Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නාසා ආයතනය ලබාගත් බව කියන, සූර්යයාගේ මතුපිට පෙන්වන ඡායාරූපයේ ඇත්ත කතාව!

    2025-04-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙම කාලයේදී කෘතිම බුද්ධිය බහුලව භාවිත වීම මත බොහෝමයක් විශ්මයජනක, ඇදහීමට නොහැකි සේයාරූ, AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ බවට අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙනවා ඔබත් දැක ඇති. නාසා ආයතනය විසින් ගනු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මෙම කාලයේදී කෘතිම බුද්ධිය බහුලව භාවිත වීම මත බොහෝමයක් විශ්මයජනක, ඇදහීමට නොහැකි සේයාරූ, AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ බවට අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙනවා ඔබත් දැක ඇති. නාසා ආයතනය විසින් ගනු ලැබූ ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “නාසා ආයතනය විසින් ගන්නා ලද සූර්යයාගේ පැහැදිලිම ඡායාරූපයක්” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් සංසරණය වී තිබූ තව ත් අවස්ථා පහතින්.

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ, ඇතැම් පරිශීලකයින් මෙය AI නිර්මාණයක් ලෙසටත්, තවත් පිරිසක් මෙය අසත්‍ය ඡායාරූපයක් බවටත්, උපකල්පනය කර තිබු බවයි.

    මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මෙම ඡායාරූපය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා අප ප්‍රථමයෙන් ම මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට පහත අයුරින් දැක ගන්නට ලැබුනේ, කලා නිර්මාණය මාර්ගගත(online) ක්‍රමයට අලෙවිවන “Fine Art America” නම් වෙබ් අඩවියක මෙම ඡායාරූපය 2021 ජනවාරි 16 වන දින පළ කර ඇති බවක්. 

    fineartamerica.com | Archived Link

    Magnetic Sun (මැග්නටික් සන්) ලෙස සඳහන් කර තිබූ ඡායාරූප ඇල්බමයක් සම්මානලාභී තාරකා ඡායාරූප ශිල්පියෙක් වන Jason Guenzel (ජේසන් ගුවෙන්සෙල්) විසින් උඩුගත කර තිබූ අතර ඉන් එක් ඡායාරූපයක් සම්බන්ධයෙන් මෙලෙසින් කතා බහට ලක්ව තිබුණා.

    එහිදී ඔහු මෙම නිර්මාණය සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙහි දැක්වෙන්නේ සුර්යයාගේ සමීප රූපයක ශෛලීගත නිරූපණයක් බවත්, මෙම රූපයෙන් සූර්යයාගේ පෘෂ්ඨයේ ඇති කැළඹිලි සහිත චුම්භක ක්ෂේත්‍රය ඉස්මතු කෙරෙන බවයි.

    අප කළ වැඩිදුර පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, මෙම ඡායාරූපය සම්බන්ධයෙන් 2021 ජනවාරි 13 වන දින එම ඡායාරූපය සහිතව ජේසන් ගුවෙන්සෙල් විසින් X ගිණුමේ පණිවිඩයක් සඳහන් කර ඇති බව යි.

    ඔහු එහි පැහැදිලිවම සඳහන් කර තිබුණේ මෙය සූර්ය වර්ණගෝලය (chromosphere) පෙන්වීමට, විශාල වශයෙන් මෘදුකාංග භාවිතයෙන් සැකසූ ඡායාරූපයක් බවයි. එසේම මෙම ඡායාරුපය මගින් සූර්යයා තුළ ඇති චුම්භක ක්ෂේත්‍රයේ සංකීර්ණ ස්වභාවය ද හෙළි කරයි යනුවෙන් ද මෙය විද්‍යාව සහ කලාව එක් කිරීමක් ලෙසට ද, ඉන් හඟවා තිබුණේ මෙලෙසින්.

    Archived Link

    එසේම ජේසන් සැබවින් ම සිය සූර්ය දුරේක්ෂය භාවිත කොට ඉහත නිර්මාණයට මුල්වූ ඡායාරූප ග්‍රහණය කර ගෙන ඇති අතර එම දුරේක්ෂය සම්බන්ධ තොරතුරු දක්වමින් Instagram සටහනක් ද, ඔහුගේ ගිණුමක පළ කර තිබුණා. එමෙන් ම එම ඡායාරූපය ඔහු ග්‍රහණය කර තිබුණේ, 2020 වසරේ දෙසැම්බර් 2 වන දායි.

    View this post on Instagram

    A post shared by Jason Guenzel (@thevastreaches)

    එමෙන් ම තව ත් සටහනක් දක්වමින් ජේසන් ගුවෙන්සෙල් මෙම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නිර්මාණයට මුල් වූ ඡායාරුප ලබා ගත් ආකාරය සඳහන් කර තිබුණේ මේ අයුරින්. එම සටහනේ සිංහල පරිවර්තනය පහතින්.

