Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check: කාදිනල් හිමිපාණන්, පසුබිම තිරයේ ප්‍රභාකරන්ගේ සේයාරුවක් පෙන්වන ස්ථානයක සිටි අවස්ථාවක් ද?

    2021-03-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය මැතිවරණ සමයේ මෙන්ම ඉන් පසුවද බොහෝ අවස්ථාවල කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අළලා නොයෙකුත් ආකාරයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් හුවමාරු වී තිබුණා එබඳු සටහන් කිහිපයක් පිළිබඳ අප සිදුකරන ලද අනාවරණ මෙතනින් මේ අයුරින්ම කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ‍ත

    පසුගිය මැතිවරණ සමයේ මෙන්ම ඉන් පසුවද බොහෝ අවස්ථාවල කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අළලා නොයෙකුත් ආකාරයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් හුවමාරු වී තිබුණා එබඳු සටහන් කිහිපයක් පිළිබඳ අප සිදුකරන ලද අනාවරණ මෙතනින්

    මේ අයුරින්ම කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ‍ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ  සේයාරුවක් පෙන්වන පසුබිමක පරිගණකයක් ක්‍රියා කරන බවක් පෙන්වන ඡායාරූපයක් අපට දැක ගන්නට ලැබුණා. කෙසේ නමුත් මෙය 2015 වසරේ පාප්වහන්සේ ලංකාවට පැමිණීම නිමිත්තෙන්, කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ගේ මුලිකත්වයෙන්, 2014 සැප්තැම්බර් මස වෙබ් අඩවියක් දියත් කල අවස්ථාවක ලබාගත් ඡායාරුපයක් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සිදුකරන ලද නිර්මාණයක් බව අපට අනාවරණය විය.

    සමාජ මාධ්‍ය සටහන්:

    “කළු කොඩියක් උස්සමු” යන තේමාවෙන් හුවමාරු වී තිබු ඡායාරුප සටහනක කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් පරිඝණකයක ක්‍රියාකරන ආකාරයක් පෙන්නුම් කෙරුණු අතර එය තිරයකට සම්බන්ධ කර තිබු බවත් එහි වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සේයාරුවක් දිස්වන බවක් ද දැකගන්නට ලැබුණා

    Facebook | Archived

    එම සටහනින් පෙන්වීමට උත්සාහ ගෙන තිබුණේ පාස්කු ප්‍රහාරයට ලක්වුවන්ට සාධාරණයක් ඉටුකරන ලෙස නිරන්තරයෙන්ම හඬක් නඟන කාදිනල් හිමිපාණන්, අතීතයේ ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පක්ෂව කටයුතු කර තිබූ බවක්ය.

    මෙම ඡායාරූපය 2014 වසර අගභාගයේ සිටම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ බවද අපට දැකගන්නට ලැබුන අතර පහත දැක්වෙන්නේ එබඳු එක් අවස්ථාවක්

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත සටහනේ දැක්වෙන ඡායාරූපය reverse image සෙවුමකට ලක් කිරීමේ දී අපට එහි මුල් ඡායාරූපය ඩේලිනිවුස් වෙබ් අඩවියේ 2014 සැප්තැම්බර් මස පළකර තිබු බවක් දැක ගන්නට ලැබුණා. නමුත් මේ වන විට එම පුවත සහ ඡායාරුපය අයත් වෙබ් පිටුවේ අන්තර්ගතය දැක ගණනට ලැබුනේ නැති බවක් ද පෙනී ගියා.

    කෙසේ වෙතත් 2014 සැප්තැම්බර් මස 13 වනදා ඩේලි නිවුස් E-පුවත්පතේ පළමු පිටුවේ එම පුවත පහත පරිදි පළකර තිබෙනු අපට දැකගනන්ට ලැබුණි

    Daily News Epaper | Archives

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2015 වසරේ ජනවාරි මස 13 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතව තිබූ අතර එම පැමිණීම නිමිත්තෙන් නිල ලාංඡනයක් (logo) සහ වෙබ් අඩවියක් නිකුත් කිරීමේ කටයුතු 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී සිදුවූ බව එම පුවතෙහි දක්වා තිබුණි. ඉහත ඡායාරුපය එම වෙබ් අඩවිය දියත් කළ අවස්ථාවයි. ඒ අනුව පසුබිම සිටින්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුමාය.

    එහි තිබෙන ඡායාරුපය සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සංස්කරණය කරන ලද ඡායරුපයේ සංසන්දනයක් පහතින්

    මේ පිලිබඳ විස්තරයක් 2014 සැප්තැම්බර් මස Sunday Observer පුවත්පතේ වෙබ් අඩවියේ ද පහත පරිදි දක්වා තිබෙනු දැක ගන්නට ලැබුණි. මේ අනුව ද එම අවස්තාව popefrancissrilanka.com නම් පාප්වහන්සේ ලංකාවට පැමිණීම නිමිත්තෙන් සකසා තිබුණු වෙබ්අඩවියේ නිල දියත් කිරීමේ අවස්ථාවේ ඡායාරූපයක් බව පැහැදිලිය. 

    Sunday Observer | Archived

    එසේම ඉහත සංස්කරණය සඳහා යොදාගෙන තිබුණා වේළුපිල්ලේ ප්‍රභාකරන් ගේ ඡායාරූපය අන්තර්ජාලයේ ඔහු සම්බන්ධයෙන් පළ වන වාර්තා බොහොම ඈත දක්වා තිබෙන ඡායාරූපයකි

     Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ දැනට වසර 6 කට වැඩි කාලයක් පුරා හුවමාරු වන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්,  ‍ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් පසුබිම පෙන්වන්න ස්ථානයක සිට පරිඝනකයක් ක්‍රියා කරන බව දැක්වීම සඳහා යොදා ගෙන තිබෙන්නේ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.

    2015 ජනවාරි මස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලංකාවට පැමිණීම නිමිත්තෙන් 2014 සැප්තැම්බර් මස වෙබ් අඩවියක් දියත් කළ අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් සංස්කරණය කරමින් පළ කරන ලද ව්‍යාජ සටහනකි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:කාදිනල් හිමිපාණන්, පසුබිම තිරයේ ප්‍රභාකරන්ගේ සේයාරුවක් පෙන්වන ස්ථානයක සිටි අවස්ථාවක් ද?

    Fact Check By: Sahan Perera 

    Result: Altered

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.