Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ජාතිය ඇමතීම බලන ජනපතිගේ ඡායාරුපයක් ද ?

    2021-06-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජුනි 25 වනදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ජාතිය ඇමතීමේ කතාව බොහෝ දෙනෙකුගේ අවධානට ලකවී තිබුණා. එම කතාවෙන් පසුව ද විවිධාකාරයේ සටහනක් රැසක් ඒ සම්බන්ධයෙන් පලවී තිබුණා. මේ අතර එම පටිගත කරන ලද රුපවහිනී දර්ශන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවසේ සිට නැරඹ

    ජුනි 25 වනදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ජාතිය ඇමතීමේ කතාව බොහෝ දෙනෙකුගේ අවධානට ලකවී තිබුණා. එම කතාවෙන් පසුව ද විවිධාකාරයේ සටහනක් රැසක් ඒ සම්බන්ධයෙන් පලවී තිබුණා.

    මේ අතර එම පටිගත කරන ලද රුපවහිනී දර්ශන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවසේ සිට නැරඹු බව පෙන්වන ඡායාරුපයක් ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳව අපගේ විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “ජාතිය ඇමතීම බලන ජනපති!”  යනුවෙන් මව්රට නම් වෙබ් අඩවියක පළවූ ඡායාරුපයක දක්වා තිබුනේ ජනපති රූපවාහිනියෙන් සිය ජාතිය ඇමතීමේ කතාව නැරඹු අවස්ථාවක්.

    Mawratanews | Archived

    මෙම ඡායාරුපය Sunday Times පුවත්පතේ ද පලවී තිබුනේ මෙලෙසින්

    Sunday Times | Archived

    ජනපති ජාතිය ඇමතු අවස්ථාවේ පටිගත කරන ලද දර්ශන ජුනි 25 වන දින රාත්‍රියේ විකාශය වූ අතර ජුනි 26 වන දින සමාජ මාධ්‍ය ඔස්සේ ද ඉහත ඡායාරුපය උපහාසාත්මක කෝණයකින් බොහෝ දෙනෙක් පළකර තිබෙනු ද මීට පෙර අපට දැක ගන්නට ලැබුණා.

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    බොහෝ දෙනෙකු විසින් එම ඡායාරුපය උපහාසාත්මක කෝණයකින් සංස්කරණය කරන ලද්දක් බව හඳුනා ගෙන තිබුණා.

    කෙසේනමුත් ප්‍රධාන පෙළේ පුවත්පතක පවා පලවී තිබීම හේතුවෙන් මේ පිලිබඳ කරුණු විමර්ෂණය කිරීමට අප කටයුතු කළා.

    එහිදී අපට දැක ගන්නට ලැබුනේ මෙය මීට අඩුම තරමින් වසරකට පෙර සිට හෝ හුවමාරු වෙමින් තිබු ඡායාරුපයක් බවයි.

    ඉහත දක්වා තිබු මවුරට නම් වෙබ් අඩවියේම 2020 ජුලි මාසයේ මෙම ඡායාරුපය පළකර තිබුනේ “ගෝඨා ‘ගෝඨාව’ තහනම් කරයි”  යන තේමාවෙන් 2020 මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබු බව දැක්වෙන පුවතකටයි. එහි රුපවාහිනී තිරයේ පෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මතතා “එළිය” වැඩසටහනක දී සිදුකළ කතාවක ආකාරයක්. එහි ඡායරූපය පහතින්.

    Mawuratanews | Archived

    ෆේස්බුක් ඔස්සේ 2020 වසරේ මෙම ඡායාරුපය පළවී තිබු තවත් අවස්ථාවක් මෙතනින්

    එම ඡායාරුප සහ මේ දිනවල හුවමාරු වන ඡායාරුපය සැසඳීමේ දී ඒවා එකම ඡායාරුපයක් බව පෙනී යනවා. මේ අනුව මෙය පැරණි ඡායාරුපයක් බව පැහැදිලිය.

    කෙසේනමුත් එය මුල් ඡායාරුපයක් ද නැතහොත් සංස්කරණක් ද යන්න අපට තහවුරු කරගැනීමට මෙතෙක් හැකියාවක් නොලැබුණේ එහි මුල් ඡායාරුපය ලබාගැනීමට ලැබුනේ නැති බැවිනි. මුල් ඡායාරුපය ලබාගැනීමෙන් පසුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

    කෙසේනමුත් මේ දිනවල මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ “ජාතිය ඇමතීම බලන ජනපති!”  යන තේමාවෙන් හුවමාරු වන සටහන් වල යොදා ඇත්තේ පැරණි ඡායාරුපයක සංස්කරණයක් බව පෙනී යනවා.

    සැ. යු. : මෙහිදී කරුණු විමර්ෂණය සිදුකර තිබෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින ඡායාරුපය සම්බන්ධයෙන් පමණක් බව සලකන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා ජාතිය ඇමතු අවස්ථාව ඇත්ත වශයෙන්ම රූපවාහිනියෙන් නැරඹුවා ද නැද්ද යන්න අපට ස්වාධීනව සත්‍යාපනය කළහැකි කරුණක් නොවේ.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ ජුනි මස 25 වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය ඇමතු අවස්ථාවක් ඔහු රූපවාහිනියෙන් නැරඹු අවස්ථාවක් ලෙස උපහාසාත්මක කෝණයකින් සිදුකළ පැරණි ඡායාරුපයක සංස්කරණයක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.