Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මනීශා චංචලා රංගන ශිල්පිනිය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සහය දක්වන ආකාරයේ ඡායාරුපයකට පෙනී සිටියා ද?

    2021-06-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඇතැම් කලාකරුවන් මැතිවරණ ව්‍යාපාර තුළ දී දේශපාලන පක්ෂ වෙනුවෙන් සහයෝගය දක්වන අයුරු දැකගන්නට ලැබෙනවා. පසුගිය පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ මැතිවරණ සමයේ දී ද ක්‍රියාකාරී ලෙස දායකත්වය ලබා දෙන ඇතැම් කලාකරුන්වන් අපට දැක ගන්නට ලැබුණා. මේ අතර රංගන ශිල්පිනියක් වන මනී

    ඇතැම් කලාකරුවන් මැතිවරණ ව්‍යාපාර තුළ දී දේශපාලන පක්ෂ වෙනුවෙන් සහයෝගය දක්වන අයුරු දැකගන්නට ලැබෙනවා. පසුගිය පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ මැතිවරණ සමයේ දී ද ක්‍රියාකාරී ලෙස දායකත්වය ලබා දෙන ඇතැම් කලාකරුන්වන් අපට දැක ගන්නට ලැබුණා.

    මේ අතර රංගන ශිල්පිනියක් වන මනීශා චංචලා විසින් සමගි ජන බලවේගය වෙත තම සහයෝගය පල කරන ආකාරයේ ඡායාරූපයක් පසුගිය දින කිහිපයේ දී හුවමාරු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. ඒ පිලිබඳ අපගේ විමසුම පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    කජා මොහිදීන් නම් අයෙකු විසින් ෆේස්බුක් වෙත එකතු කර කර තිබු සටහනක දැක්වුණු ඡායරුපයේ මනීෂා චංචලා විසින් සජිත් ප්‍රේමදාස මහතා වෙත සහයෝගය දක්වන ආකාරයේ පුවරුවක් පෙන්නුම් කෙරෙනවා.  එම සටහන පහතින්

    Facebook | Archived  Facebook 

    එහි සජිත් නමින් සඳහන් වන අතර සමගි ජන බලවේගයේ ලකුණ වන දුරකථනය ඉදිරියෙන් කතිරලකුණක් සටහන් කරමින් සමඟි ජන බලවේගයට සිය කැමැත්ත පලකරන අයුරක් පෙන්නුම් කිරීමට උත්සාහ ගෙන තිබෙන බව පෙනී යනවා.

    සැබෑවටම මනීශා විසින් මේ ආකාරයට ඡායාරූපයකට පෙනී සිටියේද යන්න පිලිබඳව අප සොයා බැලුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පළමුව අප මෙම ඡායාරූපය හොඳින් නිරීක්ශනය කරනු ලැබුවා. එම ඡායාරූපයේ වම් පසට වන්නට ඇය මෙම පුවරුව අල්ලා සිටින කොටසේ ඇඟිලි කැපී යන පරිදි සජිත් නම් නම සහිත පුවරුව පවතින බව අපට පෙනී ගියා.ඒ අනුව මෙම දේශපාලන පක්ශ ලාංඡනය සහිත කොටස මෙම ඡායාරූපයේ කොටසක් නොවන බවත් සංස්කරණය කරමින් එකතු කල එකක් බවත් අපට පෙනී යනවා.

    මෙම කරුන වැඩි දුරටත් තහවුරු කර ගැනීමට අප මෙම රංගන ශිල්පිනියගේ ඉන්ස්ටග්‍රම් ගිනුමේ ඡායාරූප පරීක්ෂා කළා. එහිදී ඇය මේ ආකාරයට සමාන ඉරියව්වකින් පෙනී සිටින ඡායාරූපයක් දැකගන්නට ලැබුනා. 

    2019 සැප්තැම්බර් මස 14 වන දින පල කර තිබුනු මෙම ඡායාරූපය චොකලට් ආශ්‍රිත නිෂ්පාදනය සිදුකරන ආයතනයකින් ඇයට එවා තිබූ චොකලට් වර්ගයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්ස්ටග්‍රම් වෙත දැමූ ඡායාරූපයක් බව අපට පෙනී ගියා. එම මුල් සටහන පහතින්

    https://www.instagram.com/p/B2YHkH3JmwG/

    Instagram | Archived

    මෙම ඡායාරූපයේ කලු පැහැති කොටස සංස්කරනය කරමින් සජිත් යනුවෙන් නම් සඳහන් පුවරුව එකතු කර ව්‍යාජ ෆේස්බුක් සටහනක් සකස් කර ඇති බව අපට පෙනී යනවා. එම මුල් සටහනේ සහ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සටහනේ සංසන්දනයක් පහතින්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\255 Maneesha Edit SJB\Horizontal Image Comparison (1).jpg

    සමගි ජන බලවේගයට සම්බන්ධ කලා කරුවන් ගේ එකතුව සමගි කලා බලවේගය නමින් පිහි‍ටුවා තිබුනු අතර ඒ සඳහා බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කළාකරුවන් සම්බන්ධව සිටියා. 

    නමුත් ඒ සඳදා මනීශා චංචලා රංගන ශිල්පිනිය සම්බන්ධ වී තිබු බවක් අපට දැක ගන්නට ලැබුනේ නැහැ.  සමගි කලා බලවේගය සමාරම්භක අවස්තාවේ වීඩියෝ පටයක් මෙතනින්. එහිදී කළාකරුවන් බොහොමයක් දකින්නට ලැබෙන අතර මනීශා චංචලා අපට එහි දැකගන්නට ලැබෙන්නේ නැහැ.

    එසේම මනීෂාගේ ඉහත ඡායරුපයම යොදාගනිමින් 2019 ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ද “තරුණ අපේ මනාපය” යන තේමාවෙන්, පොහොට්ටුවට මනීෂාගේ මනාපය ලබාදෙන ආකාරයට සංස්කරණ පෙළක් පළවී තිබු බව අපට දැක ගන්නට ලැබුණා.

    Facebook | Archived

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත සඳහන් කරුණු අනුව අපට තහවුරු වන්නේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සමගි ජන බලවෙගයටත් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්  කළාකාරිනී මනීශා චංචලා විසින් සහයෝගය පලකළ බව දැක්වීමට යොදාගෙන තිබුනේ ඇය විසින් සිය ඉන්ටග්‍රෑම් ගිණුමට 2019 වසරේ පළකර තිබූ ඡායාරුපයක් සංස්කරණය කිරීමෙන් බව අපට තහවුරු කල හැකියි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.