Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රනිල් හොරුන්ව ආරක්ෂා කළ බවට චෝදනා කරන සටන් පාඨයක් අතැතිව උද්ඝෝෂණයක යෙදී සිටින භාගේශ්වරී?

    2022-04-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බොහෝදුරට විරෝධතා රැළිවල දක්වා ඇති සටන් පුවරුවල සඳහන් සටන් පාඨ සංස්කරණයන්ට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවට අපට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. උපහාසාත්මක කෝණයෙන් පළ වුව ද මෙම සමාජ මාධ්‍ය සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ඇතැම්

    බොහෝදුරට විරෝධතා රැළිවල දක්වා ඇති සටන් පුවරුවල සඳහන් සටන් පාඨ සංස්කරණයන්ට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවට අපට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. උපහාසාත්මක කෝණයෙන් පළ වුව ද මෙම සමාජ මාධ්‍ය සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ඇතැම් අවස්ථාවල දී ලැබීමට පුළුවන්. එවන් සංස්කරණයක් පිළිබඳව අපගේ විමර්ශනයක් පහතින්.

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයන් විසින් හුවමාරු කරගෙන තිබූ ඡායාරූපයක විශාරද භාගේශ්වරී ගුණසේකර අත ඇති විරෝධතා පුවරුවක ඇති සටහනක් ලෙස හිටපු අගමැති රනිල්ගේ සහ සමනලයකුගේ ඡායාරූපයක් සමග පහත සටහන එක්කර තිබුණා. 

    “හිරගෙට යන්න හිටිය හොරු රජගෙට යැව්වේ මෙන්න මූ තමයි”

    Facebook | Archived

    එම සටහන් ෆේස්බුක් අවකාශය  තුල විසිර පැවතියේ පහත අයුරින් .

    පැහැදිලි ලෙසම සංස්කරණයක් බව පෙනී යන මෙම ඡායරුපයේ මුල් ඡායාරුපය සහ එහි පසුබිම අප සොයා බැලුවා.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් හරහා පරීක්ෂා කිරීමේදී මෙම ඡායාරූපය “ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනු – මානව නිදහස සුරකිනු” මැයෙන් සමගි ජන බලවේගය විසින් කඩවත නගරයේදී පසුගිය වසරේ (2021)  ජුලි 13 දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කළ නිහඬ විරෝධතාවකදී ලබා ගත් ඡායාරූපයක් බවට නිරීක්ෂණය විය.

    එම විරෝධතාවය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    එම අවස්ථාවට සහභාගි වූ විශාරද භාගේශ්වරී ගුණසේකර මහත්මියගේ අතැතිව තිබු සටන් පාඨ පුවරුවේ දැක්වුණේ, “සෑම නාටකයක් පිටුපසම සාටකයක් තිබේ” යනුවෙනි. එම සත්‍ය ඡායාරූපය පහතින් දක්වා තිබේ.

    Facebook | Archived

    එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්

    මේ අනුව මෙම ඡායාරුපය සංස්කරණය කරමින්, සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබෙනව බව පැහැදිලි වෙනවා. සංස්කරණය කරන ලද ඡායාරූපය හා විරෝධතාව අතරතුරදී ලබාගත් සත්‍ය ඡායාරූපයේ(වෙනත් කෝණයකින්) සංසන්දනය පහතින්. එහි පසුබිමේ සිටින පුද්ගලයින් පරීක්ෂා කිරීමේ දී ද මෙය එකම අවස්ථාවක් බව පෙනී යනවා.

    පසුගිය වසරේ ද මේ ආකරයෙන් ම සංස්කරණය කරන ලද පුවරුවක් අතැතිව සිටි, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වූ, භාගේෂ්වරීගේ ඡායාරූයක් පිලිබඳ අපගේ විමර්ෂණයක් පහතින්

    Also Read: විරෝධතා රැළියේ සටන් පුවරුවක් යොදාගනිමින් සිදුකළ උපහාසාත්මක සංස්කරණයක්!

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන “හිරගෙට යන්න හිටිය හොරු රජගෙට යව්වෙ මෙන්න මූ තමයි” යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරුපයක් දා සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් මේ දිනවල හුවමාරු වන්නේ ව්‍යාජ සංස්කරණයක් බවයි.

    මෙම සටහන් 2021 වසරේ සිට හුවමාරු වෙමින් පවතින අතර එහි සත්‍ය, මුල් පුවරුවේ දැක්වෙන්නේ “සෑම නාටකයක් පිටුපසම සාටකයක් තිබේ” යනුවෙනි. මෙය සමගි ජන බලවේගය විසින් 2021 ජුලි 13 වනදා කඩවත නගරයේ පැවති විරෝධතාවයක දී භාගේශ්වරී ගුණසේකර  විසින් ප්‍රදර්ශනය කරමින් සිටි පුවරුවක්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-04-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.