Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ඉතාලියේදී අගමැතිට හූ හඬ නැගූ බව දැක්වීමට සංස්කරණය කළ වීඩියෝවක්

    2021-09-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අග්‍රාමාත්‍යවරයා සහ විදෙස් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඉතාලියේ, බොලොඤ්ඤා නුවර දී ආරම්භ වූ G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට සහභාගිවීම සඳහා පසුගිය දා පිටත් වී ගියා. එම සමුළුවේ ප්‍රධාන දේශනයක් ඇමතූ අග්‍රාමාත්‍යවරයා ඉන් පිටතට පැමිණීමේදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික

    අග්‍රාමාත්‍යවරයා සහ විදෙස් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඉතාලියේ, බොලොඤ්ඤා නුවර දී ආරම්භ වූ G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට සහභාගිවීම සඳහා පසුගිය දා පිටත් වී ගියා. එම සමුළුවේ ප්‍රධාන දේශනයක් ඇමතූ අග්‍රාමාත්‍යවරයා ඉන් පිටතට පැමිණීමේදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් හූ හඬක් නැගූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ සත්‍ය සිදුවීම සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ G20 අන්තර් ආගමික සමුළුව පැවති ශාලාවෙන් පිටතට පැමිණෙද්දී අග්‍රමාත්‍ය සහ ශිරන්ති මහත්මියට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සිය අප්‍රසාදය පළ කළ බවට හැඟවමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. එම වීඩියෝවේ අවසන් මිනිත්තු කිහිපයේ ජනතාව විසින් හූ හඬක් නැඟූ බවට හඟවා තිබුණේ මෙලෙසින්.

    Facebook

    එම වීඩියෝව මේ වන විට 8000කට අධික වාර ගණනක් නරඹා තිබු අතර එම වීඩියෝව සංසරණය කර ගෙන තිබූ තවත් අවස්ථාවක් මෙතනින් සහ මෙතනින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    එම වීඩියෝව සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී අපට දැක ගන්නට ලැබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන කෝණයෙන්ම ලබා ගත් වීඩියෝවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති බවයි.

    එම වීඩියෝව නිරීක්ෂණයේදී ඉහත සඳහන් වීඩියෝවේ පසුබිමින් ඇසෙන ශබ්ද වඩාත් තීව්‍ර කරමින් ප්‍රති නිර්මාණය කර ඇති බවට පෙනේ. එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ ඇසෙන පරිදි සත්‍ය වීඩියෝවේ මුල් තත්ත්පර කිහිපයේදී පසුබිමේ බෙර වාදනයක් ද නොඇසෙන බවට නිරීක්ෂණය වූ අතර සත්‍ය වීඩියෝ දර්ශනවලට අනුව අග්‍රමාත්‍යවරයා ශාලාවකින් පිටතට පැමිණි අවස්ථාවේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉතාලි වැසියන්ගේද ඔල්වරසන් හඬ නැගෙන අතර පසුව ශිරන්ති රාජපක්ෂ මහත්මියද පැමිණෙන අතර ඇයට රැස්ව සිටි පිරිසගේ ප්‍රසාදය හිමි වූ බවට දැක ගන්නට ලැබිණි. එම වීඩියෝවේ අවසාන භාගයේදී “හූ කියන්න එපා ජය වේවා කියන්න” යනුවෙන් ප්‍රකාශයක්ද සත්‍ය වීඩියෝව නිරීක්ෂණයේදී නොඇසිණි.

    අග්‍රමාත්‍යවරවාගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබූ වීඩියෝව පහතින්. එහි විස්තරයේ දැක්වුණේ “ඉතාලියේ බොලොඤ්ඤා නුවර පැවැත්වෙන G20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වූ මා පිළිගැනීමට පැමිණි දේශප්‍රේමි ශ්‍රී ලාංකික හිතවතුන්ට සහ ඉතාලි ජනතාවට ස්තූතියි!” යනුවෙන්

    Archived Link

    ඉහත සඳහන් හූ හඬක් නැගූ බවට පළ වූ වීඩියෝව හා සත්‍ය වීඩියෝවේ සංසන්දනය පහතින්.

