Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    භික්ෂුන් සිටගෙන සිටින විට මහින්ද පුටුවක වාඩිවී සිටින ඡායාරූපයේ ඇත්ත කතාව! (PHOTO)

    2022-10-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් විවිධ නොමගයවන සුලු සමාජ ජාලා සටහන් නිතර සමාජ ජාලාවල පැතිරෙනවා. මේ, භික්ෂුන් සිටගෙන සිටින අවස්ථාවකදී මහින්ද ඔවුන්ට අගෞරව සහිත ආකාරයට ,සාමාන්‍ය සම්ප්‍රදායට විරුද්ධව වාඩිවී සිටි බවට සමාජ ජාලාවල පැතිරුණු සේයාරුවක

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් විවිධ නොමගයවන සුලු සමාජ ජාලා සටහන් නිතර සමාජ ජාලාවල පැතිරෙනවා. මේ, භික්ෂුන් සිටගෙන සිටින අවස්ථාවකදී මහින්ද ඔවුන්ට අගෞරව සහිත ආකාරයට ,සාමාන්‍ය සම්ප්‍රදායට විරුද්ධව වාඩිවී සිටි බවට සමාජ ජාලාවල පැතිරුණු සේයාරුවක් සම්බන්ධයෙන් අප සිදු කල කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    භික්ෂුන්ට අපහාස වන ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුටුවක වාඩිවී සිටි බවට වන සටහන් සමාජ ජාලාවල පැතිර තිබුණේ පහත අයුරින්. 

    “ලොකු නම ඉදගෙන බත් බැලයෝ හිටගෙන සාසනෙට ගිය කලක්.”

    Facebook | Archived 

    ඒ සම්බන්ධයෙන් පරිශීලකයන් අදහස් පළකර තිබුණේ මෙලෙසින්.

    මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    මෙම සමාජ ජාලාවල වේගයෙන් පැතිරෙන සේයාරුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජානාධිපතිවරයා පුටුවක් වාඩිවී සිටින ආකාරයක් සහ සමන්තභද්‍ර හිමියන්, ඥානසාර හිමියන් ,ඉත්තෙකන්දේ සද්ධාතිස්ස හිමියන් ,මැඩිල්ලේ හිමියන් ඇතුළු ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඔහුට පිටුපසින් සිටගෙන සිටින බවයි.

    සංස්කරණය කළ සේයාරුවක්

    අප මුලින්ම මෙම සේයාරුව Reverse Image සෙවුමකට ලක්කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙහි මුල් සේයාරුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව දක්නට නොලැබෙන බවයි. මෙම මුල් ඡයාරූපය සිරි සදහම් ආශ්‍රමයේ දී ලබාගෙන එහි ෆේස්බුක් පිටුවට ඇතුලත් කරනු ලැබුවක්. නමුත් මේ වන විට එය එම ෆේස්බුක් පිටුවේ දක්නට ලැබෙන්නේ නැහැ. මීට වසරකට පමණ පෙර මෙම සේයාරුව පිළිබද විවිධ සටහන් පළව තිබුණු අතර එහි මුල් සේයාරුව දක්නට ලැබුණා. එවැනි එක් ෆේස්බුක් සටහනක් පහතින්.

    Archived

    සත්‍ය සේයාරුව සහ සංස්කරණය කරන ලද ඡායාරුපය අතර සංසන්දනයක් පහතින්.

    මේ පිලිබදව වැඩිදුර තොරතුරු විමසීම සදහා අප බොදු බල සේනා මාධ්‍ය අංශයද සම්බන්ධ කරගත්තා. ඔවුන් පැවසුවේ මෙය දෙහිවල පිහිටි , සමන්තභද්‍ර හිමියන්ට අයත් සිරි සදහම් අසපුවේදී ගන්නා ලද සේයාරුවක් බවයි. එම අවස්ථාව සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගිවී නොසිටි බවත් ඔවුන් අවධාරණය කළා. ඔවුන් වැඩි දුරටත් පැවසුවේ මෙම හමුව සංවිධානය කර තිබුණේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂුන් වහන්සේලාට සිදුවන අපහාස කිරීම් වලට මුහුණ දියයුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වන බවයි.

    මෙම සේයාරුවේ දක්නට ලැබෙන මැඩිල්ලේ හිමියන් සමග කතාබහක යෙදීමට ද අපට හැකිවූ අතර උන්වහන්සේ පැවසුවේ මෙය තමන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිස අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සංස්කරණය කරන ලද සේයාරුවක් බවයි. සමාජ ජාලාවල වේගයෙන් පැතිරෙන ඡයාරුපයේ ආකාරයට හිටපු ජනාධිපතිවරයා එම අවස්ථාවේ සිරි සදහම් අසපු භුමියේ නොසිටි බවත් උන්වහන්සේ පැවසුවා.

    මේ පිලිබදව වැඩිදුරටත් අප විසින් කරුණු විමසා බලන අතර එම තොරතුරු සමග මෙම ලිපිය යාවත්කාලින වෙනු ඇත.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    අප විසින්  සිදුකරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරුවූ කාරණය නම් මෙම සමාජ ජාලාවල වේගයෙන් පැතිරෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පුටුවක වාඩිවී සිටියදී ඔහුට පිටුපසින් ස්වාමින් වහන්සේලා පිරිසක් සිටගෙන සිටින ආකාරයක් නිරුපණය වන ඡයාරුපය සංස්කරණය කරන ලද එකක් බවයි. ස්වාමින් වහන්සේලා හමුවූ අවස්ථාවක සිරි සදහම් අසපුවේදී මීට වසරකට පමණ පෙර ගන්නා ලද සේයාරුවක් සංස්කරණය කිරීමෙන් සමාජ ජාලාවල වේගයෙන් පැතිරෙන සේයාරුව සකසා ඇති අතර  අතර  සත්‍ය සේයාරුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දක්නට නොලැබේ .

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-10-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.