Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මාධ්‍ය හා සමාජ ජාලා හරහා හුවමාරු වන්නේ කින්නියාවල සිදුවූ පාරු අනතුරේ ඡායාරූපයක්ද?

    2021-11-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කින්නියාවල සිදුවූ පාරු අනතුරත් සමගම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඒ පිළිබද දැඩි අවධානයක් යොමු කළා. ඒ හා සමගම මේ සම්බන්ධයෙන් වන වාර්තා බොහෝමයක් පළ වුණා ,ඒ විවිධ ඡායාරූපද සමගින්. පුවත්පත්වල මුල් පිටුවල ඡායාරූප, වෙබ් අඩවි සමාජ ජාලා ආදියේ මේ හා සම්බන්ධ ව්‍යාජ ඡායාරූප

    කින්නියාවල සිදුවූ පාරු අනතුරත් සමගම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඒ පිළිබද දැඩි අවධානයක් යොමු කළා. ඒ හා සමගම මේ සම්බන්ධයෙන් වන වාර්තා බොහෝමයක් පළ වුණා ,ඒ විවිධ ඡායාරූපද සමගින්. පුවත්පත්වල මුල් පිටුවල ඡායාරූප, වෙබ් අඩවි සමාජ ජාලා ආදියේ මේ හා සම්බන්ධ ව්‍යාජ ඡායාරූපයක් පළ වී ඇති බවට අපගේ අවධානය යොමු වුණා. මේ ඒ සම්බන්ධයෙන් අප සිදුකළ විමසුමක්. 

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක් මගින් මෙම සටහන අන්තර්ජාලයට එක්කර තිබුණේ ඡායාරූපයක්ද සමගින්. 

    අපේ රටට ඇත්තටම අවශ්‍ය නෙළුම් කුළුණුද,මැණික් කුලුනුද,
    මෙවන් අකල් මරණයන් උපදින කිසිම ආත්මයක නොවේවා 
    නිවන් සුව ලැබේවා 
    ත්‍රිකුනාමලය කින්නියා පෙරපාසල් ළමුන් රැගත් පාලම් පාරුව අනතුරට ලක්වී මියගිය සියලු දෙනාටම
    නිවන් සුව අත්වේවා

    Facebook | Archived

    මෙම ඡායාරූපය හා මේ හා සම්බන්ධ සටහන් ෆේස්බුක්අවකාශය  පුරා පැතිර පැවතියේ මෙලෙසින්.

    ඇතැම් පුවත් වෙබ් අඩවියද මෙම ඡායාරූපය යොදා තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    Archived Link | Archived Link | Archived Link

    Fact Check: සත්‍ය තොරතුරු විමසා බැලීම. 

    Google Reverse Image Search මගින් මෙම ඡායාරූපය පිළිබදව විමසුමක් කර බැලීමේදී තහවුරු වූයේ මෙය කින්නියා පාලම් පාරුව සමග සම්බන්ධයක් නැති බව සහ වසර කීපයකට පෙර බෙන්තර ගඟේ, හොරවල තොටුපල අසලදී වතුරේ පාවී ආ ලී කොටයක් සමග ගැටීම නිසා අනතුරට ලක්වූ පාලම්පාරුවේ ඡායාරූපයක් වන බවයි.

    2016 වසරේ ජුනි මාසයේ සිදුවූ එම සිද්ධිය  සම්බන්ධයෙන් විස්තර ඇතුළත් ලංකාදීප වාර්තාවක් පහතින් .

    Lankadeepa | Archived

    මෙහි දක්නට ලැබෙන ඡායාරූපය හා සමානම ඡායාරූපයක් 2017 වසරේ දී දිනමිණ පුවත්පතේ වෙබ් අඩවියේ පළව තිබුණේ මෙලෙසින්. එහි සඳහන්ව ඇත්තේ ගිලුණු පාලම්පාරුව වෙනුවට නව පාලම් පාරුවක් යෙදවීමට වලල්ලාවිට ප්‍රාදේශීය සභාව කටයුතු යොදා ඇති බවයි.

    Dinamina | Archived

    කින්නියා පාලම් පාරුව හා සම්බන්ධ සැබෑ ඡායාරූප හා වීඩියෝ කෙරෙහිද අපගේ අවධානය යොමු විය.

    එහිදී සත්‍ය සිදුවීමේ පාලම් පාරුව අපට ශ්‍රී ලංකා නාවික හමුදා ෆේස්බුක් පිටුව හරහා දැකගන්නට ලැබුණා.

    Facebook | Archived Link 

    එම ෆේස්බුක් පිටුවේ දක්වා තිබූ වෙනත් කෝණවලින් ලබා ගත් තවත් ඡායාරූප එකතුවක් මෙතනින්.

    ලංකාදීප වෙබ් අඩවිය සත්‍ය පාරුවේ ඡායාරූප සටහන්ද සහිතව එය වාර්තා කර තිබුණු ආකාරයයි. 

    Lankadeepa | Archived

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සහ සත්‍ය ඡායාරූපයේ පසුබිමෙහි සමානකම් හේතුවෙන් හා පාලම් පාරුව පෙරලීමෙන් වූ සිදුවීමක් හේතුවෙන් එම අවස්ථාව නියෝජනය කිරීමට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙම ඡායාරූපය යොදා ගත් බවට උපකල්පනය කළ හැක.

    පාලම් පාරුව ගිලීයාම හා සම්බන්ධව සැකසුනු යූ ටියුබ් වීඩියෝවක් පහතින්. 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ ඉහත සමාජ ජාල සටහන් වල කින්නියා පාලම් පාරුවේ යයි පවසමින් හුවමාරු වන ඡායාරූපය 2016 වසරේදී බෙන්තර ගගේ හොරුවල තොටුපල අසලදී පාලම් පාරුවක් අනතුරට ලක්වූ අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක් වන බවයි.එම නිසා මෙම ඡායාරූපය නොමග යවන සුලු එකකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-11-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.