මෙම කාලවකවානුවේ දේශපාලන නායකයන් ඉලක්කගතකර ගනිමින් මඩ ප්‍රහාර එල්ලවීම වර්ධනය වෙමින් පවතිනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මුල්කරගත් ජව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මැතිවරණ උණුසුමක් ඇතිවෙමින් පවතින මෙම කාලවකවානුවේ දේශපාලන නායකයන් ඉලක්කගතකර ගනිමින් මඩ ප්‍රහාර එල්ලවීම වර්ධනය වෙමින් පවතිනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මුල්කරගත් ජවිපෙ ඉලක්කකර එල්ලවූ එවැනි ව්‍යාජ චෝදනාවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසීමක්.

    සමාජ ජාලා සටහන් 

    ජවිපෙ සහ ජාතික ජනබලවේගයේ නායක, අනුර කුමාර දිසානායක විසින්, සිය රුව සහිත පාසල් බෑගයක් දරුවෙකුට ලබාදෙමින් තුච්ඡ දේශපාලනයක් සිදු කරන බවට චෝදනා කරමින් සමාජ ජාලා සටහන් පැතිරුනේ මෙලෙසින්.

    Facebook | Archived

     ඒ සම්බන්ධයෙන් පැතිර තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    බැලුබැල්මට ඡායාරූපයේ මුහුණේ පැහැය ආදිය තුළින් මෙය සංස්කරණයක් බව හැඟී ගිය ද මෙහි මුල් ඡායාරුපය පරික්ශා කිරීමට, කරුණු විමසුමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

    Reverse Image Search සහ KeyWord Search මගින් අපට මෙහි සත්‍ය පසුබිම සහ සත්‍ය සේයාරූ සොයාගැනීමට හැකිවුණා.

    එහිදී අපට දැකගන්නට ලැබුණේ දැනට වසර කිහිපයකට පෙරදී, එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් පොත් බෑග් ලබාදුන් අවස්ථාවකදී ලබාගත් සේයාරුවක් සංස්කරණය කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ අනුර කුමාරගේ සේයාරුව සහිත පාසල් පොත් බෑගයේ ඡායාරුපය සකසා ඇති බවයි.

    2018 වසරේදී පාර්ලිම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල දරුවන්ට සිය රුව මුද්‍රණය කරන ලද පාසල් බෑග් බෙදාහරින බවක් සමාජ ජාලා සටහන්වල දක්නට මෙලෙසින් | Archived

    මෙහිදී බෙදා දෙන පාසල් බෑගයන් හි නාමල් රාජපක්ෂගේ සේයාරුව මුද්‍රණය කර තිබෙනු දැක ගන්නට ලැබෙන්නේ මෙලෙසින්

    2018 ජුලි මස, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි ලාලිත වනිගසේකර ද සිය ෆේස්බුක් ගිණුම මගින් මෙසේ පාසල් පොත් බෑග් බෙදා දෙන අවස්ථාවක් සහිත සේයාරූ පළකර තිබුණු ආකාරය මෙතනින්. Archived.

    එවන් 2018 දී දරුවෙක් නාමල් රාජපක්ෂගේ රුව සහිත පාසැල් බෑගයක් පිටේ එල්ලාගෙන සිටින අයුරු, සමාජ ජාලා වල සංසරණය වුණු ආකාරය පහතින්.

    Facebook| Archived

    ඉහත සේයාරුව අනුව පැහැදිලි වන්නේ ,එය සංස්කරණය කර නාමල්ගේ රුව වෙනුවට අනුර කුමාරගේ රුව යොදා මේ දිනවල සමාජ ජාලා සටහන්වල සංසරණය වන බවයි.

    සේයාරූ සැසදීමක් පහතින්.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ ජවිපෙ නායක අනුර කුමාර ලබාදුන් ඔහුගේ රුව ඇතුලත් පාසල් බෑගයක් එල්ලාගෙන සිටින දරුවෙකුගේ බවට සංසරණය වන සේයාරුව නොමගයවන සුලු සහ සංස්කරණය කරන ලද ඡ්හයරුපයක් බවයි. එහි මුල් සේයාරුවේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ඔහුගේ රුව සහිතව, 2018 වසරේ දී  දරුවන් අතර බෙදාහැර ඇති පාසල් බෑගයක්, දරුවෙක් විසින් එල්ලාගෙන සිටින ඡයාරූපයක්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-01-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.