Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : අනුර කුමාර දිසානායක පිළිබඳව ඉදිරිපත්ව ඇති අසත්‍ය සටහන් පෙළක්!

    2020-11-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. පසුගිය කාලය පුරාවටම වාගේ සමාජ මාධ්‍ය ජාලයේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පළවූ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් රැසක් පිළිබඳව අ

    ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. පසුගිය කාලය පුරාවටම වාගේ සමාජ මාධ්‍ය ජාලයේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පළවූ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් රැසක් පිළිබඳව අප කරුණු විමර්ෂණ සිදුකළා.

    මේ අයුරින්ම පසුගිය දින කිහිපයේ අනුර කුමාර දිසානායක මහතාගේ අලලා ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව තිබූ සටහන් කිහිපයක් ද පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා ව්‍යාජ ලෙස සිදුකරන ලද සංස්කරණ බවයි

    සමාජ මාධ්‍ය සටහන්:

    “LPL තරඟාවලිය අත්හිටුවා දමා එම මුදල් හුදකලා කළ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් යොදවන්න” යනුවෙන් පුවත්පතකට අදහස් දැක්වූ ආකාරයට සැකසුනු සටහනක් ෆේස්බුක් ජාලයේ බොහෝ දෙනා අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය. පහත දක්වා ඇත්තේ “රටේ මිනිස්සු කන්න නැතුව අසරණ වේලා ඉන්නවා. රාජපක්ෂලාට සංදර්ශන තියන්න රටේ සල්ලි විනාස කරනවා ඇට බෝල ගහලා” තේමාවෙන් Kavisha Wikrama නැමැත්තෙක් ඉදිරිපත් කර තිබු එවැනි සටහනකි.

    FacebookArchived Link

    “හොරා කාපු සමහර බල්ලෝ නැට්ට දෙපරහැන්දෙ ගහගෙන දුවලා තමුන්ගේ ස්වාමියාගේ කකුල් දෙක අස්සට රිංග ගත්ත ගමන් ගල් ගහපු උන්ට සද්දෙට බුරන එක සාමාන්‍ය දෙයක්” වදන රෝපනය කර “සල්ලි ඉස්සරහ නැමෙන නැමිල්ල” තේමාවෙන් වීර පුරන් අප්පු නමැති ෆේස්බුක් පිටුවක් ද සටහනක් ඉදිරිපත් කර තිබුණි.

    FacebookArchived Link

    මෙම සටහන් ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණු අතර මේ පිලිබඳ කරුණු විමර්ෂණය කරන ලෙස අපට ඉල්ලීම් කිහිපයක් ද ලැබුනා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන් වල අන්තර්ගත කරුණු තහවුරු කරගැනීම පිණිස අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. අප හා එක්වු ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා පවසා සිටියේ මෙම සටහන් වල අන්තර්ගත කරුණු සාවද්‍ය අතර මෙම සටහන්වල ඉදිරිපත් කර ඇති ඡායාරූප ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බවය.

    Kavisha Wikrama ෆේස්බුක් පිටුවේ තිබු LPL තරඟාවලිය සටහන පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාගේ ෆේස්බුක් පිටුවේ සටහනක් ඇත්දැයි පරීක්ෂා කළෙමු. මව්බිම පුවත්පතේ මාධ්‍යවේදිනීයක් වන අනුරාධා හේරත් මෙනවිය සමඟ 2021 අයවැය පිළිබඳව සාකච්ඡාවක් “ණය උගුලක රට හිර කරලා” තේමාවෙන් නොවැම්බර් මස 18 වැනිදා ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණි.

    FacebookArchived Link

    නොවැම්බර් මස 18 වැනිදා මව්බිම පුවත්පතේ 12 වැනි පිටුවේ එම ලිපිය පලවී තිබෙනු ද අපද දැකගන්නට හැකිවිය. අනුර කුමාර දිසානායක මහතාගේ ෆේස්බුක් පිටුවේ ඇති පුවත්පතේ සිරස්තලය සහත සේයාරුව සහ Kavisha Wikrama නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු සේයාරුව සමඟ සංසන්දනය කිරීමේදි ෆේස්බුක් ජාලයේ සංසරණය වන සටහන පැහැදිලිවම ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බව තහවුරු විය. 

    වීර පුරන් අප්පු නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු සටහනේ ඇති සේයාරුව පරීක්ෂා කිරිමේදි එම සේයාරුව සුක්ෂමව කළ සංස්කරණයක් නොව නොසැලකිල්ලෙන් කරන ලද සංස්කරණයක් බව නිරික්ෂණය වේ. බොහෝ දෙනෙක් මේ බව ප්‍රතිචාර මඟින් ද සඳහන් කර තිබුණි. 

    2019 වසරේ ජුලි මස අනුර කුමාර දිසානායක මහතා, මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැදුටු අවස්ථාවේ ගත් ඡායාරූපයක, අනුර කුමාර මහතාගේ සේයාරුව වෙන්ව කාපා ලබාගනිමින් ඉහත සංස්කරණය සඳහා ඉදිරිපත් කර තිබු බවක් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා පැවැසීය.

    අනුර කුමාර දිසානායක මහතාගේ ෆේස්බුක් පිටුවේ එම සිදුවීම “ජවිපෙ විශේෂ ‌යෝජනා මාලාව මල්වතු නාහිමි ‌වෙත පිලිගැන්වු අවස්ථාව” යනුවෙන් 2019 ජුලි මස 02 වැනිදා පළවූ ඡායාරුප පෙළ අතර අපට දැකගන්නට ලැබුණා. JVP වෙබ් අඩවියේ එම පුවත පළවුයේ පහත අයුරින්

    AKD Facebook | Archived   JVP | Archived 

    එම සංසන්දනය පහතින්

    යහපාලන රජයේ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වූ මලික් සමරවික්‍රම මහතා 2017 වර්ෂයේ හංගේරියාවේ පැවති World Export Development Forum 2017 සඳහා සහභාගිවු අවස්ථාවේ ගත් ඡායාරූපයකින් බොහෝදුරට යොදාගනිමින් මලික් සමරවික්‍රම මහතා සිටින පසුබිම සකසා ඇති බව පෙනී යයි. මෙහි මුල් ඡායාරූපය අපට හමු නොවූ අතර මලික් සමරවික්‍රම මහතාගේ ඇඳුම බොහෝ දුරට එම සම්මේලනයේ පෙන්වා දී තිබු පහත පරිදි ඡායාරුපය සමඟ ද සමාන බව පෙනී යයි.

    Link 1 | Archived   FT | Archived

    එම සම්මේලනයේ මලික් සමරවික්‍රම මහතා සහභාගී වූ සාකච්ඡාවක වීඩියෝවක් මෙතනින්

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අනුර කුමාර දිසානායක මහතා අළලා ෆේස්බුක් ජාලයේ ඉදරිපත්ව ඇති ඉහත සටහන් දෙකම පැහැදිලි ලෙසම සංස්කරණය කරනමින් ඉදිරිපත් කර තිබු සටහන් බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:අනුර කුමාර දිසානායක පිළිබඳව ඉදිරිපත්ව ඇති අසත්‍ය සටහන් පෙළක්!

    Fact Check By: Sahan Perera 

    Result: Altered

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.