Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නාමල් රාජපක්ෂ පිළිබඳව නෙත් ගොසිප් පලකළ පුවතක් අළලා සැකසුන ව්‍යාජ සමාජ ජාලා සටහන්!

    2023-01-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් පසුගිය දිනක ලහිරු මුදලිගේ මාධ්‍යවේදියා මෙහෙයවන Stand by with Lahiru වැඩසටහනට සම්බන්ධ වුණා. එහිදී මන්ත්‍රීවරයා සිදු කරන ලද ප්‍රකාශ පාදක කරගනිමින්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් පසුගිය දිනක ලහිරු මුදලිගේ මාධ්‍යවේදියා මෙහෙයවන Stand by with Lahiru වැඩසටහනට සම්බන්ධ වුණා. එහිදී මන්ත්‍රීවරයා සිදු කරන ලද ප්‍රකාශ පාදක කරගනිමින්, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සිය සමාජ ජාලා පිටු හරහා පෝස්ටු පළකර තිබුණා. මේ අතර එවැනි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් පලකරන ලද සටහන් සංස්කරණය කරමින් වැරදි අරුත් මතුවන ආකාරයට, උපහාසාත්මක කෝණයෙන් සකසන ලද සමාජ ජාලා සටහන් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක්.

    සමාජ ජාලා සටහන් 

    නෙත් ගොසිප් මගින් නාමල්ගේ ප්‍රකාශයක් උපුටා දක්වා ඇති බවක් හගවමින් විවිධ උපහාසය මුසු අපහාසාත්මක සටහන් පළකර ඇති බවක් දක්නට ලැබුණේ මෙලෙසින්.

    “ලිමිණි බලන්න ගිය දවසෙදි අපේ තත්තා මං ළඟට ඇවිත් කණට කරලා ඇහුවා… මරු කද නේද ? කියලා..”

    Facebook | Archived

    මේ ආකාර සටහන් ෆේස්බුක් වල පැතිර පැවතියේ මෙලෙසින්.

    මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කරන ලෙස නෙත් ඩිජිටල් අංශයෙන් ද අපගෙන් විමසා සිටි අතර ඒ පිලිබඳ අප සොයා බැලුවේ මෙලෙසින්.

    කරුණු විමසා බැලීම

    දින කිහිපයකට පෙර “හරි TV” අන්තර්ජාල නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මගින් සිදුකරන ලද අදහස් පළකිරීමක්  ඇසුරින් සටහනක් නෙත් ගොසිප් වෙබ් අඩවියේ පළව තිබුණු අතර නෙත් නාලිකාව විසින් නෙත් ෆේස්බුක් පිටුවේ සහ නෙත් ගොසිප් ෆේස්බුක් පිටුවේ , සිය වෙබ් අඩවියට සම්බන්ධ සබැදියක් සමග ෆේස්බුක් සටහනක් පළකර තිබුණේ පහත අයුරින්.

    Facebook | Archived

    මේ අනුව ඉහත සටහනේ උඹ මේ කරන්නේ බොරුවක් නේද ? කියලා” යන කොටස වෙනුවට උපහාසාත්මක /අපහාසාත්මක සටහන් පළකර තිබු අයුරු පෙනී යනවා.

    අප නෙත් ගොසිප් වෙබ් අඩවියේ ලිපිය ද පරික්ෂා කළා. එහි සඳහන්ව තිබු කොටස පහතින්.

    “තම පෙම්වතිය වූ ලිමිණිව බැහැ දැකීම සඳහා මුල් වරට ඇගේ නිවසට ගිය අවස්ථාවේදී සිදු වූ සිද්ධියක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙළි කර සිටියා. ඒ YouTube නාලිකාවක් සමඟ සම්බන්ධ වෙමින්. 

    එහිදී ඔහු කියා සිටියේ මෙවැන්නක්. “ලිමිණි  බලන්න ගියපු දවසේ අඳුරන්නෙ නැති කෙනෙක් බලන්න යනවා වගේ ගියා. හැබැයි දැකපු ගමන් තාත්තා කනට කරලා කිව්වා , මේ උඹ මීට කලින් මෙහෙ ඇවිත් තියෙනවා මේ ළමයව හම්බෙලා තියෙනවා නේද කියලා කිව්වා”

    Neth Gossip | Archived

    ඒ අනුව මේ හේතුවෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන් නෙත් ගොසිප් මඟින් නිර්මාණය කර ඇති බව පෙනී යනවා.

    නෙත් සන්නාම අවභාවිතා කරමින් පළවූ ව්‍යාජ ලෙස සංස්කරණය කළ සටහන් පෙළක්

    නෙත් ඩිජිටල් අංශයේ ඩිජිටල් මාධ්‍ය සම්බන්ධ නියෝජ්‍ය කළමණාකරු ලක්ෂිත දිල්රුක්ෂණ මේ සම්බන්ධයෙන් පැවසුවේ යම් යම් පිරිස් මගින් නෙත් සමාජ ජාලා පිටුවල ඇති සටහන් සංස්කරණය කරමින් සිය නිල ලකුණ (Logo), අකුරු (Font) යනාදිය අවභාවිත කරමින් ඊට සමාන ෆේස්බුක් සටහන් සමාජ ජාලා හරහා පතුරවමින් සිටින බවයි.

    මේ පිලිබදව ආයතනය මගින් පොලිසියට පැමිණිලි කරමින් අදාළ නීතිමය පියවර ගෙන ඇති බවත් පැවසුවා.

    හරි ටී .වී යූ ටියුබ් නාලිකාව මගින් පැවැත්වූ සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉහත අදහස් පලකරන ලද වීඩියෝව පහතින් .

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් වෙනත් අවස්ථාවලදී හෝ සමාජ ජාලාවල පැතිරෙන ඉහත නෙත් පෝස්ටු විකෘති කර පලකරන ලද දේ පවසා ඇතිද හෝ ඒවා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන්න සොයා බැලු අතර අපට දක්නට ලැබුණේ එවැන්නක් පවසා නොමැති බවයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) 

    අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ නෙත් මාධ්‍ය ජාලය විසින් හරි ටී.වී අන්තර්ජාල නාලිකාව , නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් දක්වන ලද අදහස් ඇසුරින් සකසන ලද සමාජ ජාලා පෝස්ටු කිසියම් පිරිසක් විසින් සංස්කරණය කර අපහාසාත්මක /උපහාසාත්මක ආකාරයෙන්  අන්තර්ජාලයට මුදා හැර ඇති ඇති බවයි.

    Avatar

    Title:නාමල් රාජපක්ෂ පිළිබඳව නෙත් නිව්ස් පලකළ පුවතක් අළලා සැකසුන නොමගයවන සුලු සමාජ ජාලා සටහන්!

    Fact Check By: Fact Crescendo Team 

    Result: Altered

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-01-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.