Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    බුදු පිළිමයක රුව යොදාගනිමින් සැකසු ව්‍යාජ ඡායරූප සංස්කරණයක් !

    2022-12-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බහුතර බෞද්ධ ප්‍රජාවක් සිටින ලංකාවේ ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් බුදුන් වහන්සේ කෙරෙහි දක්වන්නේ දැඩි ගෞරවයක්. ඒ ආගමික භක්තිය උපයෝගී කර ගනිමින් ෆේස්බුක් පිටුවල ව්‍යාප්තිය (reach) වැඩිකරග

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    බහුතර බෞද්ධ ප්‍රජාවක් සිටින ලංකාවේ ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් බුදුන් වහන්සේ කෙරෙහි දක්වන්නේ දැඩි ගෞරවයක්. ඒ ආගමික භක්තිය උපයෝගී කර ගනිමින් ෆේස්බුක් පිටුවල ව්‍යාප්තිය (reach) වැඩිකරගැනීම වැනි අරමුණු ඔස්සේ බුදුන් වහන්සේගේ රුව ඇතුලත් කර විවිධ ඡායාරූප සංස්කරණය කර සමාජ ජාලා හරහා පතුරුවනවා. මේ එවැනි ඡායාරූප සංස්කරණයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    “මෙතනට යන්න හැමෝටම පින නෑ” යන තේමාව යටතේ කදු යායක් අතරින් බුදු පිළිමයක් දිස්වෙනසේ සැකසු ඉතා චිත්තාකර්ෂණීය ඡායාරූපයක් සමාජ ජාලා අතර වසර ගණනක් තිස්සේ පැතිර යන අතර දස දහස් සංඛ්‍යාත පිරිසක් එම සටහන් හුවමාරු කරගෙන තිබුණා.

    Facebook | Archived 

    ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම)

    අප මුලින්ම මෙම සමාජ ජාලා වල වේගයෙන් පැතිරෙන මෙම සේයාරුව Reverse Image සෙවුමකට ලක්කලා. එහිදී අපිට  මෙහි සත්‍ය ස්ථානයේ  ඡායාරූපයක්  සොයා ගැනීමට හැකියාව ලැබුණා. එය චීනයේ කදුකර ප්‍රදේශයක ඡායාරූපයක් වන අතර බුදු පිළිමයක් දක්නට ලැබෙන්නේ නැහැ. චීනයේ Zhangjiajie ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ස්ථානය හැදින්වෙන්නේ Tianmen Mountain නැතහොත් Heaven`s Gate Mountain ලෙසයි. එහි සත්‍ය ස්ථානයේ  ඡායාරූපය සහිත සංචාර පිළිබද වෙබ් පිටුවට පිවිසිය හැකියි මෙතනින්. Archived

    සැබෑ ස්ථානයේ සැබෑ ඡායාරූපයක් සහ සංස්කරණය කරන ලද ඡායාරූපය අතර සැසදීමක් පහතින්.

    Heaven`s Gate Mountain හි  සංචාරය කල පුද්ගලයෙක් විසින් තබන ලද විනාඩි 6 ක කෙටි වාර්තාමය වීඩියෝවක් පහතින්.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය ):

    කන්දක පිහිටා ඇති කපොල්ලකින් බුදු රුවක් දිස්වන සේ සකසා ඇති සේයාරුව සත්‍ය ඡායාරුපයක් නොවේ. එය සංස්කරණය කරන ලද සේයාරුවකි. මෙම ස්ථානයේ සැබැවින්ම බුදුරුවක් ඉදිකර නොමැති අතර සැබෑ ස්ථානයේ ඡායාරූපයේ කදු අතරින් පෙනෙන්නේ හිස් අවකාශය පමණි. මෙහි සැබෑ ඡායාරූපය ලබාගෙන ඇත්තේ චීනයේ Zhangjiajie ප්‍රදේශයේ පිහිටි Heaven`s Gate Mountain නම් කදු වැටිය ආශ්‍රිතවයි.

    Also Read : FACT CHECK: ගංඟාවක් අසල හස්තියකු හැඩැති ගලක් මත තිබෙන කඳු ගැටයක තිබෙන බුද්ධ ප්‍රතිමාවක් ද?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-12-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.