Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    JVP Youth අත්බෑගයක් රැගත් තරුණියක් පොදු මගී ප්‍රවාහන රථයක අශෝභන ලෙස ගමන් කරන අයුරු?

    2022-03-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායකයින් මෙන්ම ජවිපෙ තරුණ කණ්ඩායම් සම්බන්ධයෙන් ද  විවිධ අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මගී ප්‍රවාහන රථයක ඉදිරියේ ඇති අසුන මත දෙපා තබාගෙන ගමන් කරන තරුණියක් ජවිපෙ සමාජිකාවක් බව හැඟවීමට සංස්කරණය කරමින් ප

    ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායකයින් මෙන්ම ජවිපෙ තරුණ කණ්ඩායම් සම්බන්ධයෙන් ද  විවිධ අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මගී ප්‍රවාහන රථයක ඉදිරියේ ඇති අසුන මත දෙපා තබාගෙන ගමන් කරන තරුණියක් ජවිපෙ සමාජිකාවක් බව හැඟවීමට සංස්කරණය කරමින් පළවූ තිබු ඡායාරුප සටහන් පෙළක් පිළිබඳව අපගේ විමර්ශනය මෙලෙසින්

    සමාජ ජාලා සටහන් 

    මගී ප්‍රවාහන රථයක ඉදිරිපස අසුන මත දෙපා තබා සිටින තරුණියකගේ ඡායාරූපයක් සහ ඒ අසුනේ පසෙකින් එල්ලී ඇති JVP-Youth ලෙස සදහන් බෑගයක් ඇති බව පෙන්වමින් ඇය ජවිපෙ සාමාජිකාවක් ලෙස නිරූපණය වන සේ සමාජ ජාලා සටහන් පෙළක් එක්කර තිබෙන ආකාරය අපට පහත  දැකගන්නට ලැබුණා.

    JVP Youth , යන සටහනද සමග එම ඡායාරූපය එකතු කර තිබුනේ මෙලෙසින්

    Facebook | Archived

    ඒ හා සමානම තවත් ෆේස්බුක් සටහන් ව්‍යාප්තව පැවතියේ මෙලෙසින් සහ මෙලෙසින් 

    Fact Check(සත්‍ය කරුණු විමසා බැලීම )

    අප පළමුවෙන්ම මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් වෙත යොමු කල අතර එහිදී දැක ගන්නට ලැබුනේ මෙය මීට වසර ගණනකට පෙර සිටම සමාජ ජාලා හරහා හුවමාරු වන ඡායාරූපයක් බවයි. කෙසේ වෙතත් එහි මුල් ඡායාරුප පරීක්ෂා කිරීමේ දී දැකනිරීක්ෂණය වුයේ ඇය ඉදිරිපිට පවතින අත්බෑගයේ ඉදිරිපස කොටස සංස්කරණය කරමින් JVP Youth ලෙස සදහන් කර කරමින් ඇය ජවිපෙ සාමාජිකාවක් ලෙස දැක්වීමට උත්සාහ දරා තිබු බවක්

    මේ 2020 වසරේ ට්විටර් හරහා එහි මුල් ඡායාරූපයක් හුවමාරුව තිබුණු අවස්ථාවක් මෙලෙසින්

    Archived 

    මේ දින කිහිපයකට පෙර ෆේස්බුක් පරිශීලකයෙක් විසින් එම ඡායාරූපයම අන්තර්ජාලයට එක්කර තිබුණු ආකාරයයි. 

    Facebook | Archived 

    සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූපය අතර සංසන්දනයක් පහතින්. 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරණු විමර්ෂණයේ දී තහවුරු වූයේ කාන්තාවක් පොදු මගී ප්‍රවාහන රථයක ඉදිරියෙන් ඇති අසුන මතා පාද තබා තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූපයේ ඇයගේ අත්බෑගයේ ඉදිරිපස කොටස සංස්කරණයට ලක්කර JVP Youth ලෙස සදහන් කිරීම ඔස්සේ ඇය ජවිපෙ සාමාජිකාවක් බව පෙන්නුම් කිරීමට උත්සාහ ගෙන තිබු බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-03-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.