Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අලුවිහාරේ සහෝදරයින් නැවතත් එජාපයට ?

    2023-04-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රධානතම පවුලක් ලෙස “අලුවිහාරේ ” පවුල හැදින්විය හැකියි. සාම්ප්‍රදායිකව  එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව දශක ගණනාවක් දේශපාලන කටය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රධානතම පවුලක් ලෙස “අලුවිහාරේ ” පවුල හැදින්විය හැකියි. සාම්ප්‍රදායිකව  එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව දශක ගණනාවක් දේශපාලන කටයුතු සිදු කල අලුවිහාරේ පවුලේ දේශපාලන නායකයන්, පසුගිය සමයේ සිදුවූ දේශපාලන වෙනස්වීම් සමග එජාපයෙන් දුරස්ව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නායකත්වය හොබවන සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ඒ යටතේ මැතිවරණවලට පවා තරග කළා.

    කෙසේවෙතත් මේ දිනවල සජබ මන්ත්‍රීන් නැවත එජාපය එක්වීමක් පිලිබඳ කතිකාවතක් නිර්මාණය වී තිබෙන පසුබිමක සමාජ ජාලා තුළ පැතිරෙන පුවතකින් දැක්වෙන්නේ අලුවිහාරේ සහෝදරයින් නැවතත් එජාපයට සම්බන්ධවී ඇති බවක්. මේ සම්බන්ධව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් පහතින්.

    සමාජ ජාලා සටහන් 

    “අලුවිහාරේ සහෝදරයන් නැවතත් එජාපයට “ ලෙස සදහන් කරමින් පුවත්පත් වාර්තාවක් ලෙස සමාජ ජාලා තුළ මෙම සටහන් පළකර තිබෙනු දක්නට ලැබුණා.

    Facebook | Archived

    මෙවැනි සටහන් ෆේස්බුක් වල පැතිර තිබුණේ පහත අයුරින්. 

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

    අප මුලින්ම විමසා බැලුවේ මෙම පුවත්පත් වාර්තාව ලෙස දැක්වෙන සටහන සහ කිසියම් පුවත්පතක් එය වාර්තා කර ඇතිද යන කරුණයි. එහිදී අපට දක්නට ලැබුණේ එය 2023 අප්‍රේල් මස 17 මව්බිම පුවත්පතේ මුල්පිටුවේ පළව තිබුණු පුවතක් බවයි. එම පුවත පහතින්.

    කෙසේනමුත් අලුවිහාරේ සහෝදරයන් වන රංජිත් අලුවිහාරේ සහ වසන්ත අලුවිහාරේ යන දෙදෙනාම මෙම පුවත ප්‍රතික්ෂේප කරනවා.

    මේ සම්බන්ධයෙන් ඔවුන් සිය ෆේස්බුක් ගිණුම්වල පළකර තිබුණු අදහස් පහතින්.

    මේ රංජිත් අලුවිහාරේ ,

    Archived

    එසේම තමාගෙන් කිසිදු විමසීමක් නොකර මෙවැනි අසත්‍ය පුවත් පල කිරීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බව දක්වමින් වසන්ත අලුවිහාරේ ද ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්වා තිබුණේ පහත ආකාරයෙන්.

    Archived 

    එසේම ඉහත සටහනේ දැක්වෙන ආකාරයටම මව්බිම පුවත්පත මගින් එම පුවත නිවැරදි කිරීමක් පළකර තිබුණා. ඒ අප්‍රේල් 18 වැනිදා මව්බිම පුවත්පතේ මුල් පිටුවේ.

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී අදහස් පලකල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මාතලේ සමගි ජන බලවේග නායකයෙක් වන වසන්ත අලුවිහාරේ අවධාරණය කර සිටියේ පක්ෂය හැර යන බවට පළවන සමාජ ජාලා සටහන් සහ එයට මුල්වූ පුවත්පත් වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය බව සහ මේ මොහොතේ සමගි ජන බලවේගය හැරදමා නොයන බවයි.

    Also Read: ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ මේ මොහොතේ දේශපාලන සන්ධානයකට අවතීර්ණ වන බව සජිත් පවසන අවස්ථාවක් ?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    අවසාන නිගමනය ( Conclusion) 

    අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ, සමගි ජන බලවේගය හැරදමා, අලුවිහාරේ සහෝදරයන් නැවත එජාපයට එක්වන බවට පුවත්පතක මුලින් පළකර, පසුව සමාජ ජාලා හරහා ව්‍යාප්ත වුණු පුවත වැරදි සහගත බවයි. ඒ බව රංජිත් අලුවිහාරේ සහ වසන්ත අලුවිහාරේ දෙදෙනාම අවධාරණය කර සිටිනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-04-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.