Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මෙල්බර්න් ට්‍රෑම් රථයක අනුර කුමාර දිසානායකගේ දැන්වීමක් ප්‍රදර්ශනය කළාද?

    2023-06-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක මේ දිනවල ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයකම ජන හමු පවත්වමින් සිටින අතර පසුගිය දා මෙල්බන්ර්හිදී ද හමුවක් පැවැත්වුවා. මෙල්බර්න් හි ට්‍රෑම් රථයක අනුරගේ රුව ප්‍රදර්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක මේ දිනවල ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයකම ජන හමු පවත්වමින් සිටින අතර පසුගිය දා මෙල්බන්ර්හිදී ද හමුවක් පැවැත්වුවා. මෙල්බර්න් හි ට්‍රෑම් රථයක අනුරගේ රුව ප්‍රදර්ශනය කළ බව හඟවමින් සහ ඒ සඳහා ඇති විශාල මුදලක්, එම ට්‍රෑම් රථ හිමි Yarra ආයතනයට ගෙවා ඇති බවත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අනුර දිසානායක මෙල්බර්න් සංචාරය අතරතුර බස් රථයක ඔහුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කිරීම සඳහා වියදම රුපියල් ලක්ෂ 90ක්” බව සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    එම ඡායාරූපයේ දැක්වුණේ ට්‍රෑම් රථයක මාලිමාවේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ රුව ප්‍රදර්ශනය කර ඇති අයුරුයි. එමෙන් ම ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි පිහිටා ඇති Yarra නමැති එම ආයතනයෙන් මෙලෙසින් බස් රථයක් මගින් දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 44,550ක මුදලක් වැය වන බව ද, ඉන් දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම ඡායාරූපය ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙය සත්‍යයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබුණා.

    මෙහි නිරවද්‍යතාවය පිළිබඳ බොහෝ දෙනෙකු අපගෙන් විමසූ අතර එම ඉල්ලීම් මුල් කර ගනිමින් අප මේ පිළිබඳ සත්‍ය කරුණු සොයා බැලීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම පරික්ෂා කර බැලුවේ, ලොව පුරාද විශාල ට්‍රෑම් ජාලයක් තිබෙන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පිහිටි Yarra ට්‍රෑම් සමාගමේ නිල ෆේස්බුක් පිටුව හරහා ඉහත ඡායාරූපය දක්වා තිබුණා ද යන්න පරීක්ෂාවක් සිදු කළා. නමුත් අපට අනුර කුමාර දිසානායක මහතාගේ රුව රැගත් බස් රථයක ඡායාරූපයක් දැක ගන්නට නොලැබුණි.

    අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව කළ පරීක්ෂණයේදී ඉහත ඡායාරූපයට සමාන ඡායාරූපයක් දැක ගන්නට ලැබුණේ මේ අයුරින්.

    Archived Link

    නමුත් මෙල්බර්න් නුවර Flinders මාර්ගයේ දී ලබාගෙන තිබු ඉහත ඡායාරූපයේ දැක්වෙන ට්‍රෑම් රථයේ අනුර කුමාර දිසානායක මහතාගේ රුව ප්‍රදර්ශනය කර නොතිබුණි. ඒ අනුව අප වැඩිදුරටත් මෙම ඡායාරූපයේ පසුබිම දැක්වෙන තොරතුරු ඔස්සේ පරීක්ෂාවක් සිදු කළෙමු.

    ඒ අනුව මෙම සේයාරූ දෙකෙහිම දැක්වෙන ට්‍රෑම් රථයේ අංකය එකම වන අතර, පසුබිම පදික වේදිකාවේ ගමන් කරන්නන් ද එක ම පිරිසක් සහ එකම අවස්ථාවක් බව දැකගන්නට ලැබෙනවා.

    ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ, මෙල්බර්න් නුවර සත්‍ය ට්‍රෑම් රථයක් දැක්වෙන ඡායාරූපයක් සංස්කරණය කරමින්, අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් එයට එකතු කරන ලද ට්‍රෑම් රථයක් බව පැහැදිලියි.

    මෙම සංස්කරණය මුලින්ම ‘විසඳුම’ ෆේස්බුක් පිටුවේ ජුනි 06 වැනිදා පළවී තිබුනේ මෙලෙසින්. ඒ හේතුවෙන් බොහෝ දෙනා මෙය සත්‍ය දැන්වීමක් ලෙස උපකල්පනය කර තිබු බවක් අනුමාන කල හැක.

    අප මේ පිළිබඳව තවදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පිහිටි Yarra ට්‍රෑම් සමාගමෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ තම ට්‍රෑම් ජාලයේ මෙවැනි දැන්වීමක් කිසිලෙසකත් පළ නොකළ බවත් කිසිඳු හෝ රටක දෙශාපලනික දැන්වීම තම ට්‍රෑම් රථවල පළකරන්නේ ද නැති බවයි. Yarra Trams හි දැන්වීම් රෙගුලාසි මෙතනින්

    එසේම Yarra ට්‍රෑම් ජාලයේ දැන්වීම් පළකිරීම් සම්බන්ධව කටයුතු කරන සමාගම විසින් ද අපට ඊමේල් මඟින් තහවුරු කළේ හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම ව්‍යාජ සටහන් පෙළක් බවයි.

    මේ පිළිබඳව ජවිපෙ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් විමසීක් කළ අතර, ඔහු ද සඳහන් කළේ, අනුර කුමාර දිසානායක මහතාගේ දැන්වීමක් ඔස්ට්‍රේලියාවේ බස් රථයක ප්‍රදර්ශනයක් සිදු නොකර බව ත්, එය අසත්‍ය තොරතුරක් බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    විශාල මුදලක් වැයකරමින් ඕස්ට්‍රේලියාවේ ට්‍රෑම් රථවල අනුර කුමාරගේ දැන්වීම් ප්‍රදර්ශනය කළ බවට හුවමාරු වන්නේ ව්‍යාජ සටහන් පෙළකි. එවැනි දැන්වීමක් පළ නොවූ බව ඕස්ට්‍රේලියාවේ Yarra Trams ආයතනයත තහවුරු කර සිටිනවා. හුවමාරු වන්නේ සංස්කරණය කරන ලද ඡායාරුපයක් සහ ව්‍යාජ ඉන්වොයිසියකි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-06-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.