Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අළලා ඉදිරිපත්ව ඇති සංස්කරණය කරන ලද සටහන් පෙළක්!

    2021-01-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරුන් සහ සක්‍රීය ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත්වේ. මෙම සටහන් බොහොමයක් සාවද්‍ය බව අප විසින් මීට පෙර සිදුකළ කරුණු විමර්ශන වලදි තහවුරු විය.  මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසු බවට

    ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරුන් සහ සක්‍රීය ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත්වේ. මෙම සටහන් බොහොමයක් සාවද්‍ය බව අප විසින් මීට පෙර සිදුකළ කරුණු විමර්ශන වලදි තහවුරු විය. 

    මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසු බවට සමාජ මාධ්‍ය තුල සැරිසරන  විවිධ සටහන්, ඔහු විසින් අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවට පාර්ලිමේන්තුවට යොජනාවක් ගෙනෙන බව Newsfirst.lk ප්‍රවෘත්ති අංශයේ ෆේස්බුක් පිටුවේ ඇති වාර්තාවක ඡායාරූපයක් උපහාසාත්මක ආකාරයෙන් සංස්කරණය කරමින් ඉදිරිපත් කර ඇති සාවද්‍ය සටහන් පෙලකි. 

    සමාජ මාධ්‍ය සටහන්:

    “මින් පසු සියලු මාළු පාන් වලට මාළු දැමීම අනිවාර්යයි”, “කොත්මලේ කිරි පැකට්වල හිල නියමිත ස්ථානය තැබීම අනිවාර්ය කරයි” සහ “සාමාන්‍ය පෙළ අසමත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැවත විභාගයට පෙනී සිටීම අනිවාර්ය කරයි”  යනාදී ප්‍රකාශයන් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් පැවසු බවක් Newsfirst ප්‍රවෘත්ති සේවයේ පළවූ ආකාරයක් පෙන්වන ලෙසට සකසුණු සටහන් කිහිපයක් Sri Lankan Memes නමැති ෆේස්බුක් පිටුවක පලවී තිබෙනු දක්නට ලැබුණි.

    FacebookArchived Link

    විවිධ මුහුණුවරකින් ඉදිරිපත් කර තිබූ මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණා. පහත දක්වා ඇත්තේ එවැනි සටහන් කිහිපයක්.

    FacebookArchived Link
    FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන්හි අන්තර්ගතයන් පිළිබඳව තහවුරු කරගැනීම පිණිස අප මෙම සටහන් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතාගේ මාධ්‍ය අංශය වෙත යොමු කළෙමු.  මෙවැනි බොළඳ ප්‍රකාශයන් නොකළ බවත්, Newsfirst.lk ප්‍රවෘත්ති අංශයේ ෆේස්බුක් පිටුවේ ඇති වාර්තාවක ඡායාරූපයක් සංස්කරණය කර මෙම සටහන්  සකසා ඇති බවත් අප හා සම්බන්ධවු මාධ්‍ය නිලධාරියා පැවසීය.

    Newsfirst.lk ප්‍රවෘත්ති අංශයේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරිමේදී, “අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක්” තේමාවෙන් ඉදිරිපත්ව තිබු සටහන නිරීක්ෂණය විය.

    FacebookArchived Link

    පහත දැක්වෙන්නේ එම පසුබිම යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පලවන සටහන් සමඟ සංසන්දනයක්.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ  සමාජ මාධ්‍යහි සැරිසරන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා මාධ්‍ය වෙත සිදුකරන ලද ප්‍රකාශයක් සඳහා යොදාගෙන තිබු පසුබිමක් සංස්කරණය කරමින් උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද සංස්කරණයන් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.