Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නිලන්ති කොට්ටහච්චි, නිල් චිත්‍රපට නළුවෙක් සමග සිටින බව දැක්වෙන ආකාරයෙන් නිර්මාණය කළ ඡායාරූප සංස්කරණයක්!

    2024-05-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ පක්ෂ ඔස්සේ දේශපාලනයට පිවිසෙන කාන්තාවන්ට නින්දා අපහාස සහ අභූත චෝදනාවන්ට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. මේ, ජාතික ජන බලවේගය ඔස්සේ දේශපාලනයට පිවිසි නිලන්ති කොටටහච්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    විවිධ පක්ෂ ඔස්සේ දේශපාලනයට පිවිසෙන කාන්තාවන්ට නින්දා අපහාස සහ අභූත චෝදනාවන්ට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. මේ, ජාතික ජන බලවේගය ඔස්සේ දේශපාලනයට පිවිසි නිලන්ති කොටටහච්චි සම්බන්ධයෙන් පලවූ එවැනි ව්‍යාජ සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් කරන කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ජාතික ජන බලවේගයේ වේදිකාවල මේ දිනවල දක්නට ලැබෙන චරිතයක් වන , නිලන්ති කොට්ටහච්චි , ප්‍රකට විදේශීය නිල්(වැඩිහිටි)  චිත්‍රපට නළුවෙක් සමග සිටින ආකාරයක් නිරුපණය වන සේයාරුවක් දක්නට ලැබුණේ මෙලෙසින්.

    FB| Archived 

    කෙසේ වෙතත් මෙම පෝස්ටුව සම්බන්ධයෙන් බොහෝ දෙනා විවේචනාත්මක අදහස් දක්වා තිබෙන බවක් දක්නට ලැබුණ.

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    අප මුලින්ම මෙහි සත්‍ය සේයාරුව කුමක්ද යන්න සොයා බැලුවා. එහිදී අපට මෙම සමාජ ජාලා සටහන පළකිරීමෙන් අනතුරුව , නිලන්ති කොට්ටහච්චි විසින් තැබූ සටහනක සත්‍ය සේයාරුව සහ සංස්කරණය කරන ලද සේයාරුව සසදා ඇති බව දැකගන්නට ලැබුණ. Archived

    නිලන්ති කොට්ටහච්චි සමඟ එකට ඡායාරූපයේ සිටින ලෙස සංස්කරණයට යොදාගත් සේයාරුවේ සිටින්නේ නමැති ඇමරිකානු කාමුක නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක් වන මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවේ බොහෝ කතාබහට ලක්වූ මෙම වෙළඳ දැන්වීමට ද පෙනී සිටි  Johnny Sins ය. 

    කෙසේවෙතත් අප විසින් විමසන ලද අවස්ථාවේ නිලන්ති කොට්ටහච්චි පැවසුවේ මෙම සත්‍ය සේයාරුව ලබාගත්තේ නුවන් රත්නායක නම් පුද්ගලයෙක් සමග බවයි. එම සේයාරුව සමඟ ටිල්වින් සිල්වා සමඟ ද ලබාගත් ඡායාරුපයක් ද සමඟ ඡායාරුප 5ක්, මීට දින කිහිපයකට පෙර, මැයි 5 වැනිදා නුවන් රත්නායකගේ ෆේස්බුක් පිටුවට එක්කර තිබුනේ මෙලෙසින්.

    කොට්ටහච්චි විසින් ජාතික ජන බලවේගය “ගැහැනු එක මිටට” රැළි වලදී  සිදු කරන ලද ප්‍රකාශ කිහිපයක්, සමාජ ජාලා ඔස්සේ දැඩි කතාබහට පසුගිය කාලයේ ලක්වුණු අතර ඒ සමගම ඇය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා.

    කෙසේ වෙතත් මිට පෙරද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ,දමිතා අබේරත්න ආදී දේශපාලන කරලියට පිවිසි බොහෝ කාන්තාවන් සමාජ ජාලාවල අපහාස ,උපහාසයට පත්වුණු අතර ඒ සම්බන්ධයෙන් අප විසින් සිංහල බසින් සිදුකරන ලද කරුණු විමසා බැලීම් කිහිපයක් පහතින්.

    Read also:

    කෑගල්ල විරෝධතාවයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රව ජනතාව පැන්නූ අයුරු දැක්වෙන වීඩියෝවක් ද? (Video)

    විපක්ෂ නායක විසින් ආරම්භ කළ “සදා අරගල වාදිනී දමිතා ගම්මානය”?

    දමිතා අබේරත්න නව මෝටර් රථයක් ගත් අවස්ථාවක් ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-05-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.