Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගාලු මුවදොර අරගල භුමියේ පරිසරය විනාශ කර තිබූ අයුරුද? (PHOTO)

    2022-04-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගාලු මුවදොර අරගලය හා සම්බන්ධ නොමග යවන සුළු ප්‍රචාර වේගයෙන් සමාජ ජාලා හරහා පැතිරෙනවා. ගාලු මුවදොර අරගලකරුවන් කැලි කසල තැන තැන දමා එහි පරිසරය දූෂණයට ලක්කර ඇති බවට චෝදනා කරමින් වසර ගණනාවකට ඉහතදී ගත් ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප ව

    ගාලු මුවදොර අරගලය හා සම්බන්ධ නොමග යවන සුළු ප්‍රචාර වේගයෙන් සමාජ ජාලා හරහා පැතිරෙනවා. ගාලු මුවදොර අරගලකරුවන් කැලි කසල තැන තැන දමා එහි පරිසරය දූෂණයට ලක්කර ඇති බවට චෝදනා කරමින් වසර ගණනාවකට ඉහතදී ගත් ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්. 

    සමාජ  ජාලා සටහන් 

    දැනට සති කිහිපයක සිට, අප්‍රේල් 09 සිට, ගාලු මුවදොර අරගල භුමියේ රැදී සිටින ආණ්ඩු විරෝධී අරගලකරුවන් විසින් එහි පරිසරය කැලිකසල තැන තැන අවිධිමත්ව දමා  අපවිත්‍ර කර  ඇති බවක් හැගවෙනසේ පළවූ ඡායාරූපයක් විවිධ ශිර්ෂ සහිත පෝස්ටු ලෙස සමාජ ජාලා වල හුවමාරුවී තිබුණා. 

    අරගලයක් කළ හදිය

    ====================

    තැන තැන දැමූ ප්ලාස්ටික් 

    කා අවසන් නොවූ ආහාර..

    දසත විසිරෙන දුර්ගන්ධය ..

    අහෝ ගාලු මුවදොර පිටිය …

    ප්‍රේතයන් , කුම්භාන්ඩයන්..

    පැමිණ අරක්ගෙන …

    කරපු හදියක තරම..

    හිතට සැනසුම ගෙනෙන ..

    නෙතට රසඳුනක් වුන..

    ගාලු මුවදොර කුමරි..

    ප්‍රේතයන් වනසලා…

    දරුවන්ගේ ලෝකයේ …

    සරුංගල් අහස අද..

    දෙස් දෙවොල් හඬින් පිරි…

    කන්නලව්වක් වෙලා …

    අරගලය මුවාවෙන් ..

    වැනසිලා දස දෙසම..

    රැකගන්න වෙහෙසෙන්න..

    බලය නොව පළමුවෙන් …

    හුස්ම දෙන මහ පොළොව..

    රෂිකා සඳමාලි හෙන්නායක 

    2022.04.28

    Facebook | Archived

    සැබැවින්ම ගාලු මුවදොර අරගල භුමියේ පරිසරය මේ දිනවල විනාශ වී තිබු ආකාරය පෙන්වන ඡායාරුපයක් මෙමඟින් පිළිඹිබු වේද?  ඒ පිළිබදව සොයා බැලීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    පළමුව අප මෙම ඡායාරූප Reverse Image Search කිරීමකට ලක්කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූපය 2017 වසරේදී ලබාගත් ඡායාරූපයක් බවයි. 

    මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ 2017 මැයි 1 වන දින, එවකට විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස සිටි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්, ඒකාබද්ධ විපක්ෂය විසින් ගාලු මුවදොර පිටියේ මැයි රැලියක් පැවැත්වීමෙන් අනතුරුව, එයට සහභාගී වූ පිරිස් විසින්, තැනින් තැන කැලිකසල අතහැර දමා තිබු අයුරුයි. විශාල ජන සංඛ්‍යාවක් සහභාගී වී තිබු එම මැයි රැළියේ දර්ශන මෙතනින්

    Daily Mirror පුවත්පතේ වෙබ් අඩවියේ මෙසේ ගෝල්ෆේස් භුමියේ කලිකසල දමා ගොස් තිබු ආකාරය මෙන්ම, අනෙකුත් පක්ෂ විසින් සංවිධානය කර තිබු මැයි රැළි අවසානයේ, අදාළ රැළි සංවිධානය කර තිබු පිටිවල තත්වය සහ පවිත්‍ර කරන අවස්ථාවල ඡායාරුප ද පළ කර තිබුණා. ඒ අතර ගෝල්ෆේස් භුමියේ ඡායාරුපය පහතින්

    සම්පුර්ණ ඡායාරුප එකතුව මෙතනින් Daily Mirror | Archived

    එසේම මේ දිනවල “ගෝඨාගෝගම “, ලෙස හැදින්වෙන ගාලු මුවදොර භුමියේ අරගලකරුවන් රැදී සිටින ප්‍රදේශයේ කසල කලමණකරණය හා සම්බන්ධ සමාජ ජාලා සටහන් අපට දක්නට ලැබුණා .ඒවායින් ඇතැම් ඒවා පවිත්‍රතා ශ්‍රමදාන ආදිය සදහා ආරාධනා කිරීම් ආදියයි.

    මේ එවැනි සමාජ ජාලා සටහන් සටහන් කිහිපයක් .

    Facebook | Archived Facebook | Archived

    තවද අරගල භුමියේ කසල බදුන් පිරී ඉතිරී යාම නිසා යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇති අයුරු පහත ඡායාරූප වලින් පෙනෙනවා.

    Facebook | Archived

    අප්‍රේල් 30 දින, එනම් මෙම සටහන ලියන අද දින, සවස සංවිධානය කර ඇති පවිත්‍රතා වැඩසටහනකට ආරාධනයක් සිදු කර ඇති අයුරු පහතින්. 

    Facebook | Archived 

     අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වුයේ ගාලු මුවදොර කැලි කසල වලින් අපවිත්‍රව ඇති ආකාරය දැක්වෙන ඡායාරුපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය, වර්තමාන ගාලු මුවදොර අරගල භුමිය හා සම්බන්ධයක් නොමැති බවයි. එම ඡායාරූපයේ දැක්වෙන්නේ 2017 වසරේ දී ඒකාබද්ධ විපක්ෂයේ නායකයාව සිටි වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයනේ, එවකට ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබු මැයි දින රැලියක් පැවැත්වීමෙන් පසු, රැලියට සහභාගීවූ පිරිස් විසින් එහි තැනින් තැන කැලි කසල දමා ගොස් තිබූ අයුරුයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-04-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.