Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    විෂ දුම පහ වෙනතෙක් රට වසා දමන ලෙස නලින්ද ජයතිස්ස පැවසුවා ද?

    2022-12-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන්, ඡායාරූප බහුලව සංසරණය වනවා. පසුගිය කාලයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සහ සෙසු දිස්ත්‍රික්කවල වායූ දූෂණය සම්බන්ධයෙන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන්, ඡායාරූප බහුලව සංසරණය වනවා. පසුගිය කාලයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සහ සෙසු දිස්ත්‍රික්කවල වායූ දූෂණය සම්බන්ධයෙන් දැඩි ලෙස කතා බහට ලක්වූවා. මේ ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සිදු කළ ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජනතා විමුක්ති පෙරමුණේ සභික මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ‘විෂ දුම පහ වෙනතෙක් රට වසා දමන්න’ යනුවෙන් පුවත් පතකට කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Twitter ඔස්සේ ද, එම සටහන පළ වී තිබුණේ මේ අයුරින්.

    Archived Link

    මෙහි නිරවද්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගිය දින කිහිපයේදී කොළඹ නගරයේ වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ ඇති බවට හා කොළඹ වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බවට ජාත්‍යන්තර දර්ශක වලින් දැක්වුණා. 

    ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින වායු දූෂණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක් පළඳින ලෙස ට සහ  අවදානම් කණ්ඩායම් හැකිතාක් නිවෙස්වලට වී පසුවන්නේ නම් ආරක්ෂාකාරී බව ද, පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසූවා. එම අවස්ථාව මෙලෙසින්. 

    Also Read : තීව්‍ර වන මෝසම් තත්ත්වය සමඟ වායු ගුණාත්මකභාව පිරිහීම පිලිබඳ මුළු ලංකාවම විමසිල්ලෙන්!

    කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ  මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම තත්ත්වය හේතුවෙන් රට වසා දමන ලෙසට ප්‍රකාශයක් සිදු කළ බවට මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක පළ වී ඇත්දැයි යන්න පිළිබඳවද, ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද, වෛද්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණා ද, යන්න අප නිරීක්ෂණයක් සිදු කළා.

    නමුත් ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට පුවත් පත පළ වී ඇති බවට ක දැක ගන්නට නොලැබුණි.

    ඒ හේතුවෙන් අප ඉහත ඡායාරූපය පිළිබඳ කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ, නලින් ද ජයතිස්ස මහතාගේ ඡායාරූපය ඇතුළත් එම පුවත් පතේ ආකෘතිය සහ පසුබිම පසුගිය අගෝස්තු 29 වන සඳුදා මව්බිම පුවත් පතේ 08 වන පිටුවේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ලිපියක් පළ වී ඇති අයුරුයි.

    සමාජ මාධ්‍ය සටහන් වල “විෂ දුම පහ වෙනතෙක් රට වසා දමන්න” යනුවෙන් සඳහන් ව තිබූ සත්‍ය ලිපියේ ශීර්ෂ පාඨයේ සඳහන් වී තිබුණේ, “අරගලය මතින් ජනපති පුටුවට පැනගත් රනිල් නොම්මර එකේ ත්‍රස්තවාදියා” යනුවෙනි. ඒ අනුව පැහැදිලි වන්නේ එය සත්‍ය ඡායාරූපය සංස්කරණය කරමින් නිර්මාණය කර ඇති ඡායාරූපයක් බවයි.

    Mawbima | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සංස්කරණය කරන ලද ඡායාරූපයේ සහ සත්‍ය ඡායාරූපය අතර සංසන්දනය පහතින්.

    එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ලේකම් උපුල් රංජන් මහතා ද,තහවුරු කළේ, ජවිපෙ සභික නලින්ද ජයතිස්ස මහතා විසින් විෂ දුම හේතුවෙන් රට වැසිය යුතු බවට ප්‍රකාශයක් කළ නොමැති බව ත්, මෙය අසත්‍ය බවත් ය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ජවිපෙ සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ‘විෂ දුම පහ වෙනතෙක් රට වසා දමන්න’ යනුවෙන් පුවත් පතකට කළ ප්‍රකාශයක් බවට හඟවමින් පළ වූ සටහන් අසත්‍ය බවයි.

    සමාජ මාධ්‍ය සටහන් වල “විෂ දුම පහ වෙනතෙක් රට වසා දමන්න” යනුවෙන් සඳහන් ව තිබුණේ සංස්කරණය කරන “අරගලය මතින් ජනපති පුටුවට පැනගත් රනිල් නොම්මර එකේ ත්‍රස්තවාදියා” යනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සිදු කළ  පසුගිය අගෝස්තු 29 වන සඳුදා මව්බිම පුවත් පතේ පළ වූ සත්‍ය ලිපියේ ශීර්ෂ පාඨය රැගත් ප්‍රකාශයකි. නලින්ද ජයතිස්ස එවැනි ප්‍රකාශයක් සිදුකර තිබුනේ ද නැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-12-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.