    එම සත්‍ය වීඩියෝව මෙරට මාධ්‍යවල ද පළ වූයේ මෙලෙසින්.

    එමෙන්ම මෙම අවස්ථාවේ වෙනත් කෝණ වලින් ලබා ගත් වීඩියෝ කිහිපයක් අප නිරීක්ෂණය කළ අතර එම වීඩියෝ පහතින්.

    Archived Link

    මෙහිදී එක් අයෙකු විසින් “ජයවේවා ශිරන්ති මැඩම්” යනුවෙන් ද ශිරන්ති රාජපක්ෂ මහත්මිය ආමන්ත්‍රණය කරන අයුරු දැක ගන්නට පුළුවන්.

    එම අවස්ථාවම තවත් කෝණයකින් පළ වූ වීඩියෝවක්

    Archived Link

    එහිදී අපට පෙනී ගියේ මෙම ස්ථානය Grand Hotel Majestic හි පිවිසුම බවයි.

    මෙම කෝණවලින් පළ වූ වීඩියෝ වලින් ද දැක ගැනීමට හැකි වූයේ අග්‍රාමාත්‍යවරයා සහ ශිරන්නි මැතිණිය මහත් හරසරින් පිළිගත් බවයි. නමුත් හූ හඬක් එම අවස්ථාවේ ස්ථීර වශයෙන් නොඇසුණු බවට ප්‍රතිශ්ඨාපනය කළ නොහැක්කේ එක් අයෙකු හෝ එම අවස්ථාවේ එවන් හඬක් නැගුවාද යන්න පැවසිය නොහැකි බැවිනි. 

    එසේ වී මුත් ඉහත වීඩියෝවේ සංස්කරණය කරන ලද්දේ අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා ඇති කෝණයෙන්ම පළ වූ වීඩියෝව බැවින් එම සත්‍ය වීඩියෝවේ පසුබිම් හඬ නැවත ප්‍රති නිර්මාණය කරමින් සංස්කරණය කර ඇති බවට පැවසිය හැක.

    එසේම සංස්කරණ කිරීම සඳහා යොදාගෙන තිබුනේ 2019 වර්ෂයේ පැරණි වීඩියෝවක පසුබිම් හඬ බව අපට දැක ගන්නට ලැබුණා.

    හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවට සහභාගි වූ  පැමිණි රවී කරුණානායක, අර්ජුන රණතුංග, දයා ගමගේ, වජිර අඹේවර්ධන සහ ජෝන් අමරතුංග යන අයට ජනතාවගේ දැඩ් විරෝධයක් එල්ලවූ අවස්ථාවේ ලබා ගත් වීඩියෝවක පසුබිම් හඬ ඉහත වීඩියෝව සංස්කරණය කිරීමට යොදා ගෙන තිබුණා. එම වීඩියෝව News-i යූ ටියුබ් නාලිකාවේ සඳහන් වී තිබුණේ මෙලෙසින්.

    Archived Link

    එම අවස්ථාව සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරාවල ද පළ වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    නමුත් පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලා, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් සැප්තැම්බර් 12 වන දින ඉතාලියේ Bologna නගරයේ විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

    Also Read : FACT CHECK: අගමැති ඇතුළු දූත පිරිස ඉතාලියට පැමිණී අවස්ථාවේ එහි පැවති විරෝධතාවයක ඡායාරුපයක් ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ Grand Hotel Majestic පිවිසුමෙන් ඉවතට අග්‍රමාත්‍යවරයාට සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැමිණෙන අවස්තාවක දී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විසින් හූ හඬක් නැගූ බවට පළ වූ වීඩියෝව, අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ සත්‍ය වීඩියෝවේ පසුබිම් හඬ නැවත තීව්‍ර කරමින් ප්‍රති නිර්මාණය කරමින් සහ වෙනත් පැරණි වීඩියෝවක හඬක් යොදා සංස්කරණය කර ඇති බවයි. එම අවස්ථාවේ වෙනත් කෝණයෙන් ලබා ගත් වීඩියෝවන් නිරීක්ෂණයේදී ද ඒ බව තහවුරු වේ. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-09-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.