Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු පුවත් පිටුවක් මහින්ද රාජපක්ෂ මහතා කියවන අවස්ථාවක් ද?

    2021-02-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රබල දේශපාලන චරිත මුල්කරගනිමින් පලකරන ලද පුවත්පත් සංස්කරණ පිලිබඳ අප පසුගිය මාස කිහිපයේම විටින් විට කරුණු අනාවරණය කර තිබෙනවා. එබඳු වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. මේ අකාරයෙන්ම පලවී තිබු පුවත්පත් සංස්කරණයක් ආශ්‍රිත සටහනකින් පෙන්වීමට උත්සාහ කර

    ප්‍රබල දේශපාලන චරිත මුල්කරගනිමින් පලකරන ලද පුවත්පත් සංස්කරණ පිලිබඳ අප පසුගිය මාස කිහිපයේම විටින් විට කරුණු අනාවරණය කර තිබෙනවා. එබඳු වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    මේ අකාරයෙන්ම පලවී තිබු පුවත්පත් සංස්කරණයක් ආශ්‍රිත සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියවමින් සිටි පුවත්පතක “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු අයුරක්. ඒ පිළිබඳ අප සිදුකල කෙටි විමර්ෂණයක් පහතින්

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

    “වසර දහයක් ජානදිපති.1994 සිට කැබිනට් ඇමති හම්බන්තොටින්.ජනතවට වැසිකිළි නැහැ පවුල් දසදහසකට.යහපාලන රජයෙ මුදල් ඇමති මංගල සමරවිර මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කිව්වම මංගලට අපහස කලා” යන ප්‍රකාශයත් සමඟ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පුවත්පතක් කියවන ආකාරය හුවමාරු වී තිබුනා.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\58 Mahinda Paper Edit\3861b8a5-0411-4163-a5ef-4abd2bad0993.png

    Facebook | Archived Link

    පුවත්පත් පිටුවක “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් කොටසක් උද්දීපනය කොට තිබු අතර එය සංස්කරණය කල අයුරක් බව බැලු බැල්මටම වාගේ පෙනී යනවා.

    එම තේමාවෙන්ම පළවූ තවත් සටහන් කිහිපයක් දැක ගන්නට ලැබුණු බැවින් මෙහි සත්‍යතාවය පරීක්ෂා කිරීමට අප තීරණය කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිලිබඳ පරීක්ෂා කිරීමට අප අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළෙමු. ඔහුගේ නිල ඉන්ටග්‍රෑම් ගිණුමේ අවසන් වරට පලකොට තිබු ඡායාරුපය ඒ හා සමාන බව නිරීක්ෂණය වූ අතර එම පුවත් පිටුවේ “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් කොටසක් දැක ගැනීමට ලැබුනේ නැත. එම සටහන පහතින්

    View this post on Instagram

    A post shared by Mahinda Rajapaksa (@presidentrajapaksa)

    Instagram | Archived

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරුපයේ සහ අගමැතිතුමාගේ ඉන්ටග්‍රෑම් ගිණුමේ පළවූ ඡායාරුප සංසන්දනයක් පහතින්.

    එම පුවතේ සිරස්තල ලෙස දක්වා තිබු “ජැටියේ සටනින් ජාතිය දිනවූ දේශපාලන නුවණක මහිම” යන සිරස්තලයෙන් පළවූ පුවත් වාර්තා පරීක්ෂා කළෙමු. එහිදී පසුගිය සති අන්තයේ (පෙබරවාරි මස 07 වැනිදා) මව්බිම පුවත්පතේ 04 වැනි පිටුවේ පළවූ පුවතක් බව තහවුරු වූ අතර එහි සේයාරුවක් පහතින්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\58 Mahinda Paper Edit\5b93feb3-82cb-4cb6-ac8b-51a9a4b6b4b2.png

    E-paper

    “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යන පුවත පිලිබඳ පරීක්ෂා කිරීමේදී එය පසුගිය දා අරුණ පුවත්පතේ පළවූ පුවතක් උපුටා දැක්වීමක් බව පෙන්නුම් කර තිබු සටහන් කිහිපයක් ම දැක ගන්නට ලැබුනා. ඒ අනුව පසුගිය දින කිහිපයේ අරුණ පුවත්පත් පරීක්ෂා කිරීමේ දී පෙබරවාරි මස 09 වැනිදා අරුණ පුවත්පතේ මුල් පිටුවේ එම පුවත මෙසේ පලවී තිබු අයුරු දැක ගන්නට ලැබුණි.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\58 Mahinda Paper Edit\79977b17-c0c5-4093-872d-645743412504.png

    එම පුවත පහතින්.

    “හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් දස දහසකට අධික සංඛ්‍යාවකට වැසිකිළි පහසුකම් නැති බව මීට පෙර පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක්වූවද, මෙතෙක් ඊට පිළියම් යොදා නොමැති බව අනාවරණය වේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පසුගිය රජය කාලයේදීද මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළේය. 

    කෙසේ නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවමත් වැසිකිළි පහසුකම් නොමැති පවුල් 10,000 ක් සිටින බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි. මෙලෙස ජනතාවට වැසිකිළි පහසුකම් නොමැතිවීමට ප්‍රධාන හේතුව ඔවුන් අත මුදල් නොමැතිවීම බවද ඇමැතිවරයා කියයි. නිවස අසලටම නළ ජලය හා විදුලිය පහසුකම් ලැබී තිබුණත් එම ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි විශාල පවුල් ප්‍රමාණයක් රට පුරාම සිටින බව අරලිය ගහ මන්දිරයේදී පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ගම සමග පිළිසඳර වැඩසටහනේදී තමා පෙන්වා දුන් බවද ඇමැතිවරයා පැවසුවේය.

    ඒ අනුව පානීය ජලය, වැසිකිළි සහ විදුලිය නොමැති පවුල් සඳහා මේ වසරේ සිංහල අලුත් අවුරුද්දට පෙර එම පහසුකම් නොමිලේ ලබාදීමට එහිදී තීරණය වී ඇත.”

    Aruna Article

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් අරුණ පුවත්පතේ පළවූ සිරස්තලයක් “ජැටියේ සටනින් ජාතිය දිනවූ දේශපාලන නුවණක මහිම” යන තේමාවෙන් නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ පළවූ පුවත් පිටුවකට යොදා සංස්කරණය කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කියවන පුවත් පිටුවක එසේ සඳහන් වී තිබු බව පෙන්නුම් කර තිබු අවස්ථාවක් බව අපගේ අනාවරණයෙන් පැහැදිලි වෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.