Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : අගමැති විසින් චීන කොමියුනිස්ට් නියෝජිතට ලංකාව හැඩයේ සමරු පින්තූරයක් ලබාදුන්නා ද?

    2020-10-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල නැවත වරක් දිවයිනේ කොරෝනා රෝගීන් පිරිස වැඩි වීමත් සමඟ රට තුල කොරෝනා ව්‍යාප්තියේ අවදානමකට මුහුණ දී තිබේ. විශේශයෙන් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවක් තුලින් කොරෝනා රෝගීන් හමුවීමත් සමගම එම පිරිසට කොරෝනා රෝගය වැළඳුණු ආකාරය සම්බන්ධයෙන් විවාදාත්මක තත්වයක් ම

    මේ දිනවල නැවත වරක් දිවයිනේ කොරෝනා රෝගීන් පිරිස වැඩි වීමත් සමඟ රට තුල කොරෝනා ව්‍යාප්තියේ අවදානමකට මුහුණ දී තිබේ. විශේශයෙන් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවක් තුලින් කොරෝනා රෝගීන් හමුවීමත් සමගම එම පිරිසට කොරෝනා රෝගය වැළඳුණු ආකාරය සම්බන්ධයෙන් විවාදාත්මක තත්වයක් මතුව තිබේ. මෙවන් පසුබිමක් තුල චීනයේ සිට විශේෂ දූත පිරිසක් පසුගිය දා ලංකාවට පැමිණි අතර ඔවුන් මෙරටට තුළදී නිරෝධායන ක්‍රියාවලියට ලක් නොවීම පිලිබඳවද බොහෝ පිරිස් ප්‍රශ්න කරනු අපට දැකගන්නට ලැබුනි. 

    එසේ පැමිණි දුත පිරිස අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ලබාගත් ඡායාරුපයක් සංස්කරණය කොට ෆේස්බුක් සහ වට්සැප් වැනි සමාජ මාධ්‍ය ජාල වල  හුවමාරු වන බව අපට අනාවරණය වුණා.

    සමාජ මාධ්‍ය හරහා හුවමරු වන සටහන්:

    චීන දූත පිරිස සහ අගමැතිවරයා අතර හමුවීමේදී හුවමාරු කර ගත් සමරු ඡායාරූපයක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබුනා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් චීනයේ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් (Yang Jiechi) මැතිතුමා ලංකාවේ පින්තූරයක් පිරිණමන අයුරක් එයින් පෙනෙන්නට තිබුනා.

    Sri Lankan Blood 2.0 නම් ෆේස්බුක් පි‍ටුවක් “සින්නක්කර ඔප්පුනම් නෑ…එත් රට භාර දීලා තියෙන්නේ” යන තේමාව යටතේ උපහාසාත්මක කෝණයකින් මුහුණු පොතට එක් කර තිබුනු මෙම පින්තූරය බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුනා.

    FacebookArchive

    “දහසක් දේ පින්තුරයෙන් අප්පච්චි ඔබට කියයි…දරුවනි දරුවනි අවධිවන්න..” යන තේමාවෙන් තවත් එසේ මුහුනු පොතට එක කල සටහනක් පහතින්

    FacebookArchive

    කෙසේ නමුත් මෙම ඡායාරූපය සත්‍ය එකක්ද යන්න පිලිබඳව සොයා බලන ලෙස අපගෙන් බොහෝ පරිශීලකයන් විමසා සිටි බැවින් මෙම සමරු සටහන් ලබා දෙන පින්තූරය සහිත අවස්තාව පිලිබඳ කරුනු සොයා බැලීමට අප තීරනය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිලිබඳ සොයා බැලීමට අප පලමුව මෙම පින්තූරය විශාලනය කර පරීක්ෂා කරනු ලැබුවා.එහිදී සමරු පින්තූරය භාරදෙන ඡායාරූපයේ අත්ල කොටස් සංස්කරණය කර ඇති බවට හොඳින් නිරීක්ශනය වුනා.

    මේ පිලිබඳව වැඩිදුරටත් කරුනු සොයා බැලීමට අප මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ නිල ෆේස්බුක් පිටුව වෙත පිවිසියා. එහි “යැංග් ජියේචී මහතා ඇතුළු චීන දූත පිරිස සමග රාජතාන්ත්‍රික හමුවක්!” යන තේමාවෙන් මෙම හමුවට අදාල ඡායාරූප එකතුවක් පල කර තිබුනු අතර මෙසේ ලංකාවේ සේයාරුවක් සහිත පින්තූරයක් සමරුවක් ලෙස ලබා දෙන ඡායාරූපයක් එහි ඇත්දැයි අප පරීක්ෂා කලා.එවැනි  පින්තූරයක් එහි නොතිබු නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන ඡායාරූපයට සමාන ඡායාරූපයක් එම හමුවේ දී ලබාගෙන ඇති බව අපට මෙසේ දැකගන්නට ලැබුනා.

    Facebook | Archived

    එම අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශණ පරීක්ෂා කිරීමේදී ද ඒ බව අපට මෙසේ තහවුරු වුණා. Ada Derana

    පහත පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය සමඟ සංසන්දනය කිරීමේදී එය එකම ඡායාරුපයක් බව පෙනී ගියා.

    ඒ අනුව සමාජ මාධ්‍ය වල හුවමාරු වන්නේ ව්‍යාජ සංස්කරණයක් බව පැහැදිලියි.

    මේ චීන දුත හමුව පිලිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිහිපයක් පහතින්

    The Hindu | CGTN

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු සලකා බලන කල අපට තහවුරු වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් චීන කොමියුනිස්ට් නියෝජිතයෙකු වෙත ලංකාවේ ඡයරුපක් සහිත සමරු තිළිණයක් පිරිණමන බව පෙන්වීම සඳහා යොදාගෙන තිබුනේ පසුගියදා චීන දුත පිරිසක් ඔහු හමුවීමට පැමිණි අවස්ථාවේ පිරිනැමූ සමරු ඡායරුපක් සංස්කරණය කිරීමන් බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:අගමැති විසින් චීන කොමියුනිස්ට් නියෝජිතට ලංකාව හැඩයේ සමරු පින්තූරයක් ලබාදුන්නා ද?

    Fact Check By: Sahan Perera 

    Result: Altered

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.