    “සූර්ය ඡායාරූපකරණ කලාව…එය සැබෑවක් ද? එය එසේ පෙනෙනවාද? ඇතැම් ආකාරයකට සැබෑවක් නොවේ. සමහර ආකාරවලින්, සැබෑවක්.

    “මම එළියට ගිහින්, සූර්ය දුරේක්ෂයක් සවි කළා, කැමරාවක් සවි කළා, තත්පරයට රාමු 128 ක කෙටි නිරාවරණ පින්තූර 5000 ක් එකතු කළා, calibration flat video (ක්‍රමාංකන පැතලි වීඩියෝවක් ඔස්සේ එම රූප ශ්‍රේණිගත (grading) කළා, ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු ඡායාරූප 25% හැර අනෙක් සියල්ල ඉවත් කළා. ප්‍රතිඵලයක් ලෙස ලැබුණු රාමු පෙළගස්වා, contrast සකස් කර, රූප ලක්ෂණ වැඩි දියුණු කරන ක්‍රියාවලීන් යොදා, වර්ණ ගන්වා පසුව එය පෙනෙන්නේ කොහොමද කියලා බලන්න හදිසි ආශාවක් ඇති වුණා” 

    View this post on Instagram

    A post shared by Jason Guenzel (@thevastreaches)

    මේ ගැන වැඩිදුරටත් පරික්ෂාවේ දී අපට දැක ගන්නට ලැබුනේ, ඉහත ජෙසන්ගේ ඡායාරුප නිර්මාණය, නාසා ආයතනය ලබා ගත් ඡායාරූපයක් ලෙස වැරදි ලෙස අර්ථකතනයක් ලබා දෙමින්, වසර කිහිපයකට පෙර සිට ම බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම තිබු බවක්; මේ ගැන ජේසන් විසින් එම අවධියේ දී පැහැදිලි කරමින් සඳහන් කර තිබුනේ, මෙම ඡායාරූපය තමා විසින් ලබා ගත් ඡායාරූපයක් බවයි, අදාළ සටහන් පහතින්.

    ඉහත ඡායාරූපයට සමාන ඡායාරූපයක් නාසා ආයතනය විසින් පළ කර තිබුණේ ද, යන්න පිළිබඳ සිදු කළ පරීක්ෂාවේදී දකින්නට ලැබුණේ, නාසා ආයතනය විසින් සූර්ය ගතික නිරීක්ෂණාගාරය ( The Solar Dynamics Observatory – SDO) විසින් M5.6 පන්තියේ සූර්ය දැල්ල (flare),  2012 ජූලි 2 වන දින පෙරවරුවේ දී ග්‍රහණය කර ගෙන තිබූ අයුරු ඡායාරූපයක් පළ කර ඇති බවයි. එය “පෘථිවියට යොමු නොවන” ස්කන්ධ පිටවීමක් (“non” Earth-directed coronal mass ejection (CME)) සමඟ සිදු වූ බව ත් එම දැල්ල(flare) පැමිණියේ සූර්යයාගේ දකුණු අර්ධගෝලයේ පිහිටා ඇති AR1515 නම් විශාල සූර්ය ලපයකින් බවට තොරතුරු සඳහන් කර තිබුණේ මේ අයුරින්.

    NASA

    එමෙන් ම 2016 පෙබරවාරි 3 වන දා නාසා හි සූර්ය ගතික නිරීක්ෂණාගාරය විසින් පළ කර තව ත් ඡායාරූපයක් පහතින්.

    NASA

    NASA ආයතනය විසින් විවිධ අවස්ථා වලදී ලබා ගත් සූර්ය දර්ශන එකතුවක් මෙතනින්.

    2021 වසරේ අප මෙම ඡායාරූපය පිළිබඳ ඉංග්‍රීසි බසින් සිදු කළ කරුණු විමර්ශනය පහතින්.

    Is this the clearest photograph of the Sun taken by NASA? Here’s the truth!

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, නාසා ආයතනය විසින් ගන්නා ලද සූර්යයාගේ පැහැදිලිම ඡායාරූපයක් ලෙසට දක්වමින් බොහෝ කලක සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප සටහන නාසා ආයතනය විසින් පළ කළ ඡායාරූපයක් නොවන අතර එය ජේසන් ගුවෙන්සෙල් විසින් සූර්ය දුරේක්ෂයක් සවි කරමින් කැමරාවකින් ලබා ගත් ඡායාරූපයක,  නැවත සැකසු ඡායාරූපයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-04-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.