Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පරාජිතයින් පරිසරවේදීන් ලෙස ද පැමිණිය හැක යනුවෙන් පුවරුවක් සමඟ සජිත් විරෝධතාවයක?

    2021-03-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පරිසර විනාශයට එරෙහිව “හුස්ම ගන්න ඉඩ දෙන්න” යන තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විහාරමහාදේවී උද්‍යානය ඉදිරියේදී විරෝධතාවයක් පැවත්වුණා. මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මේ සම

    පරිසර විනාශයට එරෙහිව “හුස්ම ගන්න ඉඩ දෙන්න” යන තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විහාරමහාදේවී උද්‍යානය ඉදිරියේදී විරෝධතාවයක් පැවත්වුණා. මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

    මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද පුවත් ඇතුළු නොයෙකුත් සටහන් හුවමාරු වුණා. ඒ අතරින් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස එම විරෝධතා පාගමන යෙදී සිටින අවස්ථාවේ ඔහු අතැතිව ඇති “පරාජිතයින් පරිසරවේදීන් ලෙස ද පැමිණිය හැක” පාඨය සහිත පුවරුවේ ඡායාරූපය, සංස්කරණය කළ ඡායාරූපයක් බව අපට අනාවරණය විය. 

    සමාජ මාධ්‍ය සටහන්:

    සම්පත් ලහිරු නමැත්තෙකු “කවුද බං මූට මේ බෝඩ් එක දීපු එකා” යනුවෙන් සඳහන් කර තිබූ ෆේස්බුක් සටහනක් සිය ෆේස්බුක් ගිණුමට මුදා හැර තිබුණා.

    එම සටහනට පාදක කර ගෙන තිබුණේ, සජිත් ප්‍රේමදාස මහතා පරිසර විනාශයට එරෙහිව පැවති විරෝධතාවය අතරතුර ඔහු ප්‍රදර්ශනය කළ සටන් පාඨය ඇතුලත් ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ “පරාජිතයින් පරිසරවේදීන් ලෙස ද පැමිණිය හැක” යන සටන් පාඨයයි. 

    Facebook | Archived Link

    මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වනවා අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසිනි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම සටන් පාඨය ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට තහවුරු වුණා. මේ ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි.

    සජිති ප්‍රේමදාස මහතා එම විරෝධතාවය සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් පිටුවට විරෝධතාවයේ ඡායාරූප එක් කර තිබුණේ මෙලෙසිනි. මෙම විරෝධතාවයේ තවත් ඡායාරූප කිහිපයක් එම විරෝධතාවට සහභාගි වූ සමගි ජන බලවේග පක්ෂයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නිල ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණේ මෙලෙසිනි.

    ඇය විසින් එක් කළ ඡායාරූප අතර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රදර්ශනය කර සිටින සංස්කරණය කළ සටන් පාඨයේ සත්‍ය ඡායාරූපය තිබෙනු දැකගන්නට ලැබුණා. සංස්කරණය නොකළ මුල් ඡායාරූපය පහතින් දක්වා තිබෙනවා.

    Facebook | Archived Link

    මෙහි මුල් ඡායාරූපයේ දැක්වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රදර්ශනය කරන සටන් පාඨය වන්නේ, “වැදි ජනතාවගේ වනභූමි සුරකිමු” යන්නයි.

    සංස්කරණය කරන ලද සහ සත්‍ය ඡායරුපයේ සංසන්දනයක් පහතින්.

    එමෙන්ම මෙම විරෝධතාවයේ වීඩියෝවක් Newsfirst.lk ෆේස්බුක් පිටුවේ  සඳහන් වුණා. එම වීඩියෝවලද දැක්වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා අතැතිව ඇත්තේ “වැදි ජනතාවගේ වනභූමි සුරකිමු” යන සටන් පාඨය බවයි.

    එම වීඩියෝව පහතින් දක්වා තිබේ.

    Conclusion (අවසාන නිගමනය)

    ඒ අනුව පෙනී යන්නේ, පරිසර විනාශයට එරෙහිව පසුගියදා විහාරමහාදේවී උද්‍යානය ඉදිරියේදී සමගි ජන බලවේගය විසින් පැවැත් වූ විරෝධතාවයේදී එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රදර්ශන කරන සටන් පාඨය “පරාජිතයින් පරිසරවේදීන් ලෙස ද පැමිණිය හැක” ලෙස සංස්කරණ කරන ලද ව්‍යාජ ඡායාරූපයක් බවයි. එහි සත්‍ය ඡායාරූපයේ දැක්වෙන්නේ “වැදි ජනතාවගේ වනභූමි සුරකිමු” යන සටන් පාඨයයි.

    මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වුන මෙම අසත්‍ය ෆේස්බුක් සටහන නොමග යවන සුළු ආකාරයෙන් උපහාසාත්මක කෝණයකින් සිදුකල සංස්කරණයක් බව පැහැදිලිය.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:පරාජිතයින් පරිසරවේදීන් ලෙස ද පැමිණිය හැක යනුවෙන් පුවරුවක් සජිත් පැවසුවද?

    Fact Check By: Sara Gunaratne 

    Result: Altered

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.