Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මාලිමාවේ ජන රැළිවල සෙනග පෙන්වන්න, එඩිට් කරපු ඡායාරුපයක් යොදාගත්තා ද?

    2024-08-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනෙක් ප්‍රධාන අපේක්ෂකයින් මෙන්ම, ජාතික ජන බලවේගය ද එළඹෙන සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණ මැතිවරණ අරමුණු කොට, ජන රැළි රැසක් ලංකාව පුරා විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් සංවිධානය කර තිබෙන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    අනෙක් ප්‍රධාන අපේක්ෂකයින් මෙන්ම, ජාතික ජන බලවේගය ද එළඹෙන සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණ මැතිවරණ අරමුණු කොට, ජන රැළි රැසක් ලංකාව පුරා විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් සංවිධානය කර තිබෙනවා. මේ රැස්වීම්වල සැලකිය යුතු ජනකායක් දැකගත හැකි වුවද සමාජ මාධ්‍ය සටහන් පෙළකින් කියවුනේ මෙම රැළිවල වැඩි ජනකායක් සිටින බවක් පෙන්වීමට සංස්කරණය කරන ලද සේයාරුවක් යොදාගෙන ඇති බවකි.

    සමාජ මාධ්‍ය සටහන්:

    “හොදට බලන්න මාලිමාවේ රැස්වීම්වල බොහෝ සෙනගක් කියලා එකම ෆොටෝ එක එඩිට් කරලා සමාජ මාධ්‍ය මගින් ජනතාව රවටන අපුරුව….”  යනාදී වශයෙන් සඳහන් කරමින්, ජාතික ජන බලවේගයේ ජන රැළිවලට වැඩි ජනකායක් පැමිණි බව පෙන්වීමට සංස්කරණය කරන ලද ඡායාරුපයක් යොදාගෙන ඇති බව හඟවමින් ඡායාරුප සටහනක් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

      Facebook | Archived Link 

      Fact Check (කරුණු විමසා බැලීම)

      මෙම සටහන් මීට වසරකට පමණ පෙර ද හුවමාරු වී තිබු බවක් අපගේ පරික්ෂාවේ දී දැකගන්නට ලැබුණු අතර එහි මුල් සේයාරුව සොයා ගැනීමට අප කටයුතු කළා.

      සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වූ ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, මෙය 2023 වසරේ මාර්තු මස, ජාතික ජන බලවේගය විසින් ගම්පහ නගරයේ පැවැත්වූ ජන රැළියක ඡායාරූපයට සමාන බවත්, එහි එකම පිරිස කිහිප වරක් භාවිත කරමින් ඡායාරූප සංස්කරණයක් සිදු කර නොමැති බවයි.

      https://twitter.com/anuradisanayake/status/1635173476238761984

      Archived Link

      සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කර ඇති ඡායාරූප අතර වෙනස පහතින්. එනම් මේ අනුව පැහැදිලි වන්නේ සත්‍ය ඡායාරුපය යොදාගනිමින්, ව්‍යාජ ලෙස හුවමාරු වන සේයාරුව ප්‍රතිනිර්මාණය කර ඇති බවයි.

      ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ පසුගිය දින කිහිපයේ (අගෝස්තු මස තුන්වන සතියේ) පැවැත්වූ ජන රැළි කිහිපයකම රූප රාමු අප සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ද පරික්ෂා කළ අතර, එම රැස්වීම්වලට සැලකිය යුතු ජනකායක් සහභාගී වී ඇති බව ද දැක ගන්නට ලැබුණි. Video | Video

      අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

      Facebook | Twitter | Instagram | Google News | TikTok

      Conclusion (අවසාන නිගමනය) :

      අපගේ විමර්ශන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගයේ ජන රැළිවලට වැඩි ජනකායක් පැමිණි බව පෙන්වීමට සංස්කරණය කරන ලද ඡායාරුපයක් යොදාගෙන ඇති බව හඟවමින් හුවමාරු වන්නේ සත්‍ය සේයාරුවක් නොව, ව්‍යාජ ලෙස ජනතාව නොමඟ යැවීමේ අරමුණින් සිදුකර තිබෙන ඡායාරූප සංස්කරණයක් බවයි.

      Misleading verdict stamp

      මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

      අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

      FCT

      Fact Crescendo Team

      Fact-Checker

      Fact-checker at Fact Crescendo Sri Lanka.

      Published: 2024-08-25

      මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.