Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සෞදි ආරක්ෂක අමාත්‍යවරයා චීන තානාපති කාර්යාලයෙන් ගිනි කෙළි පත්තු කිරීමක් නිසා බිය වුණා ද?

    2025-01-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සෞදි ආරක්ෂක අමාත්‍යවරයා යම් උත්සවයකට සහභාගී වූ අවස්ථාවක ඇති වූ තත්වයක් හේතුවෙන් බියට පත්වී ආරක්ෂාව මැද එම ස්ථානයෙන් පිටව යන බවට සඳහන් කරමින් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන බැව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සෞදි ආරක්ෂක අමාත්‍යවරයා යම් උත්සවයකට සහභාගී වූ අවස්ථාවක ඇති වූ තත්වයක් හේතුවෙන් බියට පත්වී ආරක්ෂාව මැද එම ස්ථානයෙන් පිටව යන බවට සඳහන් කරමින් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන බැවින් අප ඒ පිළිබඳව කරුණු විමර්ශණයක් සිදුකළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

    වීඩියෝවක දැක්වෙන්නේ ආරක්ෂකයින් විසින් වට කර ගත් අරාබි ප්‍රභූවරයෙක් ගොඩනැගිල්ලක දොරටුව වෙත ළඟා වන විට හදිසියේම ඔහුට ප්‍රහාරයක් එල්ල වී බියට පත්ව අවුල් සහගත තත්වයක් ඇති වන බවයි. 

    මෙම වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යවරයා බවත්, ඔහු රියාද්හි චීන තානාපති කාර්‍යාලයට පැමිණ ඇති අවස්ථාවක ඔහුට කලින් නොදන්වා ඔහු පිළිගැනීමට රතිඤ්ඤා පත්තු කිරීම නිසා මෙම තත්වය ඇති වූ බවත් මෙම වීඩියෝවත් සමඟ පළ කළ සටහනෙහි දැක්වෙනවා. 

    ‘රතිඤ්ඤා නිසා සෞදි ආරක්ෂක ඇමති මැද පෙරදිග හොඳම විහිළුව වෙයි’ යනුවෙන් වීඩියෝවෙද සඳහන් කර තිබුණේ මේ අයුරින්.

    Facebook

    මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වෙමින් පවතින අතර, තවත් එවැනි පළ කිරීම් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

    ඒ අනුව මෙම වීඩියෝව මෙම සටහන්වල දැක්වෙන ආකාරයේ සිදුවීමකට අදාළ එකක් ද යන්න අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්,

    කරුණු විමර්ශණය (Fact Check)

    අප මෙම වීඩියෝව reverse image search ඔස්සේ සෙවීමක් කළ අතර එම වීඩියෝව මීට වසර 5කට පෙර YouTube හි පළ කර ඇති ආකාරය දැකගත හැකිවිය.

    වීඩියෝවේ සිරස්තලයේ පරිවර්තනයෙන් පැහැදි වුණේ, මෙම වීඩියෝව ප්‍රභූවරුන්ට පහර දෙන අවස්ථාවන් හසුරුවන ආකාරය පෙන්වන එමීරි ආරක්ෂකයින්ගේ පුහුණු ක්‍රියාකාරකමක් වන බවයි.

    මෙය තවදුරටත් තහවුරු කරගැනීමට මෙහි තොරතුරු සොයා බැලීමක් සිදුකළ අතර ඒ අනුව ලෙබනන් වෙබ් අඩවියක් වන Annahar විසින් ද 2019 දී මෙම වීඩියෝව පිළිබඳ සිදුකළ සත්‍ය පරීක්‍ෂණයක් අපට දැකගත හැකිවිය. ඒ අනුව මෙම වෙබ් අඩවියේ කරුණු දැක්වීම අනුව, වීඩියෝව කුවේට් නගරයේ ජාත්‍යන්තර ප්‍රදර්ශන භූමියේ පැවති ගල්ෆ් ආරක්ෂක අභ්‍යාසයක වීඩියෝවකි.

    අල් හදත් නම් අරාබි නාලිකාවක් මෙම සිදුවීම වාර්තා කර තිබූ අතර, ප්‍රභූවරයෙකුට ප්‍රහාරයක් එල්ල වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා එමිරි ආරක්ෂකයින් ව්‍යාජ අභ්‍යාසයක් පැවැත්වූ ආකාරය විස්තර කරන ඔවුන්ගේ ‘X’ වීඩියෝව ඔබට පහතින් දැක ගත හැකිය. 

    එම නාලිකාවේ වාර්තා කිරීම මඟින්  වීඩියෝව වෙනස් කෝණයකින් දැකගත හැකි අතර සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවට වඩා පැහැදිලිව එය දැකගත හැකි වනවා. එමෙන් ම මෙම පුහුණු කිරීම පිළිබඳව අදාළ ආරක්ෂ අංශ නිලධාරින්ගේ පැහැදිලි කිරීම් ද ඇතුළත්ව මෙම වීඩියෝවේ පසුබිම මෙම නාලිකාව වාර්තා කර තිබෙනවා. එමඟින් මෙම වීඩියෝව ප්‍රභූ ආරක්ෂක පුහුණුවීමක් බව තහවුරු වනවා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    නිගමනය

    සෞදි ආරක්ෂක අමාත්‍යවරයා චීන නිලධාරීන් විසින් ඔහුව පිළිගැනීමට සූදානම් කර තිබූ රතිඤ්ඤාවලින් බියට පත්වී එම ස්ථානයෙන් ඉවත්වන බවට සඳහන් කරමින් සංසරණය වූ වීඩියෝව ඇත්ත වශයෙන්ම යම් කිසි අනාරක්ෂිත අවස්ථාවක ප්‍රභූවරුන් සහ අදාළ ආරක්ෂකයින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආරක්ෂක පුහුණු කිරීමකට අදාළ පැරණි වීඩියෝවක් බව පැහැදිලි වනවා.

    ඒ අනුව ප්‍රහාරයකදී එමිරි ආරක්ෂකයින් ප්‍රභූවරුන් ආරක්ෂා කරන ආකාරය වීඩියෝවේ දැක්වෙනවා. මෙම වීඩියෝව රූගත කර ඇත්තේ 2019 වසරේ කුවේටයේ පැවති ගල්ෆ් ආරක්ෂක සහ අභ්‍යවකාශ ප්‍රදර්ශනයක් අතරතුරදීය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-01-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.