Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check: දේවානි ජයතිලක මහත්මිය දුරකථනයකින් අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් පරික්ෂා කරන අවස්ථාවක් ද?

    2021-02-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය පසුගියදා සිදු කළ ප්‍රකාශයක් මුල්කරගනිමින් ඇයට පක්ෂව මෙන්ම විපක්ෂව ද සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණා. ඇය හා සම්බන්ධ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප පසුගිය දින කිහිපයේදී සිදු කළ කරුණු

    ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය පසුගියදා සිදු කළ ප්‍රකාශයක් මුල්කරගනිමින් ඇයට පක්ෂව මෙන්ම විපක්ෂව ද සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණා. ඇය හා සම්බන්ධ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප පසුගිය දින කිහිපයේදී සිදු කළ කරුණු විමර්ශන දෙකක් මෙතනින් සහ මෙතනින්.

    මේ අයුරින්ම හුවමාරුවන සටහන් පෙළක පෙන්වීමට උත්සාහ ගෙන තිබුනේ දේවානි ජයතිලක මහත්මිය ජනතා විමුක්ති පෙරමුණට ලැදිව කටයුතු කරන බවක්. ඒ සඳහා එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් සහිත සටහනක් සිය දුරකථනයෙන් පරික්ෂා කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් යොදාගෙන තිබුණා. නමුත් අපගේ විමර්ශණයෙන් පැහැදිලි වුනේ මෙය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.

    සමාජ මාධ්‍ය සටහන්:

    “දේවානි සහෝදරී කාරයාලයෙදි අහඹු ලෙස ලබාගත් ජායාරූපයක්.. ” යනාදී තේමා යටතේ ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරුපයක් සහිත සටහනක් සිය දුරකථනයෙන් පිරික්සමින් සිටින අයුරු දැක්වෙන සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපය පුරාවටම හුවමරු වී තිබුණා.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\63 Devani Jayathilaka\84b46fca-d8c5-4cef-855b-a1d2833cf1f6.png

    Facebook | Archived  Facebook | Archived

    ඉහත සටහන් බැලු බැල්මටම සංස්කරණය ලෙස පෙනුණු ද එහි මුල් ඡායාරුපය පිලිබඳ සොයා බැලීමට අප උත්සුක වුණා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳ කලපු සටහන් පරික්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ ජාතික හරිත පෙරමුණ සංවිධානයේ නිර්මාතෘ පැතුම් කර්නර් මහතා විසින් පළ කරන ලද සටහනක තිබූ දේවානි ජයතිලක මහත්මිය ගේ ඡායාරූපය සංස්කරණය කරමින් මෙම ව්‍යාජ සටහන නිර්මාණය කර තිබූ බවයි

    පැතුම් කර්නර් මහතා විසින් පෙබරවාරි 11 වන දින “දේවානි ගැන නොලියාම බැරි නිසා…” යන තේමාවෙන් පළකරන ලද මෙම ෆෙස්බුක් සටහනෙන් දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක් පළකර තිබුණි. මීට වසරකට පෙර එනම් 2020 වසරේ පෙබරවාරි 14 දින ඔහු විසින්ම එකී ඡායරුපයම යොදාගනිමින් පලකරන ලද ෆේස්බුක් මුල් සටහන පහතින්.

    Facebook | Archived

    එම ඡායාරුපය යොදාගනිමින් දේවානි ජයතිලක මහත්මිය ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ බව පෙන්වීමට එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරුපයක් පරීක්ෂා කරන බවක් පෙන්නුම් කර තිබුණ ද එහි මුල් සටහනේ තිබෙන්නේ දේවානි ජයතිලක ගැන කාන්තා සමුළුවක දුලීකා මාරපන මහත්මිය කතාකරන අවස්ථාවක් බව දක්වමින් සංස්කරණය කරන ලද සහ සත්‍ය ඡායාරුප දෙක පහත පරිදි පැතුම් කර්නර් මහතා විසින් පෙන්වා දී තිබුණා.

    https://www.facebook.com/pathumkerner/posts/10219661893234342?__cft__[0]=AZWlVVT7uLpFCmQJBjZzmy7CpAW9E6UCPErTuN01-ax2VCti495YbmZ6_2es0HDcz3qnXxKKDM_gx3P8nIeh4qr23z5FridIVHmJ9rWg_loRjeCHqv8D_32peUjwZmnZGmY&__tn__=%2CO%2CP-R

    Facebook | Archived

    “හුස්ම ටික වෙනුවෙන් හඩක් …. මම දේවානී සමගයි” යන තේමාවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මිය විසින් 2020 පෙබරවාරි මස 12 වැනිදා පළකර තිබු විසියෝවක් පහතින්.

    පැතුම් කර්නර් මහතා විසින් 2020 පෙබරවාරි මාසයේ දී මුල් වරට පළ කරන ලද දේවානි ජයතිලක මහත්මියගේ ඡායාරූපයේ ඇය විසින් දුරකතනයෙන් පරික්ෂා කරමින් සිටින දර්ශන වල පසුබිම ඉහත වීඩියෝවේ දර්ශන වල පසුබිම හා බොහෝ දුරට සමාන බව ද අපට දැකගනන්ට පුළුවන්.

    කෙසේ වෙතත් දේවානී ජයතිලක මහත්මියට ජනතා විමුක්ති පෙරමුණ සමඟ ක්‍රියාකාරීව කටයුතු කළ පසුබිමක් අතීතයේ හෝ තිබුනේ දැයි පරික්ෂා කිරීමට එම පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි උපුල් රන්ජන් මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු.

    ඔහු පවසා සිටියේ ද ඇයගේ දේශපාලන මතය සම්බන්ධයෙන් අවබෝධයක් නැති වුවද ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ඇය කටයුතු කළ බවට කිසිදු තොරතුරක් නැති බවයි

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ දේවානි ජයතිලක මහත්මිය මීට වසරකට පෙර දුරකතනයකින් දුලීකා මාරපන රංගන ශිල්පිනිය සිටින වීඩියෝවක් නරඹමින් සිටි අවස්ථාවක ලබා ගන්නා ලද ඡායාරූපයක් සංස්කරණය කරමින් ඇය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා සම්බන්ධ සටහනක් පරිශීලනය කරන බව පෙන්වීමට දැරූ උත්සාහයක් බවයි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.