දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙපා අල්ලා වඳින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණි. අදාළ වීඩියෝව සැබෑවක්ද යන්න සොයා බලන ලෙස අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් මෙහි සත්ය අසත්යභාවය සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
අදාළ වීඩියෝව තවදුරටත් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
අදාල වීඩියෝව සැබෑ වීඩියෝවක් ලෙස පිළිගනිමින් සමාජ මාධ්ය පරිශීලකයන් විසින් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

ඒ අනුව මෙහි සත්ය අසත්යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්යය සුනිල් වටගල මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙපා අල්ලා වඳින අයුරු දැක්වෙන සැබෑ වීඩියෝවක් ඇත්නම් එය ප්රධාන මාධ්ය ධාරා විසින් වාර්තා කළ යුතු පුවතක් වනු ඇත නමුත්, කිසිදු ප්රධාන ධාරාවේ මාධ්යයක් හෝ නිල විශ්වාසනීය මූලාශ්රයක් විසින් තහවුරු කර හෝ වාර්තාකර නොමැත.
මෙම සිදුවීමේ පසුබිම කුමක් ද ? සැබෑ වීඩියෝව කුමක් ද ?
මාතර දිස්ත්රික් මාලිමා මන්ත්රීධූර අපේක්ෂකයෙකු වූ ජ්යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාගේ පුත්රයා පසුගිය ජූනි 12 වන දා ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත ජීවිතක්ෂයට පත් වී තිබුණි. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 2026 ජුනි 14 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය. එම අවමංගල්ය උත්සවයේදී, එහි සිටි නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසලට පැමිණ කෙටි කතාබහක යෙදුණු අතර, එය සමාජ මාධ්යවල විශාල කතාබහකට ලක් විය. එම කතාබහ සිදුවන අතරතුර ලබාගත් වීඩියෝවක් ප්රධාන ධාරාවේ මාධ්ය විසින් පළ කර තිබුණේ මෙලෙසින්.
එම අවස්ථාවේ දී නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත නැඹුරු වී යමක් පවසන ආකාරය දැකගත හැකි වුවත් නියෝජ්ය අමාත්යවරයා විසින් හිටපු ජනපතිවරයාගේ දෙපා අල්ලා වන්දනා කරන ආකාරය දැකගත නොහැක.
කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක්
ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේ වාර්තාකර ඇති වීඩියෝ කිසිවක ඉහත සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ දැක්වෙන ආකාරයේ නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙපා අල්ලා වඳින ආකාරය නොදැක්වෙන බැවින් සහ අදාල වීඩියෝවේ හඳුනාගත හැකි අස්වාභාවික බව හේතුවෙන් අප විසින් අදාළ වීඩියෝව කෘත්රිම බුද්ධි අන්තර්ගත හඳුනාගැනීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කිරීමට කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ අදාල සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන නියෝජ්ය අමාත්යවරයා හිටපු ජනපතිවරයාගේ දෙපා අල්ලා වඳින වීඩියෝ කොටස කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි. නියෝජ්ය අමාත්යවරයා සහ හිටපු ජනපතිවරයා කතාබහ කරමින් සමීපව සිටින සැබෑ වීඩියෝව කෘත්රිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කරමින් නියෝජ්ය අමාත්යවරයා හිටපු ජනපතිවරයාගේ දෙපා අල්ලා වඳින ආකාරය දැක්වෙන ව්යාජ වීඩියෝව නිර්මාණය කර ඇත.


අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, නියෝජ්ය අමාත්යය සුනිල් වටගල මහතාතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙපා අල්ලා වඳින ආකාරය දැක්වෙන සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි. පසුගියදා ජ්යේෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාගේ පුත්රයාගේ අවමංගල්ය උත්සවයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ නියෝජ්ය අමාත්යය සුනිල් වටගල මහතා සමීපව හිඳිමින් කතාබහක යෙදී ඇති අතර එම සැබෑ වීඩියෝව ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේ වාර්තා කර ඇත. මෙම සැබෑ වීඩියෝව සංස්කරණය කරමින් නියෝජ්ය අමාත්යවරයා හිටපු ජනපතිවරයාගේ දෙපා අල්ලා වන්දනා කරන ආකාරය දැක්වෙන වීඩියෝව කෘත්රිම බුද්ධිය භාවිතයෙන් ව්යාජ ලෙස සකස් කර ඇත.



