Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ යනුවෙන් ජොන්ස්ටන් පැවසුවාද?

    2021-05-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කෝවිඩ් වසංගතය අලලා අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීම මේ දිනවල දැකගන්නට පුළුවන් වෙනවා. Covid-19 හේතුවෙන් ජනතාව මියයෑම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මොහොතක මහ මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ?

    කෝවිඩ් වසංගතය අලලා අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීම මේ දිනවල දැකගන්නට පුළුවන් වෙනවා. Covid-19 හේතුවෙන් ජනතාව මියයෑම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මොහොතක මහ මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ?” යනුවෙන් ප්‍රකාශ කළ බවට සඳහන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    Sidath Wijayarathna නම් අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කළ මෙම සටහනේ දැක්වුණේ, “මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ?” යනුවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පුවත්පතකට කළ ප්‍රකාශයක්යැයි හැඟවෙන පරිදි මෙලෙස සටහන් සංසරණය වී තිබුණා. 

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් හවුමාරු වී ඇති අයුරු

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම අමාත්‍යවරයා පුවත් පතකට මෙලෙස ප්‍රකාශ කර ඇත්දැයි විමර්ශනය කළෙමු. ඒ අනුව,  2020-09-13 දින ජොන්ස්ටන් අමාත්‍ය විසින් මව්බිම පුවත් පතට කළ සම්මුඛ සාකච්ඡාවක ශීර්ෂ පාඨයේ දක්වා තිබූ “රාජපක්ෂවරු බලයට ගෙනාවේ ජනතාව නම් මොකක්ද ප්‍රශ්නේ ?” යනුවෙන් සඳහන් කර ඇති පුවත් වාර්තාව වෙත අපගේ අවධානය යොමු කළෙමු. එම පුවත් වාර්තාව මෙතනින්. (18 වන පිටුව)  

    එම සත්‍ය වාර්තාව හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වාර්තාව සැසඳීමේදී  සත්‍ය වාර්තාවේ ශීර්ෂ පාඨය සංස්කරණය කරමින් මෙලෙස අසත්‍ය වාර්තාව නිර්මාණය කළ ඇති බවට තහවුරු වුණි.

    එම සංසදනය පහතින්.

    කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ මාධ්‍ය  කාර්යාලයෙන් විමසීමක් කළා. ඔවුන් තහවුරු කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බවයි.

    මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේද අමාත්‍යවරයා මව්බිම පුවත්පතට කළ සත්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් දක්වා තිබුණේ මෙලෙසිනි.

    Facebook | Archived Link

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පැහැදිලි වන්නේ මහ මාර්ග අමාත්‍යවරයා මව්බිම පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් සිදුකළ පුවත්පත් වාර්තාවේ “රාජපක්ෂවරු බලයට ගෙනාවේ ජනතාව නම් මොකක්ද ප්‍රශ්නේ ?” රැගත් ශීර්ෂ පාඨය “මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ?” යනුවෙන් මෙලෙස සංස්කරණය කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.